සංචාරකයෙකුට සෙරෙප්පුවෙන් ගැසූ තරුණයා පොලිස් අත්අඩංගුවට

slippercase

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වූ ඇල්ල ප්‍රදේශයේ දුම්රියේ ගමන් කරමින් සිටි සංචාරකයෙකුට සෙරප්පුවකින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවේ සිටි තරුණයා ‍පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව බණ්ඩාරවෙල පොලීසිය මඟින් ඊයේ (22) දිනයේ කළ විමර්ශනයකින් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු විසින් මෙලෙස සෙරප්පුවෙන් පහර දී තිබුණේ උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටින විදෙස් සංචාරක කාන්තාවකටයි.