ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියක්

OIP

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව ඉන්ෆ්ලුවෙන්සා A වෛරස ප්‍රභේදය දිවයින පුරා පැතිරගොස් ඇති බවට සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

දිවයින පුරා රෝහල් 19 ක බාහිර රෝගී අංශවලට පැමිණෙන රෝගීන්ගෙන් ලබාගත් සෙම පටල පරික්ෂාවේදී මේ බව තහවුරු වී තිබෙනවා.

මේ වන විට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කුරුණෑගල, පොළොන්නරුව, හලාවත, රාගම හා දකුණු කොළඹ ශික්ෂණ රෝහල්වලින් බවයි සඳහන් වන්නේ. ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ ලෙස උණ, ඇඟපත වේදනාව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතාව පවතින අතර එම රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උප‍දෙස් ලබා ගන්නා ලෙසයි වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කළේ.