ජනාධිපති කොමිෂන් සභා 05ක් වෙනුවෙන් රුපියල් කෝටි 19කට අධික මුදලක් වැය කරලා

collage

ශ්‍රී ලංකාවේ සිදුවූ අපරාධ,වංචා දූෂණ, අක්‍රමිකතා මෙන්ම සමාජ ගැටලු
විමර්ශනය කිරීම වෙනුවෙන් 2010 සිට 2016 දක්වා කාලය තුළදී පමණක් ස්ථාපිත
කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභා 5ක් වෙනුවෙන් රුපියල් දහනව කෝටි පනස් – ලක්ෂයකට අධික මුදලක් වැය කර තිබෙන බවට තොරතුරු අනාවරණය වේ.

මෙම තොරතුරු අනාවරණය වූයේ 2022.05.05 දිනැතිව 2010 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා කාලය තුලදී පවත්වනු ලැබූ ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා තොරතුරු ඇත ගැනීමේ පනතට අනුව අයදුමිපත කිහිපයක් යොමු කිරීමෙන් පසුව, ඉන් එක් අයදුම්පිතයක් වෙනුවෙන් ලබාදුන් පිළිතුරු තුළිනි.කෙසේ නමුත් අදාළ තොරතුරු ඉල්ලීමක් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා විසින් එම තොරතුරු ,තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනතේ 5(1) (අ)
සහ 5(1) (ඌ) වගන්තීන්ට ප්‍රකාරව ලබාදීමට නොහැකි බව දක්වන ලද අතර, ඒ
සම්බන්ධයෙන් නම් කළ නිලධාරීයා හට අභියාචනා කිරිමෙන් පසු ඉල්ලා සිටි එම
තොරතුරු තුලින් කොටසක් ලබාදීමට කටයුතු කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉල්ලා සිටි තොරතුරු අතර, 2010 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා කාලය තුළදී කොපමණ ජනාධිපති විමර්ෂන කොමිෂන් පිහිටුවා තිබේද? එම කොමිෂන් සභා පිහිටුවනු ලැබුවේ කුමන කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටද ඉහත කොමිසන් සභා වෙනුවෙන් පමණි මුදලක් යොදවා තිබේද යන්න කොමිෂන් සභා අනුව වෙන් වශයෙන් තොරතුරු ලබාදෙන්න.එම කොමිෂන් සභා මගින් ලබාදුන් තීන්දු තීරණ මොනවාද යන්න ඒ ඒ කොමිෂන් සභා අනුව සාරාංශගත තොරතුරු වෙන් වශයෙන් ලබාදෙන්න.එම කොමිෂන් සභා මගින් ලබාදුන් තීන්දු තීරණ ක්‍රියාත්මක කර තිබේද?

එම තීන්දු ක්‍රියාත්මක කර තිබේ නම් එමගින් ලබා දී තිබෙන ප්‍රගතිය
සම්බන්ධයෙන් ඒ ඒ කොමිසම අනුව වෙන් වශයෙන් තොරතුරු ලබාදෙත්ත. මේ ආකාරයෙන් ඉල්ලා සිටි තොරතුරුවලට අදාලව පිළිතුරු ලබා දී ඇත් වාර්ෂිකව ජනාධිපති කොමිෂන් සභා වෙනුවෙන් සිදුකළ වියදම් හා පවත්වන ලද කොමිෂන් සභා සම්බන්ධ තොරතුරු පමණක් වේ. එමෙන්ම බැඳුම්කර වංචාව ඇතුළුව 2017 සිට 2021 දක්වා කාලය තුළදී පවත්වනු ලැබූ ජනාධිපති කොන් සභා වෙනුවෙන් සිදුකළ වියදම් ඒවායේ ප්‍රගතීන් සම්බන්ධයෙන් ඉල්ලා සිටි තොරතුරු මේ වනතක් ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කර නොමැත.

එමෙන්ම ඉහතින් පෙන්වා දෙනු ලැබූ රුපියල් කෝටි 19ට අධික මුදලක් වැය
කරමින් පවත්වනු ලබූ ජනාධිපති කොමිෂන් සභා අතර, 2010.08.05 වන දින පත්කරන ලද රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂය සුසන්ත අනුර බණ්ඩාර මහතාගේ මරණයට අදාල කරපු පරීක්ෂා කිරීම සඳහා වන පරික්ෂණ කොමිෂන් සභාව, 2010.05.15 දින පත්කළ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන පිළිබදව වූ පරික්ෂණ  කොමිෂන් සභාව, මාතලේ මහ රෝහල් පරිශ්‍රය තුළදී හමුවූ මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් වූ කරුණු විමර්ශනය කිරීම් පරික්ෂණ කොමිසන් සභාව, එමෙන්ම 2013 08.12 දිනපත් කළ 1983.01.01 සිට 2009.05.19 දින දක්වා කාලය තුළදී උතුරු හා නැගෙනහිර පළාත්වල අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ෂනය කිරිම් කොමිෂන් සභාව, 2015 0.3.03 දින පත්කරනු ලැබූ 2010 ජනවාරි මස 10 වැනි දින සිට 2015 ජනවාරී මස 10වැනි දින දක්වා කාලසීමාව තුළ සිදුවූ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම
සම්බන්ධයන් විමර්ශනය කිරීම සදහා වූ පරිමාණ කොමිෂන් සභාව මේ අතර වේ.

මේ ආකාරයෙන් රුපියල් කෝටි 10කට අධික මුදලක් වැය කරමින් කොමිෂන් සභා
පත්කරනු ලැබුවත්, ඉන් ලබාදුන් නිර්දේශ කොතරම්දුරට ක්‍රියාත්මක කර තිබේද?
එමෙන්ම අගතියට පත් වින්දිතයන්ට කොතරම් දුරට යුක්තිය ඉටුවී තිබේද යක්ක
සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

රහුල් සමන්ත හෙට්ටිආරච්චි