පෙරටුගාමී විරෝධය අවහිර කරන්න ඉල්ලීමක් කළේ නැහැ : තානාපති කාර්යාලය

US embassy SL
ඊයේ(9) එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරෝධතාවක් පවත්වනු ලැබුවා.
එහිදී එය නැවතීමට පොලීසිය කටයුතු කළ අතර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කළ ඇමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්යාලය සඳහන් කරන්නේ සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙදාහදාගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූල බවයි.
වැඩිදුරටත් එම ලිපියේ දැක්වෙන්නේ  එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැති බවයි.
ලිපියෙන් උපුටා ගැනීමක්
‘‘අද දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපට පවත්වන්නට නියම කරගෙන තිබූ පෙළපාළියක් අවහිර කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බව අපි දන්නෙමු. එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැත. සෑමවිටකම මෙන් රටේ සිටින තානාපති ආයතන දරන වෑයම් සහ මුහුණු ආවරණ පැළඳීමට නියම කිරීම, මහජන රැස්වීම්වල විශාලත්වය සීමා කිරීම සහ අනෙකුත් ක්‍රියාමාර්ග හරහා කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා ඔවුන් විසින් දරනු ලබන අඛණ්ඩ වෑයම් අපි අගය කරන්නෙමු.’’