විදේශ ආයෝජකයින් ලංකාවට

1 (28)
නතර වී ඇති සංවර්ධන කටයුතු යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
යළිත් වරක් එම සංවර්ධන කටයුතු සිදුකිරීමට අයෝජකයින්ට ආරාධනා කර සිටින බවයි තංගල්ල වනවාස කුඩා විහාරයේ පැවති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
රටේ සම්පත් විකිණීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් පසුගිය රජය චිසින් සිය පාලන සමයේ සිදුකළ සංවර්ධන කටයුතු අතහැර දමා තිබු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.