ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා මූලස්ථාන-විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය විවෘත කෙරේ

0c54807c19b5ff894b3b3b46427724b51b9d9f8a
අති නවීන පහසුකම් සහිතව පැලවත්ත අකුරේගොඩ ප‍්‍රදේශයේ ඉදි කෙරුණු ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා මූලස්ථානය, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද විවෘත වුනා.
යුද, ගුවන් සහ නාවික යන ති‍්‍රවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම ඉදි කිරීම් ඇරඹුණේ 2011 වසරේ මාර්තු මස 11 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ මගපෙන්වීම යටතේ මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරිණි.
නව යුද්ධ හමුදා මූලස්ථානය ඉදිරිකිරීම සඳහා ඇස්තමේන්තු ගත කළ මුදල රුපියල් මිලියන 53 යි දශම 3 ක්. ශී‍්‍ර ලංකාවේ මෙතෙක් කි‍්‍රයාත්මක වූ විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය ද මෙය බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ
නව යුද හමුදා මූලස්ථානයේ CCTV කැමරා පද්ධති නිරීක්ෂණය වෙනුවෙන් LCD තිර 16 ක් ද ස්ථාපිත කර තිබෙනවා.   විදුලි සෝපාන   19 ක් ද මෙහි වේ.
දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ව්‍යාප්තව පවතින ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ප‍්‍රධාන කාර්යයාල, මෙම සංකීර්ණය තුළ ස්ථාපිත කෙරෙනු ඇති. යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ගත් ගොඩනැගිලි සඳහා මාසිකව රුපියල් මිලියන 50 කට අධික මුදලක් වැය වී ඇති අතර දැන් එය ඉතුරු කර  වනු ඇත.