යුද්ධයේ බිහිසුණු බව යුධ සමයේදීම දකුණේ මෙන්ම යුද්ධය පැවති උතුරේද ප්‍රේක්ෂක රසඥතාවය වෙනුවෙන් නිර්මාණාත්මකව රංග ගත කිරීමට ධර්මසිරි බණ්ඩාරනායකයන් ඇතුළු නාට්‍ය කණ්ඩායමක් ප්‍රයත්න දැරූවේ උඩුගං බලා යන චාරිකාවක් පරිද්දෙනි. ලෝක ප්‍රකට යුධ විරෝධී නාට්‍යයක් වන ඉයුරිපිඩීස්ගේ (Euripidies) Trojan Women නම් නාට්‍යය ලංකාවේ ට්‍රොජන් කාන්තාවෝ’ නමින් කරලියට සැපත් වන්නේ එ් අප්‍රතිහත උත්සහයේ ප්‍රතිඵලය ලෙසිනි. දිගු නිහැඩියාවක රළු පරළු සමගින් සෞන්දර්ය අනූනව මුසු වූ ඒ 18 වසරක සැමරුම වෙනුවෙන් මේ මස 09 වන දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී විශේෂ නාට්‍ය දර්ශණයක් රඟදැක්වීමට ලහි ලහියේ කටයුතු සූදානම් වන මේ මොහොතේ ඒ ගැන වැඩිදුර පිළිසදරකට එකතු වූ ධර්මසිරි බණ්ඩාරණායකයන් බොස්ටන් ලංකා වෙත අදහස් පළ කලේ මෙලෙසිනි.
දිගු කාලයක නිහැඬියාවකින් පස්සේ ආහපු මේ නාට්‍ය පෙන්වන්න තීරණය කලේ ඇයි?
මේ නාට්‍ය පහුගිය අවුරුදු දෙකක කාලය තුල රඟදැක්වීමට නොහැකි වුනේ මේ නාට්‍යයේ ප්‍රධාන නිළිය වන අනෝජා වීරසිංහ ඇගේ අධ්‍යාත්මික වැඩසටහනක් සමඟ සම්බන්ධව කටයුතු කළ නිසා නාට්‍ය කටයුතු සඳහා වෙලාවක් වෙන්කරගැනීමට නොහැකිවී නිසා.
ඒත් වෙනක් කෙනෙක් පුහුණු කරල මේ නාට්‍ය කරන්න තිබුනනේ?
ඔව්, අනෝජා මට එහමත් කීව. ඒත් මට මේ වගේ චරිතයක් පුහුණු කරන්න දැන් මහන්සි වෙන්නත් අමාරුයි. ඒ වගේම අද කොයි තරම් නිළියන් හිටියත් එදා අනෝජා කළ මට්ටමට ඒ චරිතය නිරූපණය කරන්න සුදුසු නිළියක් හොයාගන්න මට බැරිවෙලා තියෙනවා. ඒ තරමටම මේක දැන් කාන්තාරයක් වෙලා තියෙන්නේ. කිසියම් දෙයක් කීවම ඒක අවබෝධ කරගෙන රංගනයේ යෙදීමේ හැකියාව අද නිළියන්ට ඇත්තේම නෑ.
මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්න හේතුව මොකද්ද?
අපි එදා නාට්‍යයක් කලේ සීරියස් වැඩක් විදියට. නාට්‍ය කලාවට යොමුවුනෙත් කිසියම් අධ්‍යාපන මට්ටමක් තිබුණු, රංගන කුසලතාවයක් තිබුණු අය, අනික ඒ අය නාට්‍ය වෙනුවෙන් කැපවුනා. ඒ අය කිසිම වෙලාවක ජනප්‍රියත්වය පසුපස හඹා ගියේ නැහැ. ඒ අයගේ දක්ෂතාවය තුලින් ජනප්‍රයත්වය හිමිවුනා. ප්‍රේමා ගණේගොඩ, අනුලා කරුණාතිලක වගේම මාලනී ෆොන්සේකා පවා වේදිකවෙන් තමයි සිනමාවට පිවිසියේ.ඒ අය වේදිකාවේ වගේම සිනමාවෙත් තමන්ගේ දක්ෂතාවයක් ප්‍රදර්ශණය කලා. මේ නිසා සිංහල ප්‍රේක්ෂකයන් මේ අය ආදරයෙන් වැළඳගත්තා. ඒ වැළඳගත්තේ ජනප්‍රියත්වය නිසාම නෙවේ. දක්ෂතාවයත් නිසා. නමුත් අද තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. අද නාට්‍ය වලට එන අයගේ ඉලක්කය ටෙලි නාට්‍යයකට ගිහින් ජනප්‍රිය වීම. එදා හිටපු ප්‍රේක්ෂකයන් අද වඳභාවයට පත්වෙලා තියෙනවා.
අද වෙනකොට නාට්‍ය පිලිබඳව විවිධාකාරයේ අධ්‍යාපන අවකාශයන් විවෘත වී තිබීම තුල මේ වගේ තත්ත්වයක් අතිවෙලා තියෙන්න හේතුව මොකද්ද?
අන්න ඒක තමයි කණගාටුවට කාරණාව. මේ පාඨමාලාවල ඉගෙනගන්න අය බලන්න යන්නෙ ඒ අයගේ සිලබස් එකේ තියෙන් නාට්‍ය විතරයි. වෙනත් නාට්‍ය ගැන හිතන්නෙවත් නෑ. මොකද ඒ අයගේ අරමුණ නාටය කාලාව ඉගනෙගැනිම නෙවේ. විභාගය සමත්වීම. අද වෙනකොට තරුණ පරම්පරාවට නාට්‍ය කලාව ඉගෙන ගැනීමට සැබූ වුවමානාවක් තියෙනවානම් අද නාට්‍ය ශාලා පිරිල ඉතිරිලා තියෙන්න ඔන.මේකෙන් පේනවා අද අපේ ප්‍රෙක්ෂකාගාරයට අත්වෙලා තියෙන ඉරණම. මේ වගේ විෂයක් උගන්වන්නේ නැති කාලෙක තමයි ලංකාවේ දැවැන්ත නාට්‍ය නිර්මාණයන් වගේම ප්‍රේක්ෂකාගාරය පවා පිරිල ඉතිරිලා ගියේ. මේ ගුණාත්මක නාට්‍ය නරඹපු ප්‍රේක්ෂකයොම තමයි සිනමා ශාලාවටත් පිවිසුනේ. මේ නිසා මේ අංශ දෙකේම දියුණුවක් ඇතිවුනා.
මේ තත්ත්වය ඇතිවීමට ආර්ථිකය කියන කාරණාවත් බලපාල තියෙනවා නේද?
මේ සමාජයේ හැම එකක්ම තීරණය කරන්නේ මුදල් මතනේ. නාට්‍ය වලට සම්බන්ධ වන ශිල්පීන් පවා අද වෙනකොට තමන්ට කීයක් ගෙවනවාද කියල අහල තමයි නාට්‍යකට සම්බන්ධ වෙන්නේ. මේක හොඳ ලක්ෂණයක් වෙනවා නාට්‍ය කලාව වගේම සිනමාවත් වෘත්තීය පදනමක් දක්වා ගොඩනැඟී තිබෙන පරිසරයක. වෘත්තීය තත්ත්වයකදී ඒ අය රංගනය පිලිබඳව හැදෑරීමක් කරනවා. නමුත් අද මේ අයගේ හැදෑරීමක් අපිට දකින්ට ලැබෙන්නේ නෑ. අද වෙනකොට නාට්‍ය වල පිටපතක් නෑ. නළුවන්ට ඕන ඕන දෙවල් කියන තත්ත්වයකට ඇවිත් තියෙන්නේ. ඒ අයගේ එකම අරමුණ ප්‍රේක්ෂකයන් හිනාගැස්සවීම. අද පත්තරේ මොනවා හරි නිවුස් එකක් තියෙනවා නං ඒක්ත් තියෙනවා නාට්‍යයේ දෙබසක. මෙහෙම කොහොමද නාට්‍යයක් කරන්නේ. නාට්‍ය පිටපතකින් කරන්නේ නාට්‍යයට මඟපෙන්වීක් කරනඑක. ඒත් අද හැමෝම අයාලේ යන තත්ත්වයට පත්වෙලා තියෙනවා. නාට්‍ය ඇතුලු සියළුම කලාවන් වගකීමෙන් තමයි කරන්න ඕන. අද අවාසනාවකට නැත්තටමනැතිවෙලා තියෙන්නේත් ෙම්කම තමයි.
යුද්ධය අවසන්වෙලා තියෙන වකවානුවක යුද්ධය ගැන නැවත නිර්මාණයන් කිරීම ගැන ඔබගේ අදහස මොකද්ද?
අද වෙනකොට අපේ රටේ යුද්ධයක් තිබුනද කියලවත් හැගීමක් නැතිව නැවත යුද්ධයක් නිරමාණය කිරීමේ අදහසින් තමයි සමහර අන්තවාදී කණ්ඩායම් හැසිරෙන්නේ සහ වැඩකරන්නේ. මේ වගේ තත්ත්වයක් තුල අපි නැවතත් මේව පිළිබ`දව කියවීමක් අත්‍යවශ්‍යයි. මොකද අපි යුද්දෙන් හො`දට බැටකාලනට්ටංවෙච්ච රටක්. මේ රටේ කොච්චර මිනිස්සුන්ගේ ජීවිත ඒකෙන් අහිමි වෙලා ගියාද.අනාගත පරම්පා කීයක ජිවත්වීමේ අයිතිය මේ කුරිරු යුද්ධයෙන් බිල්ලට අරගත්තද.මේව ගැන යුද්ධයට අරඅදින් අයට කිසිම වගක් නෑ. කලා කරුවන් විදියට අපේ යුතුකම සහ වගකීම තමයි එවැනි ගැටුමින් තොර නිදහසේ ජීවත් වීමේ අවකාශය නිර්මාණය කිරීමට අවශ්‍ය බුද්ධිමය සංවාදය ඇතිකිරීම ඒ කාර්යය අපි පුද්ගලික මට්ටමින් හෝ කිරීමට යොමුවී සිටිනවා.