සටහන : පාලිත අබේලාල්
විවිධ අත්හදාබැලීමේ ඔස්සේ නාට්‍ය කලාවේ නව මානයන් සොයායාමේ නොතිත් ආශාවකින් පෙළෙන රුවන්ති ඩී. චිකේරා‘Dear Children, Sincerely Z නමින් නවතම ආකෘතියක නාට්‍යමය අත්දැකීමක් තිළිණ කිරීමට සූදාන්ම් වී සිටී.
ලාංකීය ඉතිහාසයේ මෑතකාලීනව සිදුවූ ප්‍රබල ඓතිහාසික සිදුවීම් හතක් කේන්ද්‍ර කරගනිමින් දිවෙන මෙම නාට්‍යයේ තවත් සුවිශේෂී දර්ශණ වාරයක් මේ මස 5 සහ 6 යන දෙදින තුල කොළඹ ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේදී සවස 7 ට වේදිකාව සැරසීමට ලහි ලහියේ කටයුතු සූදානම් වෙන මේ මොහොතේ ඒ පිළිබද ඇය බොස්ටන් ලංකා හා සිය අදහස් පළ කළේ මෙලෙසිනි.
මේ කාර්යය පිළිබඳව හැඳින්වීමක් කළොත්?
මේ නාට්‍ය නිර්මාණය ඇත්තටම දීර්ඝ ව්‍යාපෘතියක එක් අවස්ථාවක් කියල හැඳින්වුවොත් මම නිවැරදියි කියල හිතෙනවා. මෙක අපි අරම්භ කළේ මිට අවුරුදු දෙකකට විතර ඉස්සර. මේ නාට්‍ය කිරීමේ අරමුණ වුනේ නවසිය තිස් ගණන්වල ඉපදුණු අයගේ අත්දැකීම් එකතු කරමින් ඔවුන් අද ලංකවේ තත්ත්වය පළිබඳව දක්වන්නේ මොනවගේ ආකල්පයක්ද යන්න පිළිබඳව තොරතුරු එක්රැස් කිරීම තමයි අපි මේ කාර්යයේදී මුලින්ම සිදුකළෙ.
මෙතනදී නවසිට තිස්ගණන්වල ඉපදුණු අය මේ කාර්යය සඳහා යොදාගැනීමට හේතුවුනේ ඇයි?
මේ අයට ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයන් පිළිබඳව අත්දැකීම් රාශියක් තියෙනවා. විශේෂයෙන්ම බි්රතාන්ය පාළන කාලයේ අත්දැකීම් මේ අය ලබන්නේ කුඩා අවධියේ. එතකොට නිදහස් රටක් බවට පත්වෙන්නේ මේ අය යොවුන් අවධියේ. ඊට පස්සේ මේ අයගේ තරුණ අවධියේ තමයි විවිද සමාජ පෙරළීම් රැසක් සිදුවෙන්නේ. මෙයට අමරතව වාමාංශික ව්‍යාපාර වල නැඟීම වගේම ඒ ව්‍යාපාර වල කඩාවැටීම, තරුණ විප්ලයන් පැණ නැඟීම, සිදුවෙන්නේ මේ අයගේ මැදි වයසෙදි. එම ව්‍යාපාර මැඩපැවැත්වීම, ආර්ථික ක්රමයන්ගේ වෙනස්වීම්,. ඒ අයගේ ජීවිතය කියන්නේ අපේ රටේ ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක් වෙනවා. මේ පිරිස් එම අතීතය අද දකින ආකාරය වගේම ඒ අය ඒ ඒ අවස්ථාවන් හිදී ගණු ලැබූ තීරණයන් පිළිබඳව අද සිතන ආකාරය අපි මේ නිර්මාණ කාර්යයට යොදාගත්තා.
මේ වගේ තොරතුරු එක්රැස් කිරීමකින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?
ඇත්තටම වර්තමාන තරුණ පරපුර අපේ රටේ ඉතිහාසය පිළිබඳව ඇත්තේ අඩු අවධානයකුයි. මම මේ කියන්නේ රජ කාලේ ඉතිහාසය ගැනවත්, පන්තියේ ඉතිහාස පාඩමට උගන්වන ඉතිහාසය ගැනවත් නෙවෙයි. ඒ ඉතිහාසය ඉගැන්වීමේ පවා ගැටළු තියෙනවා. නමුත් ලංකා ඉතිහාසයේ සීග්‍ර වෙනස්වීම් රැසක් සිදුවූ මේ කාල වකවාණුව පිළිබඳව නිවැරදි වගේම ගැඹුරු අවබොධයක් ඇති පිරිස් බොහොම අතළොස්සක් තමයි ඉන්නේ. ඇත්තටම මේ නොදැනුවත් කම අද දවසේ බොහෝ ප්රශණ ඇතිවීමට හෙතු වී තිබෙන බවයි මගේ අදහස. මෙන්න මේ රික්තකය පිරවීම තමයි අපේ අරමුණ.
මේ අත්දැකීම් සහ නාට්‍ය නිර්මාණ අතර ඇති සම්බන්ධය පිළිබඳව පැහැදිළි කළොත්?
අපි මේ නාටය නිර්මාණ කාර්යයට යොදාගනු ලබන්නේ ඒ අත්දැකීම්. මේ අත්දැකීම් ලබාගැනීමට අපි සමාජයේ විවිද තාරාතිරම් වල අය හමුවීමට අපි ගියා. එතනදී ලබපු අත්දැකීම තුලින් තමයි මේ නාට්‍ය නිර්මාණයන් කිරීමට අවශ්‍ය වස්තුබීජයන් යොදාගනු ලබන්නේ. මේ නාට්‍ය විනාඩි 10 ක් 15 ක් වැනි කාලයක් තුළ රඟදක්වා අවසන්වන නාට්‍ය. මොකද අපිට කවදාවත් බෑ මේ සමස්ථ අත්දැකීම් එකතුකරල එක නාට්‍යයක් කරන්න. නමුත් මේ නාටය තුළින් ගැඹුරු සාකච්ඡාවන්ට මාර්ගයන් විවර කිරීමේ ඉඩකඩ නිර්මාණය කිරීම විශේෂත්වයක් වෙනවා.
එතකොට මේ නාට්‍යවල රංග අකෘතිය නිර්මාණය වීම සිදුවෙන්නේ කොහොමද?
ඇත්තටම මේ නාට්‍ය නිර්මාණයන් සිදුවෙන්නේ අපි සාමාන්‍යයෙන් අත්දකින සාම්ප්‍රදායික ක්‍රමයට නොවෙයි.ඩිවයිස් තියටර් නමින් තමයි මේ නාට්‍ය නිර්මාණ ක්‍රමවේදය හඳුන්වන්නේ. මේක ලෝකයේ නාට්‍ය නිර්මාණය කරනා තවත් එක් ක්‍රමවේදයක්. එතනදී අපි මේ ඉන්ටවීව් තමයි මූලාශ්‍ර කරගන්නේ. එතනදි නාට්‍ය කණ්ඩායම සමඟ සාකච්ඡා කරමින්, පුහුණුවීම් කරමින්, අනවශ්‍ය දේවල් ඉවත් කරමින්, අවශ්‍ය දේවල් එකතුකරමින් දීර්ඝ කාලයක් ගතකරමින් සිදුකරණ නිර්මාණ කාරයයකටත් වඩා ගවේෂණයක් කියල කියන්න පුළුවන්.
මෙම නිර්මාණ වලදී රංගන ශිල්පීන් හට විශාල කාර්යභාරයක් යොමුවෙනවා නේද?
ඔව්, මේ අය නිරන්තරව මේ කාර්යයන් සමඟ සිටීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද අනෙක් නාට්‍ය වගේ නෙවෙයි මේ නාට්‍ය. කිසිම ආකාරයකින් බොරුවක් කිරීමට ඉඩකඩක් නෑ. මේ නිසා මේ අය නිරන්තර අධ්‍යන කාර්යයක නිරතවීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. එතනදී සිදුවෙන වැදගත් දෙයක් තමයි මේ කණ්ඩායම අතර දැනුම හුවමාරුවීමේ කාරයය. එයින් කණ්ඩායම තුළ හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගීමට අවකාශය සැළසෙනවා. අනෙක් කාරණය තමයි මේ නිර්මාණ සාමූහික අදහස් මත ගොඩනැගේන්නක්. මේ නිසා
වෙමින් තමයි ගොඩනැගෙන්නේ. එතකොට තමන්ගේ කියන හැඟීම ඇතිවීම තුළ සාර්ථක නිර්මාණ කාර්යයකට අවශ්‍ය පරිසරය නිර්මාණය තුලින්ම ගොඩනැගීම විශේෂත්වයක් වෙනවා. මේ කණ්ඩායම තුළ ස්ථිරව මම මේ දේ කරන්නේ කියල කිසිම කෙනෙක් සම්බන්ධ වෙලා නෑ. මේ කාර්ය අතරතුර ඒ අය ඒ ඒ කාර්යයන් බාරගෙන කරනවා. මටත් වඩා අධ්යක්ෂණ හැකියාවක් තියෙන කෙනෙක් මතුවුනොත් එයා ඒ කාර්යය බාරගනීවී.
එතකොට මේ නාට්‍ය නිර්මාණ ආකෘතියේ අධ්යක්ෂ කාර්යභාරය කුමක්ද?
මගේ කාර්යභාරය තමයි මේ සියල්ල මැනවින් සංයෝජනය කිරීම. කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම දායකත්වය ලබාගනිමින් නාට්‍ය නිර්මාණය සාර්ථක අයුරින් ගොඩනඟාගැනීමට පරිසරය නිර්මාණය කිරීම. නාට්‍යයේ නිර්මාණාත්මකව ගොඩනැඟීමේ කාර්යයේදී අනවශ්‍ය දේවල් ඉවත් කිරීම වගේම අවශ්‍ය දේවල් එකතුකිරීම වගේ වගකීම් සහගත අසීරු කාර්යයක් තමයි මේ ආකෘතියේ නාට්‍ය නිර්මාණ වල අධ්‍යක්ෂක කාර්යයක් කියන්නේ.
මෙම නාට්‍ය නියෝජනය කළ නාට්‍ය උළෙලවල් පාළිබද කතා කළොත්?
2015 වර්ෂයේදීDCS ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා සහ රුවන්ඩා ඉතිහාසය අළලා තමයි මේ නිර්මාණය පළමුවෙන්ම අපි සිදුකරේ. මේ නිර්මාණය 2015 කිගාල් හිදීUbumuntu නාට්‍ය උළෙල නියෝජනය කලා. මීට අමතරව කේරළ, නවදිල්ලි, ජම්බු සහ මුම්බායි ප්‍රදේශ වලත් එංගලන්තයේ සහ අයර්ලන්තයේත් විවිධ පේ්රක්ෂකාගාරයන් වලට පෙන්වීමේ අවස්ථාව අපට හිමිවුනා. මීට අමතරව 2016 යේදී පලස්තීනයේ AFTARජාත්‍යන්තර යොවුන් නාට්‍ය උළෙල නියෝජනය කිරීමේ අවස්ථාවත් අපිට හිමිවුනා.
පාලිත අබේලාල්