‘ගොන්ඩෝලා’’? මොකක්ද ඒ?

Jayalal rohana3

සටහන : පාලිත අබේලාල්

“අපේ රටේ හුගක් අය ජීවත්වෙන්නේ වහල්වලු වගේ… ස්නායු මරලකිසිම හැඟීමක් දැනීමක් නැතිව….”

‘‘ගොන්ඩෝලා’’ ඔබට එතරම් හුරුපුරුදු වචනයක් නොවේ මේක. මේ අපිට ඉදිරියේදී දක්න්නට ලැබෙන නාට්‍යයක් නමක්. මේ නාට්‍ය නිර්මාණය කරන්නේ විශේෂ පුද්ගලයෙක්. ඔහු නමින් ජයලාල් රෝහණයි. දැන් ඔබට ඔහු අමුතුවෙන් හ`දුන්වා දීමට අවශ්‍ය වෙන්නේ නෑ. වර්තමානයේ වේදිකාවේ, ටෙලිනාට්‍යවල වගේම සිනමාවෙත් කැපීපෙනන චරිත රැසක් නිර්මාණය කල සහ ඒ සඳහා විවිද සම්මානයන්ටද පාත‍්‍ර වූ මොහු, අද වෙනකොට සමාජයීය කාරණා සම්බන්ධයෙන් ඉතා සක‍්‍රීය අයුරින් මැදිහත් වීමක නිරත අයෙක්. ‘‘බොස්ටන් ලංකා’’ අපි ඔහු සම`ග මේ අයුරින් ඔහුගේ අලූත්ම නාට්‍ය නිර්මාණය පිලිබ`ද සාකච්ඡාවයකට එළඹුනා.

මොකද මේ පරිවර්තන නාට්‍යයක් කරන්න හිතුනේ?
ඇත්තටම ගොඩක් අය මේ නාට්‍යයේ නම අහපුගමන් හිතන්නේ මේ නාට්‍ය පරිවර්තන නාට්‍යයක් කියල. නමුත් මේ නාට්‍ය ස්වතන්ත‍්‍ර නාට්‍යයක්.

ඒත් මේ නම අපිට හරිම ආගන්තුක බවක් දැනෙනවා?
ඔව්, මොකද මේ නමට පාදකවන කතාව තියෙන්න මෙහෙ නෙවේ,වැනීසිය. වැනීසියේ තියෙනවා ඔරු විශේෂයක් ‘‘ගොන්ඩෝලා’’ කියල. මේ ඔරු භාවිත කරල තියෙන්නේ අතීතයේදී දූපත් අතර ගමනා ගමන කටයුතු සඳහා. මෙහි විශේෂත්වය තියෙන්නේ මේ ඔරු වල නෙවේ. මේ ඔරු පැදවීමට යෙදවූවන්ගේ. ඒ සඳහා යෙදවූයේ වහල්ලූන්. මේ වහල්ලූන්ගේ විශේෂත්වය තමයි නිර්මාණය කරපු අය වීම. මේ අයගේ ස්නායු මරල තමයි නිර්මාණය කරල තියෙන්නේ. මේ නිසා මේ අයට හිතන්න හැකයාවක් නැහැ. දෙන අණට අනුව තමයි ක‍්‍රියා කරන්නේ. මොකද එතකොට පාලනය කරන්න ලේසියිනේ. මම මේ කියන්නේ එක්දහස් අටසිය ගණන්වල වැනීසිය ගැන. මේ තත්ත්වය අද වැනීසියේ නැති වුනත් ‘‘ගොන්ඩෝලාව’’ පැදීමෙන් මට මේ හැගීම තීව‍්‍ර උනා. මේකෙන් තමයි මම මේ නිර්මාණය කිරීමට යොමුවුනේ.

jayalal-rohana

මේ සිදුවීම නිර්මාණයක් විදියට අපේ රටට ගලපාගන්නේ කොහොමද?

ඒක හරි අපූරුවට ගැලපෙනවා. මට මේ ගොණ්ඩෝලාව පැදපු ඒ වහල් ජනතාවගෙයි අද අපේ රටේ ජීවත්වෙන ජනතාවගෙයි අතර විශාල වෙනසක් පේන්නේ නෑ. අද අපේ රටේ බොහෝ ජනතාව ජීවත්වෙන්නේ මේ වහල් ජනතාව වගේ ස්නායු මරල. කිසිම හැඟීමක් දැනීමක් නැතිවයි. මේ නිසා මේ සිදුවීම අපේ ජනතාවට ඉතාම හොඳට ගැලපෙනවා.

ඔබේ නාට්‍ය පිලිබඳව කෙටියෙන් විස්තරයක් කලොත්?
මේ නට්‍යයට පාදකවෙන්නේ අසාර්ථක විප්ලවයක් පැවති රටක්. ඒ රජය විසින් මේ විප්ලවීය පක්‍ෂයේ ලොකු සහෝදරය සහ පොඩි සහෝදරය අත් අඩංගුවට අරගෙන ජිවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්කරනව. මේ නාට්‍ය පටන්ගන්නේ විප්ලවයෙන් වසර විස්සක් පමණ ගතවී ඇති වසරක එක්තාරා දිනයකින්. ඒ වනවිට මේ රටේ ජනතාව විප්ලවය ජයගෙන තියෙනවා. එළියේ ජනතාව ප‍්‍රීති ඝෝෂා පවත්වනවා, සිර මැදිරියට පවා ඇහෙනවා. මේ සිර මැදිරිරිය තුල තමයි නාට්‍ය දිවෙන්නේ. එතනදී පොඩි සහෝදරය කියනවා ‘‘අපි යමු, දැන් සමාජය වෙනස්වෙලා’’ කියල. ලොකු සහෝදරය න්‍යාය මතම හිතන මතන ක‍්‍රියාකරන කෙනෙක්. ඔහු කියනවා ‘‘නියම තත්ත්වයට පැමිණෙන තුරු එහෙම වෙනස්වීමක් වෙන්නම බැහැ’’ කියල.

Jayala rohana 2

නමුත් බාහිර සමාජය වෙනස්වෙලා. ඒක එයා පිළිගන්නේ නෑ. පිලිගැනීමට සූදානමකුත් නෑ. අද වෙනකොට ලෝකය වෙනස් වෙලා, න්‍යායන් තවදුරටත් වලංගු නැති තත්ත්වයට පත්වෙලා. මම කියන්නේ විශේෂයෙන් අපේ වමේ විප්ලවීය පක්‍ෂත් තාමත් මේ න්‍යායන් මත පදනම්වෙලා කටයුතු කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේවත් වෙනස්විය යුතුයි කියන එකයි මගේ අදහස.