වීසා නොලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි….

චීනයේ පැවැත්වෙන 23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනෙන් අද (02) පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චීනය බලා පිටත්වීමට නොහැකි වුණි.

ඒ, වීසා නොලැබීම හේතුවෙන්ය.

ගුවන් යානය පිටත්වන වේලාව වනවිටත් ඔවුන්ට වීසා ලැබී නොතිබූ අතර කටුනායක ගුවන්තොටුපොළේදී පිරිස පත්වූයේ දැඩි අපහසුතාවකටය.

23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සැප්තැම්බර් 5 වැනිදා සිට 7 වැනිදා දක්වා චීනයේදී පැවැත්වෙයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන එක් අයෙකුගෙන් රුපියල් පන්ලක්ෂ අසූදහසක මුදලක්ද කරාතේ දෝ සම්මේලනය අයකරගෙන ඇති බවද වාර්තා වෙයි.

ඒ ගුවන් ටිකට්පත්, විසා ඇතුළු අනෙකුත් පහසුකම් සලසා දීම සඳහාය.

ගමන සඳහා අද පෙරවරුවේ වීසා හිමිවන බව පැවසූ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ නිලධාරීන් ආසියානු කරාතේ ශූරතා තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණි.

චීනය බලා පියාසර කෙරෙන ගුවන් යානය අද පස්වරු 2ට කටුනායක ගුවන්තොටුපොළින් පිටත්වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණේ ඒ වන විටත් කරාතේ දෝ සම්මේලනයේ බලධාරීන් වීසා ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්ය.

දහසක් බලාපොරොත්තු මැද, අසීරුවෙන් මුදල්ද සොයාගෙන තම මව්බිම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවූ අසාධාරණයට වගකිව යුත්තේ කවුරුන්ද?

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසුවේ කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණදුන් මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවය.

යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 නම් කෙරේ….

සිම්බාබ්වේ හා නැමීබියාවේ සමසත්කාරකත්වය යටතේ එළැඹෙන 2026 වසරේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම් 16 අයි.සී.සී. ය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත.

අවසන්වරට 2024 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පළමු 10 දෙනා අතරට පැමිණි කණ්ඩායම් මේ සඳහා ඍජුව සුදුසුකම් ලබා සිටියේය.

පසුගියවර ශූරයන් වන ඔස්ට්‍රේලියාව හා අනුශූරයන් වූ ඉන්දියාව මෙන්ම බංග්ලාදේශය, එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ බ.ඉ. කොදෙව් එලෙස සුදුසුකම් ලබාසිටි කණ්ඩායම්ය.

ඉතිරි කණ්ඩායම් 6න් එක් ස්ථානයක් සත්කාරක රටක් වන සිම්බාබ්වේට හිමිව ඇත.

මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් රට අමෙරිකාව වන ඔවුන් අමෙරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගැනීමට සමත් විය.

එමෙන්ම යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට අප්‍රිකානු රටක් වන ටැන්සානියාව ද මේ සඳහා සුදුසුකම් ලබා සිටියි.

ඒ හැරෙන්නේ මහද්වීපික කලාප සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ආසියානු කලාපයෙන් ඇෆ්ගනිස්තානයත්, නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපයෙන් ජපානයත් සුදුසුකම් ලබාගත්තේය.

ඊට අමතරව යුරෝපානු කලාපයෙන් ස්කොට්ලන්තය මෙලෙස සිය ස්ථාන තහවුරු කරගෙන සිටියි.

සත්කාරක රටක්වන නැමීබියාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පරාජය වූ හෙයින් ඔවුන්ට මේ සඳහා අවස්ථාවක් නැත.

ඔවුන් සත්කාරක රටක් වුවද, පූර්ණ සාමාජික රටක් නම් පමණක් එම අවස්ථාව හිමිවන බැවින් ඔවුන්ට ඍජු සුදුසුකම් ලැබීමේ වාසිය අහිමි විය.

තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් ICCය විසින් ඉදිරියේ දී  කාණ්ඩ හතරකට බෙදීමට නියමිත අතර, එම එක් එක් කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ  ඉහළම කණ්ඩායම් තුන සුපර් සික්ස් අදියරට පිවිසෙනු ඇත.

සුපර් සික්ස් අදියර කොටස් 2ක් යටතේ පැවැත්වෙන අතර, ඒ සෑම කාණ්ඩයකින්ම පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයේදී එකිනෙකාට මුහුණ දෙනු ඇත.

යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ශූරතා 5කට ඉන්දියාව හිමිකම් කියන අතර, වත්මන් ශූරයන් වන ඔස්ට්‍රේලියාව ශූරතා 4කට හිමිකම් කියයි.

යොවුන් ලෝක කුසලාන තරගාවලිය 2026 වසරේ ජනවාරි- පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතව ඇත.

රුමේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ඍජුව සුසුදුකම් ලබයි…..

ඉන්දියාවේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකදි හෙල්ල විසිකිරීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට රුමේෂ් තරංග අද (10) පස්වරුවේ සමත් විය.

මෙහිදි ඔහු මීටර 86.50ක දක්ෂතාවක් දැක් වූ අතර, ඒ හේතුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මස ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතාව මලල ක්‍රීඩා ශූරතාවලියටද ඔහු ඍජුව සුදුසුකම් ලබාගත්තේය.

යෙවාන් ඩේවිඩ් අලුත් ඉතිහාසයක් අරඹයි……

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියරක් (Formula 3) නියෝජනය කිරීමට සුදුසුකම් පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් පත්ව  තිබේ.

ඔහු මේ වනවිට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරගවදින අතර, එහිදී මේ දක්වා ජයග්‍රහණ හතරකට හිමිකම් කියයි.

එමෙන්ම 2024 දී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතාවලි සඳහා ද තරග වැදී තිබේ.

F3 අදියරට උසස්වීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තම රටෙන් ශූරතාවලියට තරග කරන පළමු රියදුරු වීම ගැන ආඩම්බර වන බවත්, අවස්ථාව ලැබීම ගැන කෘතඥ වන බවත්ය.

2026 වාරය සඳහා AIX රේසිං සමග අත්සන් කිරීමට ලැබීම හේතුවෙන් යොවාන්ට මෙලෙස FIA ෆෝමියුලා 3 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබේ.

වසර 38කට පසු අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට…..

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල අද (02) සමත්විය.

ඒ අවසන් මහා තරගයේදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 23 -21ක් ලෙස තියුණු ජයක් ලබමින්ය.

ත්‍රිත්ව විදුහල උත්සාහක දිණුම් 3ක්, එක් ප්‍රවර්ථනයක්, දඬුවම් පහරක් හා ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරමින් ලකුණු රැස්කළේය.

එමෙන්ම තියුණු සටනක් දුන් වෙස්ලි විදුහලද උත්සාහක දිණුම් 3ක් හා ප්‍රවර්ථන 3ක් සාර්ථක කරගැනීමට සමත් විය.

ත්‍රිත්ව විදුහල මෙලෙස අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියක ශූරතාව දිනාගත්තේ වසර 38කට පසුව වීම විශේෂත්වයක්ය.

මෙවර ඔවුන් අපරාජිතවම මෙම ජයග්‍රහණය අත්කර ගැනීමද සුවිශේෂය.

අවසන් මහා තරගය පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

SL vs BAN 1st TEST : දෙවන දිනය අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව – 484/9

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (18) අවසන් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 09 ක් දැවී ලකුණු 484 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී  බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින නායක Najmul Hossain Shanto ලකුණු 148 ක්, Mushfiqur Rahim ලකුණු 163 ක් හා Litton Das ලකුණු 90 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක හා තරිඳු රත්නායක කඩුලු 03 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

news images

SL vs BAN 1st TEST : පළමු දිනය අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව – 292/3

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අද (17) අවසන් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 292 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින නායක Najmul Hossain Shanto නොදැවී ලකුණු 136 ක් හා Mushfiqur Rahim නොදැවී ලකුණු 105 ක් ලබාගෙන සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරිඳු රත්නායක කඩුලු 02 ක් හා අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

news images

බංගලාදේශ තරගාවලිය​ට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් කර ඇති අතර මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 6 දෙනෙකු සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

ලහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, තරිඳු රත්නායක සහ ඉසිත විජේසුන්දර මෙම නවක ක්‍රීඩකයින් වනවා.

ලහිරු කුමාර මෙම සංචිතයට පළමුව නම් කර ඇතත්, ඔහු පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වීම හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 17 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 2025-2027 ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු තරගාවලිය වනවා.

අදාළ සංචිතය පහතින්.

news images

Asia Rugby Championship : තියුණු තරගයකින් ශ්‍රී ලංකාව පරදවා දකුණු කොරියාව ජයගනී

ආසියානු රග්බි සංගමය සංවිධානය කරන 2025 ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තරගය අද (13) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණා.

තියුණු තරගයකින් අනතුරුව මෙම තරගය ජය ගැනීමට සමත්වූයේ දකුණු කොරියාවයි.

එහිදී දකුණු කොරියාව ලකුණු 38 ක් වාර්තා කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව ලකුණු 34 ක් වාර්තා කළා.

එම තරගාවලිය තුළ හොංකොං රාජ්‍යය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගය මෙම මස 22 වැනිදා පැවැත්වීමට නියමිතයි.

2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ අනු ශූරයන් හෝ විය යුතු වනවා.

Heinrich Klaasen ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක Heinrich Klaasen ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

මෙය ඉතා අපහසු තීරණයක් බවත්, තමාට මෙම තීරණය ගැනීමට බොහෝ කාලයක් ගතවූ බවයි සිය සමුගැනීම නිවේදනය කරමින් ඔහු සඳහන් කරන්නේ.

තවමත් 33 වන වියේ පසුවන ඔහු එක්දින තරග 60 කට ක්‍රීඩා කර, ලකුණු 2141 ක් ලබාගෙන ඇති අතර, එයට ශතක 04 ක් හා අර්ධ ශතක 11 ක් ඇතුළත් වෙනවා.

T20 පිටියේදී ඔහු තරග 58 කට ක්‍රීඩා කර, ලකුණු 1000 ක් රැස් කර තිබෙනවා.