කෙසේ වෙතත් අප මේ ගැන රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් කල විමසීමේදී ඔහු සදහන් කලේ ලකුණ පිළිබද ගැටළුව ඉදිරි දින දෙන තුන විසදෙන බවත් එජාප කණ්ඩායමේ විවිධ අදහස් ද ඒකමතික තැනකට නුදුරේදී එන බවත්ය. සියල්ලන්ම එකමුතුව මැතිවරණයට මුහුණ දීමේ වටිනාකම සියල්ලෝම තේරුම් ගත යුතු බවද ඔහු අවධාරණය කළේය
Category: politics
Politics
කෝටි 33ක රාජ්‍ය මුදල් ගැහිල්ලක් හෙලිවෙයි
සජිත්ගේ නව පක්ෂය ජනගත කිරීම පෙම්වතුන්ගේ දිනය දා
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විසින් ඇති කරන නව පක්ෂය එළිදැක්වීම නුදුරේම සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අනුව ‘හදවත’ සලකුණින් යුත් ‘සමගි ජාතික බලවේගය’ නම් මෙම නව පක්ෂය එළඹෙන 14 වැනි දිනට යෙදෙන පෙම්වතුන්ගේ දින ජනගත කිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.
‘හොරු නැති-බොරු නැති හදවතේ පක්ෂය’ යන්න නව සන්ධානයේ තේමාව වී ඇති බවත් වාර්තාවන්ගේ දැක්වේ.
අන්තවාදීන්ට තවත් මෙරට ඉඩක් නැහැ
එජාපයෙන් සන්ධානයක්?
Attorney General Dappula de Livera eyeing for a Higher Post?
The interest and the efficiency shown by the Sri Lankan Attorney General Dappula de Livera.to start new investigations and persecute opponents of the Gotabaya Rajapakse government has been one of the main topics among the legal circles in Sri Lanka.
According to one senior lawyer, Attorney General de Livera may be eyeing to be a supreme Court Judge or to be the President of the Appeal Courts by pleasing the present administration.
Although Attorney General is the Chief legal officer of the Sri Lankan government it is expected for the Attorney general to perform his duties impartially and following the due legal process.
During the previous regime, AG de Livera was referred by Sri Lankan media as one of the most corrupt political appointments to the high office. According to the media reports the Sri Lankan legal circles were shocked how slavishly he was doing the bidding of President Maithripala Sirisena especially on the Easter bombing incident to cover up the responsibility of the Executive President.
Legal circles say that AG de Livera now doing the same dirty works for the Gotabaya Rajapakse administration what he has done for Maithripala Sirisena administration.
ජිනීවා නිර්දේශයන් ඉටුකරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑමක් කරTNA අමෙරිකාවෙන් ඉල්ලයි
07 වන විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව 07 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සව සභාවේ, ජනාධිපති ධුරය භාර ගැනීමේ නිල නිවේදනය ප්‍රකාශයට පත් කිරීම
පෙරවරු 11.44 ට පමණ ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා විසින් සිදු කරන ලදී.
ඉන් අනතුරුව, පෙරවරු 11.48 ට පමණ සෙත් පිරිත් මඟුල් බෙර වාදන මධ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකුලව අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ අභිනව ජනාධිපති වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දීම සිදුවිය
ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීය.
” වැඩමවා වදාළ මහා නායක ස්වාමීන් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළු පුජනිය මහා සංඝ රත්නයෙන් අවසරයි! කිතුණු, හින්දු, ඉස්ලාම් හා අනෙකුත් ආගමික පූජක තුමන්ලගෙන් අවසරයි!
ශ්‍රී ලංකාවේ 05 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, අග්‍රවිනිශ්චයකාරතුමනි, මහා කොමසාරිස්වරුනි, තානාපතිවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම මහජන නියෝජිතවරුනි, ආරාධිත අමුත්තනි, සියලු ශ්‍රී ලාංකික පුරවැසියනි,
බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැම්පත් කොට ඉදිකරන ලද මෙම එඉතිහාසික ස්වර්ණමාලී මහා සෑ පුදබිමේ සිට ඔබව අමතන්නට ලැබීම මා ලද සුවිශේෂී භාගයක්. ශ්‍රී ලාංකීය රාජවංශයේ ශ්‍රේෂ්ඨතම නරපතියෙකු වන දුටුගැමුණු මහරජුන්ගේ පිළිරුව අභියස සිට ජාතිය අමතන්නට අවස්ථාවක් ලැබී තිබෙන්නේ මේ රටේ බහුතරයක් ජනතාව විසින් මට ලබා දුන් එඉතිහාසික ජනවරම නිසායි.
අද මා ඔබ හමුවන්නේ අප සියලු දෙනාම ආදරය කරන මෙම මව්බිමේ විධායක ජනාධිපතිවරයා සේනාධිනායකයා මෙන්ම ඔබෙත් ඔබේ දූ දරුවන්ගේත් ආරක්ෂාවේ වගකීම භාර ගන්නා ආරක්ෂක ඇමතිවරයා වශයෙනුයි.
සියල්ලන්ටම පෙර මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නට කැමතියි, මෙම මැතිවරණය ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂීම පිටුවහල වූයේ අපේ රටේ සිවු දිග වැඩවසන ගරුතර මහා සංඝ රත්නය විසින් මට ලබා දුන් ආශීර්වාදය නිසා බව. මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැන සිටියා.
සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබු බව මා දැන සිටියා. මා දමිළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුණේ නැහැ. එහෙත්, මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යළිත් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමඟ එක් වන ලෙසයි.
මා වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලුම ඡන්ද දායකයින්ට මම මේ අවස්ථාවේ ස්තුති පූර්වක ගෞරවය පුද කර සිටිනවා. එමෙන්ම, මා වෙතින් ඡන්දය භාවිතා කළත්, නොකළත් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතියට ගරු කරමින්කවර හෝ ඡන්ද අපේක්ෂයකු වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය භාවිත කළ අනෙකුත් ඡන්ද දායකයින්ටත් මම ස්තුති වන්ත වෙනවා.
දකුණේ සිංහල බෞද්ධ සිංහල පවුලකින් පැවත එන මම අධ්‍යාපනය ලැබුවේත් ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙනි. එනිසා බෞද්ධ දර්ශනය හැම විටම මහේ සිතුවිලි වලට හා ගති පැවතුම් වලට එක වී තිබෙනවා. බෞද්ධ දර්ශනය තුළ ඉදිවන්නේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන ධර්මානුකුල රාජ්‍යකි. සියලුම ජාතිකයන්ට, සියලුම ආගමිකයින්ට ක්‍ෂේම භූමියක් වූ පාලන තන්ත්‍රයකි.
මගේ ධුර කාලය තුළ මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම ඇප කැප වී සිටිනවා. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කළ යුතුයි. අපේ සාරධර්ම, පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැදී සමයෙන් සහජීවනයෙන් ජිවත් වූ සියලුම ශ්‍රී
ලංකික පුරවැසියන්ට තම ආගමික හා ජාතික අනන්‍යතාවයන් රැකගෙන ගෞරවාන්විතව ජීවත්වීමට ඇති අයිතිය අප හැම විටම සුරකිනවා.
මැතිවරණ ව්‍යාපාරය පුරා මට අයෝමය ශක්තියක් වූ මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කළ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට මාගේ ගෞරව පුර්වක ස්තුතිය පිරිනමනවා. ඒ සමඟම මම ඔබ තුමාට සුභ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.
මගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ යාන්ත්‍රණයේ නිර්මාතෘ වන පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තුතියක් මම මේ අවස්ථාවේ පුද කරන්නට කැමැතියි.
පක්ෂයේ සභාපතිතුමා, මහලේකම් තුමා ඇතුළු සියලුම නිළධාරීන්ට මහජන නියෝජිතයින් හා සාමාජිකයින්ටත් ස්තුති කරන්නට කැමතියි. මට සහාය දීමට එක් වී මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ සුවිශේෂී කාර්යයභාරයක් ඉටු කළ හැමදාමත් අප සමඟම සිටි දේශපාලන පක්ෂ වල නායකයින්ටත් එම පක්ෂ වල නිළධාරීන්ට හා සාමාජිකයින්ටත් මෙම අවස්ථාවේ මාගේ හෘදයාන්ගම ස්තුතිය පුදකරනවා. ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අප හා එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයිනුත් දැක් වූ සහාය මෙහි දී සිහිපත් කරනවා. මෙම මැතිවරණයේ දී රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන් අතර වෙන කවදාවත් නැති උද්‍යෝගයක් අපි දුටුවා. කිසිඳු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මින් පෙර මැතිවරණ ක්‍රියාවලියකට සහභාගී නොවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවර අප වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කළා.
වියත් මඟ වැනි වෘත්තීය වේදීන්ගේ සංවිධාන, විවිධ ජාතික සංවිධාන, ව්‍යාපාරිකයන්, වෘත්තිකයින් විද්වතුන් කලාකරුවන්, සමාජ ජාල ක්‍රියාකාරිකයින්, ඡන්දය දීම සඳහාමලංකාවට පැමිණි අපගේ විදේශ ගත ශ්‍රමිකයින් මෙන්ම තරුණ පරපුර මේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දැක වූ සුවිශේෂී දායකත්වය මා අගය කරනවා. ඔවුන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව මා හමු වී නැතත් මේ අවස්ථාවේ රටවෙනුවෙන් ඔවුන්ගේ යුතු කම කැප වීමෙන් ඉටු කළා. ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේ මගේ ස්තුතිය පුදකරනවා.
දැන් අපට තිබෙන්නේ ජාතියක් වශයෙන් එකට එක් වී මේ රට ගොඩනැගීමේ වගකීමයි. ඡන්දය භාවිතා කළ ඔබ විසින් මෙම ජනවරම මට ලැබී තිබෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා අප විසින් රටට යෝජනා කළ ජනතාව විසින් ජනතාව උදෙසා සකස් කළ ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමයි. එය රටේ ඒකීයත්වය, ස්වෛරීත්වය හා ආරක්ෂාව සුරක්ෂිත කරන වැඩපිළිවෙලක්, මේ රටේ සියලුම පුරවැසියන්ගේ අපේක්ෂාවන් ඉටු කරන වැඩ පිළිවෙලක්, අනාගත පරපුරට ආඩම්බරයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් ගොඩනංවන වැඩපිළිවෙලක්. මෙම ප්‍රරතිපත්ති ප්‍රකාශනයේ අඩංගු සියලු කරුණු මගේ ධූර කාලය තුළ ඉටු කිරීමට මම කටයුතු කරනවා.
ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම, මගේ රජයේ මුලික වගකීමක් ලෙස මා සළකනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම් වලින්, සොරබියෙන්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරනන්ට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යළිත් ශක්තිමත්ව ගොඩනඟනවා.
අපි සෑම රටක් සමඟම මිත්‍රශීලීව කටයුතු කරන්නට බලපොරොත්තු වෙනවා. ලෝක දේශපාලනය තුළ විවිධ ජාතින් අතර බල අරගලයන්ට මැදි වන්නට අපට අවශ්‍යතාවයක් නැහැ. අප සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දී අපේ රටේ ඒකීයත්වයට හා ස්වෛරීත්වයට ගරු කරන ලෙස අපි සියලුම රටවල් වලින් ඉල්ලා සිටිනවා. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමකි. ඒ නිසා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ඉටු කිරීමේ දී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත් කිරීමට අප බලාපොරොත්තුවනවා.
මෙම මැතිවරණයේ ආරම්භයේ සිටම මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරන්නට කැප වුණා. ප්‍රතිවාදීන්ට අපහාස නොකර, ප්ලාස්ටික් පොලිතින් වලින් තොර පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් සඳහා අන් සියලු දෙනාටම ආදර්ශයක් සපයන්නට අපට පුළුවන් වුණා. රාජ්‍ය පාලනය තුළත් එම ආදර්ශය දිගටම පවත්වාගෙන යන්නට මම ක්‍රියාකරනවා.
නීතියේ ආධිපත්‍යයට ගරු කරන, සමාජ සාධාරණත්වය සුරකින, දුෂණයෙන් වංචාවෙන් තොර, සැබෑ ජනතා සේවයට කැපවුණු, වෘත්තිමය හා කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් යළිත් මේ රටේ ස්ථාපිත කරන්නට මම ඔබට පොරොන්දු වෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පොරොන්දු වූ ආකාරයටම අපගේ පාලන ක්‍රමය විවිධ වගකීම් පැවරීමේ දී හැකියාවට හා දැනුමට හැම විටම මුල්තැන ලබා දෙනවා. අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කිරීමට වගකීම් රාශියක් අප සතුව තිබෙනවා. ගෝලීය නව ආර්ථික ප්‍රවණතාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා ඔවුන් දැනුමින් සන්නද්ධ කිරීමට හා ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමට උපකාර කිරීමට අපි ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා.
21 වන ශතවර්ෂයේ අභියෝගයන්ට මුහුණ දීමට අපේ ජනතාව සුදානම් කිරීම සඳහා අපේ රටේ සෑම ක්‍ෂේත්‍රයකම නව තාක්ෂණයේ භාවිතාව පුළුල් කරනවා. අපගේ සමස්ත ජිවන රටාව තුළ ගුණගරුක බව නීති ගරුක බව හා විනයගරුක බව රකින සමාජයක් ඇති කිරීම සඳහා ඔබ සියලු දෙනාගේම සහාය මම බලාපොරොත්තු වනවා.
ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි. ඒ අනුව මට ඡන්දය දුන් ය මෙන්ම නොදුන් සියලු දෙනාගේ ද පුරවැසි අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකුලව ජනතා අපේක්ෂාවන් ඉටු කරනන්ට මම සැමවිටම කැප වෙනවා. අප ඉදිරියේ විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා. විශාල වැඩකොටසක් කෙටි කලක් තුළ ඉටු කිරීමට තිබෙනවා. වුවමනාව තිබේනම් අපට කරනන්ට බැරි දෙයක් නැහැ. ජයග්‍රහණය කළ නොහැකි අභියෝගයක් නැහැ.
රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය කරන දැක්ම අප සතුව තිබෙනවා. ඒ සඳහා සැළසුම් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා අපි ඔබට ඉදිරිපත් කර තිබෙනවා. මා මේ රටේ විධායක ජනාධිපතිවරයා යි. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසි විටෙක පසුබට වන්නේ නැහැ. ඒ වගේම සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීම සඳහා ජනතාව විසින් ලබා දුන් මෙම එතිහාසික ජනවරම ක්‍රියාත්මක කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කල හැකි නව රජයක් මා පිහිටුවනවා. මම මගේ රටට ආදරෙයි. මගේ රට ගැන මම ආඩම්බර වනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීම සඳහා මා සමඟ එක වන මෙන් සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබ සැමට ස්තුතියි! තෙරුවන් සරණයි!
2015 ජනාධිපතිවරණය
|
ජනාධිපතිවරණය 2015 |
||
| සමස්ත ඡන්ද ප්‍රතිඵලය | ||
|
ජනාධිපති අපේක්ෂකයා |
ලබා ගත් ඡන්ද සංඛ්‍යාව |
ඡන්ද ප්‍රතිශතය |
| මෛත්‍රීපාල සිරිසේන | 6217162 | 51.28% |
| මහින්ද රාජපක්ෂ | 5768090 | 47.58% |
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
12123452 | 98.85% |
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
140925 | 1.15% |
|
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව |
12264377 | 81.52% |
|
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව |
||
