පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 190,000ට ආසන්න වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
වියළි කාලගුණයෙන් ඇතිවූ පානීය ජල හිඟයට දිස්ත්‍රික් 15ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 ක ජනතාවට මුහුණ දීමට සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
එම ප්‍රදේශවල පවුල් 54,979 කට අයත් පුද්ගලයන් 183,038 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ සඳහන් කළේ.
Category: news_sub
දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගැනීමට කටයුතු කරන ලෙස දැනුම්දීමක්
මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් සම ආරක්ෂා කරගැනීම වැදගත් බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ පවසනවා.
ඒ අනුව අලේපන වර්ග ඇතුළු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මඟින් දැඩි හිරු රශ්මියෙන් සමට ඇති විය හැකි බලපෑම අවම කරගත හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.
දැඩි හිරු රශ්මියක් තියෙන අවස්ථාවලදී උදේ 10.00 දහවල් 2.00 අතර කාලය තුළ එළිමහනට ගමන් කිරීම හැකිතාක් අවම කරන ලෙසත් එළිමහනට ගියද හිරු එළියෙන් ආරක්ෂා වීම සඳහා කටයුතු කරන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ.
මුදල් අමාත්‍යංශයේ ගින්නක්
කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ අනුව මුදල් අමාත්‍යංශයේ දෙවන මහලෙහි මෙම ගින්න හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා තිබෙනවා.
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම ගැන දැනුම්දීමක්
2022/2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අගෝස්තු 25 වනදා බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
වැඩි විස්තර සඳහා www.presidentsoffice.gov.lk වෙත පිවිසෙන්න ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ.
විදෙස් නිවාඩු අනුමත නොකර සිටීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ – සෞඛ්‍ය ඇමති
වෛද්‍යවරුන් සඳහා විදෙස් නිවාඩු අනුමත නොකර සිටීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු අනුමත නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ වෘත්තිකයන් මෙරට තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහා නව සභාපතිවරයෙක්
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා.
වෛද්‍ය අජිත් මෙන්ඩිස් එම ධුරය සඳහා පත්කර ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.
QR ක්‍රමවේදය ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරනවා – කංචන
සැප්තැම්බර් මාසය වන විට ඉන්ධන ලබා ගැනීමේ QR ක්‍රමවේදය ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ජනතාවට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපයීමට මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකියාව ලැබී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව පවතින QR ක්‍රමවේදයේ ධාරිතාව වැඩි කිරිමට හෝ එය ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
රෝහල් රැසක CT, MRI ඇතුළු පරීක්ෂණ නැවතීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක CT, MRI ඇතුළු පරීක්ෂණ නැවතීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව රත්තපුර, ගාල්ල, බදුල්ල යන රෝහල් සහ කොළඹ ජාතික රෝහල තුළ දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි එහි ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා සඳහන් කළේ.
දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ දැඩි හිඟයකට මේ වනවිට මුහුණ දී ඇති බවත් එම නිලධාරීන් විශ්‍රම යාම හා විදෙස්ගත වීම මෙම තත්ත්වයට හේතුව බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
මේ සඳහා ඉක්මන් පියවරක් ලෙස අළුතෙන් නිලධාරීන් බඳවා ගැනීම හා විශ්‍රාම යෑමේ වයස 60 සිට 63 දක්වා තාවකාලිකව දීර්ඝ කරන ලෙස යෝජනා කරන බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
නොරෝච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද රාත්‍රියේ සිට යළි ජාතික පද්ධතියට
අක්‍රීයව පැවති නොරෝච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද (15) රාත්‍රී 8.00 පමණ යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව එහි නඩත්තු කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය 08 වැනිදා නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ බිඳ වැටුණා.
මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්
මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවද මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අද (15) සහභාගී වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.
සෙල්වම් අඩෙක්කලනාදන් මංත්‍රීතුමාගේ ඉල්ලීමකට අනුව වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවක් ඇති කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

