පස් කඳු සහ ගල් කඩාවැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය තාවකාලිකව විවෘත කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට මාර්ගයට වැටුනු පස් හා ගල් ඉවත් කර ඇති අතර එය යළි රථවාහන ධාවනය සඳහා අවසර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පස් කඳු සහ ගල් කඩාවැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය තාවකාලිකව විවෘත කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට මාර්ගයට වැටුනු පස් හා ගල් ඉවත් කර ඇති අතර එය යළි රථවාහන ධාවනය සඳහා අවසර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වගා කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන සියලුම ගොවීන්ට අද (20) සිට මඩ පොහොර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව කන්න තුනකට පසුව ගොවි ජනතාව සඳහා පළමුවරට ලැබෙන එම මඩ පොහොර තොගය නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මෙට්‍රික් ටොන් 11,537ක් වු පළමු මඩ පොහොර තොගය අද සිට උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට නියමිතයි.
ඊජිප්තුවේ සිට මෙරටට ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 36,000 ක් වු ත්‍රිත්ව සුපිරි පොහොර තොගය ඊයේ (19) නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදී තිබුණා.
ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
එම මාර්ගයේ දෙවන වංගුව ආසන්නයේ එලෙස ගල් සහ පස් කඳු කඩා වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ
ඉදිරි මාස කිහිපය තුළි ශ්‍රී ලංකාවේ නීතියේ අධිපත්‍ය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුවෙමින් ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.
අධිකරණය විසින් ලබාදී ඇති ඇතැම් නියෝගවලට අවනත නොවී විනිශ්චයකරුවන් පීඩාවට පත්කිරීමට විධායකය උත්සහා කරමින් ඇති බවයි වැලිගම පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.
ඒ අනුව නීතීඥ වෘත්තියන් ලෙස ඊට එරෙහිව කටයුතු කළ යුතු බවත් අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය විසින් ඇඟිලි ගැසීමට ඉඩ ලබා නොදිය යුතු බවද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සඳහන් කළා.
විධායකය අධිකරණයේ තීන්දුවලට අවනතවීමක් සිදු නොවන්නේ නම්, සාමාන්‍ය ජනතාව අධිකරණ තීන්දුවලට අවනතවීමක් සිදුවේවිද යන ගැටලුව මතුවන බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.
නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීමක් පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව එම ඒකකය අප්‍රේල් මාසයේදී විශාල අලුත්වැඩියා කටයුත්තක් සඳහා නියමිතව තිබූ බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
අඛණ්ඩ බල සැපයුමක් සහතික කිරීම සඳහා, ලංකා විදුලිබල මණ්ඩලය සතු ඩීසල් සහ ඉන්ධන තෙල් බලාගාර භාවිතා කරන බවත් බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (20) අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැදවීමක් සිදුකර ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
ඒ අනුව ගුරුමාරු සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කරන බව රජය පසුගිය 17 වනදා නිවේදනය කළ අතර වෘත්තීය සමිති එය ප්‍රතික්ෂේප කර තිබුණා.
ශ්‍රීපාද මාර්ගයේ උඩ මළුව දක්වා මාර්ගවල වෙළෙඳසැල් විශේෂ පරීක්ෂාවකට ලක්කොට ලබාගත් ආහාර සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.
ලිස්ටීරියා නැමති විෂබීජය ඇතැම් පිරිස් වෙත ආසාදනයවීමත් සමඟ මෙලෙස ශ්‍රී පාදය ස්ථානයේ මාර්ගයේ ඇති ආහාර පාන අලෙවිසැල් පරික්ෂාවට ලක් කිරීමට නල්ලතන්නිය හා නුවරඑළිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (17) දිනයේ දී කටයුතු කළා.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2022 පෙබරවාරි 24 සිට යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දවසේ සිට යුක්‍රේනය තුළ රුසියාව විසින් අපරාධ සිදුකර ඇති බවට එම අධිකරණය විසින් චෝදනා කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වරෙන්තුව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති නමුත්, අදාළ වරෙන්තු නිකුත් කිරීම හරහා රුසියානු ජනාධිපතිවරයාට විදේශ සංචාරයන්වල නිරත වීමට නොහැකි වීම වැනි බලපෑම් එල්ලවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
උපයනවිට බද්දට අදාළව සහනයක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවේදී ස්ථිර කාලරාමුවක් සකස් කරගැනීමට ජනාධිපති ලේකම්වරයා එකඟතාවය පළ කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
ජනාධිපති ලේකම්වරයා සමග අද (17) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමය සඳහන් කළේ, ස්ථිර විසඳුමක් ලැබෙනතෙක් අන්තර්කාලීන විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
කෙසේ නමුත් ස්ථිර විසඳුමක් ලැබෙනතෙක් වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වීමේ සූදානමක් නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ජාතික ජන බලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17) පෙත්සමක් ගොනුකර තිබෙනවා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර ඇති බවයි සඳහන් වන්නේ.