පාහියන්ගල ගල්ලෙන් පිහිටි ස්ථානයේ බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්යාලය මගින් නව ජායාරූප සහිත සවිස්තරාත්මක පුවරු සවිකර යි.

ගල්පාත චන්දන පෙරේරා

පාහියන්ගල ගල්ලෙන් පිහිටි ස්ථානයේ බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්යාලය මගින් නව ජායාරූප සහිත සවිස්තරාත්මක පුවරු සවිකර යි.

මේ දිනවල රට තුළට ඇදී එන විදේශීය සංචාරකයන් හා දෙශීය සංචාරකයින්ට පාහියන්ගල ඉතිහාසය දැන ගැනීම සඳහා බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්‍යාලය මගින් පාහියන්ගල පුරාවිද්‍යා ස්ථානයට පිවිසෙන මාර්ගයේ සිට ලෙන දක්වා පිවිසුම් මාර්ගය දෙපස ප්‍රදේශයේ භාෂා තුනෙන් ම දිස්වන පරිදි සවිස්තරාත්මක පුවරු සවිකිරීම මේ දිනවල සිදුකෙරෙමින් පවතී.

මීට අමතරව මේ වන විට කැණීම් සිදුකර ඇති ප්‍රධාන ස්ථාන 02 ක සඳහා ආරක්ෂිත වැටක්ද ඉදිකර ඇත.

බස්නාහිර පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කලාප 06 නිලධාරීන් විසින් මෙම පුවරු සවිකිරීම මේ දිනවල සිදුකරනු ඇත

WhatsApp Image 2024-05-09 at 14.51.45 (1) WhatsApp Image 2024-05-09 at 14.51.45 (2) WhatsApp Image 2024-05-09 at 14.51.45 (3) WhatsApp Image 2024-05-09 at 14.51.45 (4) WhatsApp Image 2024-05-09 at 14.51.45

සාකච්ඡා මඟින් ස්ථිර විසඳුමක් නොලැබුණොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරනවා – විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය

අද (08) පැවැත්වෙන සාකච්ඡා මගින් ගැටළු සඳහා ස්ථිර විසඳුමක් නොලැබුණහොත්, දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වැටුප් කප්පාදුව පිළිබඳව කැබිනට් පත්‍රිකාව අද සාකච්ඡා කර ඉදිරියේ දී එයට විසඳුමක් ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ අනුශාසක, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධීකාරී සම්පත් උදයංග සඳහන් කළේ.

මෙම වැඩ වර්ජනයට සමගාමීව අද දිනයේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති අරමුදලෙන් නව ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

ජනාධිපති අරමුදල මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව තවත් නව ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම, අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය, විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

අදාළ නිවේදනය පහතින්.663afd2f40f23pdf_page_1 663afd2f311depdf_page_0

රිය අනතුරක් සම්බන්ධ සිද්ධියකට ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රීවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට

රිය අනතුරක් සම්බන්ධ සිද්ධියකට පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිගේ පුත්‍රයා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මුදාහැර තිබෙනවා.

කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අනතුරට ලක්කර, ඉන් අනතුරුව අනතුරට ලක්වූ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර, ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රීවරයාගේ පුත්‍රයා  අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදාහැර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

තම පෙම්වතිය හමුවීමට යාමෙන් පසුව අතුරුදහන්වී සිටි කුලියාපිටිය – කබැල්ලෑව පදිංචිකරුවෙකු වන සුජිත් ජයවංශ (අවු:31) යන අයගේ සිරුර දින 15 කට පසුව 07 වැනිදා දහවල් මාදම්පේ පනිරෙන්දාව වනාන්තරයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

තම පෙම්වතිය හමුවීමට යාමෙන් පසුව අතුරුදහන්වී සිටි කුලියාපිටිය – කබැල්ලෑව පදිංචිකරුවෙකු වන සුජිත් ජයවංශ (අවු:31) යන අයගේ සිරුර දින 15 කට පසුව 07 වැනිදා දහවල් මාදම්පේ පනිරෙන්දාව වනාන්තරයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
ඉකුත් 22 වැනිදා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතිය මුණ ගැසීමට ගොස් ඇත.එතැන් සිට ඔහු අතුරුදහන්වී සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 06 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති සැකකුරවෙකුගෙන් ලද තොරතුරු මත ඝාතනයට ලක්වූ අයගේ සිරුර සොයා ගැනීමට විමර්ශණ කටයුතු සිදු කරණ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශණ අංශ්‍ය සමත්වී තිබුණි.
ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 150 ක් පමණ දුරින් මිය මිය ගොස් ඇති තරුණයාගේ සිරුර හමු විය.ඊට මීටර් 25 ක් පමණ දුරක තිබී මිය ගොස් ඇති අයගේ ඇදුම් කීපයක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.
හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා සිරුර තිබූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදි.හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වරුණ වන්නිආරච්චි මහතාද පැමිණ නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදි.

WhatsApp Image 2024-05-07 at 21.25.21

ධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්ම වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා.

ධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්ම වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා.
විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී.

මන්නා රමේෂ් ඩුබායිවලින් කොළඹට කුදලාගෙන එයි.

මන්නා රමේෂ් ඩුබායිවලින් කොළඹට කුදලාගෙන එයි.

නියෝගය ටිරාන්ගෙන් ඩුබායිහි විෂය බාර අමාත්‍යවරයා සමගත් කිහිපවතාවක් සාකච්ඡා කරලා
ඩුබායි හි දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස
සැලකෙන මන්නා රමේශ් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළෙන් අද (7) උදෑසන කොළඹට රැගෙනවිත් තිබේ.

මෙම පාතාල සාමාජිකයා මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පෙරේදා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුනේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ විශේෂ නියෝගයක් මතබව පොලිස් මූලස්ථානය කියයි.

රහස් පොලිසියේ භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ගේ මෙහෙයුම යටතේ එම විශේෂ රහස් පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එරට පොලිසිය අත්අඩංගුවට ගත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදීය.
මන්නා රමේෂ් නමැත්තා රතු නිවේදන නිකුත් කර ඇති හතළිස් තුන්දෙනා ගේ ලයිස්තුවේ සිටින අයකු බව ද කියයි.

මන්නා රමේෂ් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් දුරකථනය ඔස්සේ එරට විෂයබාර අමාත්‍යවරයා සමග කිහිපවරක්ම සාකච්ජා කර ඇත.

එක්සත් රාජධානියේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

එක්සත් රාජධානියේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (06) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී හුමයිරා හාෂියා (Humairaa Hatia) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් (Andrew Patrick) මහතාද පළමු ලේකම් ටොම් සොපර් (Tom Soper) මහතාද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.

WhatsApp Image 2024-05-06 at 17.48.15 WhatsApp Image 2024-05-06 at 17.48.07 WhatsApp Image 2024-05-06 at 17.48.01

දරුවන් දෙදෙනාව ප්‍රාණ ඇපයට ගත් පියෙක් STF අත්අඩංගුවට

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන සිය නිවස වෙත පැමිණ ඇති බව සඳහන් වෙන්නේ.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී කාන්තාව නිවසින් පළාගොස් ඇති අතර අදාළ පුද්ගලයා විසින් ඔහුගේ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්‍රාණ ඇපයට තබාගෙන සිට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු හංවැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

පැයක පමණ කාලයකට පසුව දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකියාව ලැබුණු අතර මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ආධාරක කොටසක් කඩාවැටීමේ සිද්ධිය ගැන විශේෂ විමර්ශනයක්

ඉදිවෙමින් පවතින කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිවන මාර්ගයේ ආධාරක කොටසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම්දී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර සඳහන් කළේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ කණු මතින් ඉදිවන කොටසේ මාර්ගයේ විශාල කොන්ක්‍රීට් බාල්කයක් පසුගිය දා කඩා වැටී තිබුණා.

අදාළ කොටසේ ඉදිකිරිම් කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.