Category: news_sub
ලන්ඩනයේ ගිනි ගත් මහල් නිවාසයේ ශ්‍රී ලාංකිකයන් සිටි බව තවම වාර්තා වී නැහැ- රවී
ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනපති සමග සාකච්ඡාවක
ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී කතාබහට ලක්වූ බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
එසේම එම අධ්‍යක්ෂ මණ්ඩලය ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සදහා කැදවා ඇතැයිද ඒ සදහා තමාද සහභාගීවීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.
අද (ජුනි 14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
එසේම ශ්‍රී ලන්කන් ගුවන්සේවට සේවක සේවිකාවන් 1250ක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුුම මත බදවා ගෙන ඇති බවද හෙතෙම අවධාරණය කළේය.
ගං වතුරෙන් විපතට පත් අයට සමෘධි සහනාධාර
පසුගිය දිනවල ඇතිවූ ගං වතුරෙන් හා නාය යාම් වලින් විපතට පත් ජනතාවගේ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පිරිසිදු කිරීමේ උපකරණ හා ද්‍රව්‍ය ඇතුළත් ආධාර පාර්සල් 50000ක් වහාම ලබා දීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්බී දිසානායක මහතාගේ උපදෙස් මත සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන අතර කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත කොට්ඨාශයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආධාර පාර්සල් 5000ක් අද (10) දෙපාර්තමේන්තුව සතු ලොරි රථ වලින් කළුතර දිස්ත්‍රික්කයට ප්‍රවාහනය කරන ලදි.
වෙළෙඳපොලේ රුපියල් 1250ක් පමන වටිනාකමකින් යුත් දත්බුරුසු, සබන් , බිම පිරිසිදු කිරීමේ බුරුසු, ලයිසෝල් , හාපික් වැනි ද්‍රව්‍ය මෙම පාර්සලයට අඩංගු බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිවරයා විසින් ගංවතුරෙන් හා නායයාම් වලින් විපතට පත් අගලවත්ත ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කරනු ලැබූ අතර පසුගියදා ඇමැතිවරයා අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
එම ප්‍රදේශ වලට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශ වල විපතට පත් ජනතාව වෙනුවෙන්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය පාර්සල් ලබා දෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි.
තමා අත් අඩංගවට ගැනීම නවත්වන්න – ඥානසාර හිමි
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ජාතීන් අතර සුහදතාව කඩාකප්පල්කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය මගින් කිසිදු විධිමත් පරීක්ෂණයක් නොපවත්වා තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව උන්වහන්සේ තම පෙත්සමෙන් පෙන්වාදී තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසයේ ස්ථානාධිපති, නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇති බව අධිකරණවාර්තා සනාථ කර සිටියි.
මේ අනුව නිසි පරීක්ෂණයක් පවත්වා අවසන් වන තුරු හෝ නීතිපති උපදෙස් ලැබෙනතුරු තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඥානසාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
උතුරේ අධ්‍යාපන ඇමති ඉල්ලා අස් වෙයි
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටි. කුරුකුලරාජා මහතා වෙත එල්ලවී පවතින දූෂණ හා වංචා චෝදනා හමුවේ සිය අමාත්‍යධූරයෙන් ඉවත්වන බවට පවසමින් කුරුකුලරාජා මහතා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදී ඇති බැව් පක්ෂ සාමාජිකයින් පවසයි.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ සාමාජිකයින් පැවසූවේ තමන්ට තවදුරටත් පළාත් අමාත්‍යධූරයේ සේවය කළ නොහැකි බවට සඳහන් කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බවයි.
එහිදි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා විසිල් ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන නොමැති අතර, සේනාධිරාජා මහතා කුරුකුලරාජා මහතා වෙත පවසා ඇත්තේ තවමත් අදාළ චෝදනා සම්බන්ධයෙන් පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ එකඟතාවය ලැබී නොමැති බැවින් ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.
අදාළ අවස්ථාවේදී කුරුකුලරාජා මහතා ඉල්ලා අස්වීමේ ලිපිය බාරගන්නා ලෙස ලෙසට බලකොට ඇති බැවින් පසුව සේනාධිරාජා මහතා අදාළ ලිපිය බාරගෙන ඇති අතර,එය නිල සිදුවීමක් නොවන බවට පක්ෂ නියෝජිතයින් ප‍්‍රකාශ කොට ඇත.
පළාත් සභා මන්ත‍්‍රීවරුන් පිරිසක් පැවසූවේ කුරුකුලරාජා මහතා විසින් පළාත් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සේනාධිරාජා මහතා වෙත බාරදීම විහිළු සහගත ක‍්‍රියාවක් වන අතර, පළාත් සභා අමාත්‍යවරයෙකු පදවියෙන් ඉල්ලා අස්වීම සිදුකරන්නේ නම් ඉල්ලා අස්වීමේ ලිපිය පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත හෝ පළාත් සභාව වෙත බාරදිය යුතු බවයි.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇමරිකානු සමාගමකට පැවරීමේ සූදානමක්
මිනින්දෝරු දෙපාර්තමේන්තුව අමෙරිකානු සමාගමකට පැවරීමේ සූදානමක් පවතින බව රජයේ මිනින්දෝරු සංගමය සභාපති දුමින්ද උඩුගොඩ මහතා සඳහන් කළේ ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉඩම් අමාත්‍යාංශය මඟින් සම්මත කර ගැනිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.
ජෝන් අමරතුංග මහතා ඉඩම් අමාත්‍යවරයාව සිටියදී ද අමාත්‍ය මණ්ඩලයට මෙවැනිම යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර ඇති වූ විරෝධතා සැලකිල්ලට ගෙන ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණි.
කෙසේ වෙතත් නව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මිනින්දෝරු දෙපාර්තමේන්තුව අමෙරිකානු සමාගමකට පැවරිය යුතු බවට දැඩි ස්ථාවරයක පසුවන බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ මහතා සඳහන් කළේය.
ගං වතුර බැස ගියා…ඊට පස්සෙ? සැගවුණු ගම්මාන දෙකක් තවමත් හුදකලාවේ
මහ මග අයිනේ අතොරක් නැතිව බලා සිටි මේ ඇස් අපිව නතර කරන්නට සමත් වුණා. ඒත් අපිට ඕන වුණේ ගං වතුරෙන් විපතට පත් කළුතර වැසියන් රැදී සිටින කදවුරු සොයා ගිය ගමනට මං සලකුණු අසා ගන්නට. ඔවුන් අප කරා දිව ආවේ දරා ගත නොහැකි කුසගින්න නිවා ගන්න මං සලකුණු සොයා ගන්නට.



Subedha – 0772635856 (කූල්ගා ගම්මානය)
Darshani –0771144947 (අලුකෙටිය ගම්මානය)
