මඩාටුගම අනතුරකින් යතුරු පැදියෙන් ගිය දෙදෙනෙකු මරුට

24-05-12
කැකිරාව කුෂාන් ජයවර්ධන

මඩාටුගම අනතුරකින් යතුරු පැදියෙන් ගිය දෙදෙනෙකු මරුට
නුවර යාපනය ඒ 9 මාර්ගයේ මඩාටුගම ප්‍රෙද්ශයේදී අද (12) සිදුවූ අනතුරකින් 28 හා 31 හැයිරිදි තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිවූ බව මඩාටුගම පොලිසිය කියයි.
අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබී පුද්ගලලික බස් රථයක් හා දඹුල්ල සිට කැකිරාව දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව තිබේ. මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථය එම දෙසටම ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදීඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගැටී ඇති අතර බස් රථයේ ගැටුණු යතුරු පැදිය බස් රථයේ යට සිරවී මීටර් 20ක් පමණ ඉදිරියට ඇදී ගොස් තිබිණ. එහිදී යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා බරපතළ තුවාල ලබා තිබිණ. කෙසේ වෙතත් එම අවස්ථාවේ බස් රථයද ලොරි රථයේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන අසළ වෙල් යායකට පෙරැළී තිබූ බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේදී මගීන් 40ක් පමණ සිට ඇති අතර අනතුරින් එම කිසිවකුටත් තුවාල සිදුව නැති බව පොලිසිය කියයි. එලෙස අනතුරට ලක්වූ ලොරි රථයේදී රියදුරු හා තවත් පුද්ගලයකු ගමන් කර ඇති ඇතර ඔවුන්ටද අනතුරින් කිසිහු හානියක් සිදුව නැතත් එම ලොරි රථයට සැලකිය යුතු හානි සිදුව ඇති බව පොලිසිය කියයි. අනතුරට ලක්වූ යතුරු පැදියට බරපතළ හානි සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා ප්‍රෙද්ශාවසීන් එක්ව මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයකින් දඹුල්ල මහ රෝහල වෙත රැගෙන යාමට ප්‍රෙද්ශවාසීන් එම අවස්ථාවේ කටයුතු කර තිබූ බවද පොලිසිය කියයි. එලෙස ඔවුන් රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදී කිසිවකුත් කරන ලද දැනුම් දීමක් අනුව 1990 ගිලන්රථ සේවාවට අයත් ගිලන් රථයක් ද පැමිණ තිබිණ. පසුව ත්‍රීෙරාධ රථයෙන් රෝහලට රැගෙන යමින් සිටි අනතුරට පත්ව බරපතල තත්වයේ සිටි එම පුද්ගලයන් දෙදෙනා බුලාගල ප්‍රෙද්ශයේදී 1990 ගිලන් රථයට මාරැ කිරීමට කටයුතු කර තිබිණ. එම අවස්ථාවේ බරපතල තත්ත්වයේ සිටි එක් අයෙකු මිය ගොස් ඇති බව පවසා ගිලන්රථයේ සේවක පිරිස විසින් එම පුද්ගලයා මහමග දමා ගොස් ඇතැයි පොලිසිය කියයි. එම අවස්ථාවේ පොලිසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මකව ඇති මඩාටුගම පොලිස් ස්ථානාධීපතිවරයා සිය නිලරථයඑම ස්ථානයට පිටත් කර යවා එම පුද්ගලයාද කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණ. කෙසේ වෙතත් බරපතළ තත්ත්වයේ සිටි ඔවුන් දෙදෙනාම රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මිය ගොස් ඇත්තේ දඹුල්ල කළුන්දෑළුල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයකු හා මහනුවර හතරලියද්දි ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පුද්ගලයෙකි. මිය ගිය අයෙගෙන් එක් අයෙකු විවාහක දෙදරු පියෙකු වන බවත් ඒ අතර මාසයක් වයසැති දරුවෙකු සිටින බත් පොලිසිය කියයි මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරැ පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු තලාව ප්‍රෙද්ශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු අද (12) කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් කිත්සිරි අඹගහවත්ත මහතා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබූ අතර එහිදී සැකකාර රියදුරු ලබන 20 වැනිදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබිණ.
අනතුරින් මිය ගිය දෙදෙනාගේ සිරුර දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේ දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරිය විසින් පැවැත් වීමට නියමිතව ඇති බව පොලිසිය කියයි.
අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව මඩාටුගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

වාහන ආනයනය ලබන වසරේ සිට ක්‍රමානූකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා – ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ආනයන සීමා පුද්ගලික භාවිතාව සඳහා ආනයනය කරනා වාහන සඳහා පමණක් මේ වන විට පවතින බවත්, එම සීමාවන් ඉදිරියේදී ලිහිල් වනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දන්සැල් සඳහා ලංකා සතොසෙන් විශේෂ වට්ටම්

එළෙඹෙන වෙසක් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට කටයුතු කරන බව ලංකා සතොස ආයතනය පවසනවා.

ඒ අනුව සංවිධානය කරනු ලබන දන්සල් සදහා අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ළගම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි සතොස ආයතනය දැනුම් දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

664036ee4de73

පසුගිය කාලේ පාසල් 81 වහලා දැන් ඒ ගොඩනැගිලි විකුණන්න හදනවා. පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

දර්ශාන් ප්‍රනාන්දු
12/04/2024

පසුගිය කාලය තුළ රටේ පාසල් 81ක් වැසී ගොස් ඇති බවත්, එමගින් එම පාසල්වල අධ්‍යාපනය ලැබූ සිසුන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවත් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ චෝදනා කරයි. එහි ලේකම් පූජ්‍ය නාගස්තැන්නේ අරුණිහිමියන් මේ බව ප්‍රකාශ කර සිටියේ අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් පූජ්‍ය නාගස්තැන්නේ අරුණ හිමියන් “බලය ගැන පමණක් හිතන පාලකයන් රටේ අධ්‍යාපනය අමතක කරලා ගෙවුණු කාලය තුළ පාසල් 81ක් සම්පූර්ණයෙන්ම වහලා දාලා. ඒ විතරක් නෙවෙයි එම වහපු පාසල්වල ගොඩනැගිලි හා අනෙකුත් සම්පත් පෞද්ගලික ආයෝජකයන්ට විකුණන්නත් බලාපොරොත්තු වන බව අධ්‍යාපන නැමැති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසුවා. මේක ඉතාම බරපතල තත්වයක්. ආණ්ඩුව සල්ලි හොයාගන්න අද වෙනකොට රටේ ස්වභාවික සම්පත් වගේම ජාතික සම්පත් කුණු කොල්ලෙට විකුණමින් තියෙන්නේ එහිම දිගුවක් ලෙස තමයි පාසල් වලට ස්වාභාවික මරණයක් අත්පත් කරලා දීලා එම පාසල් වළ භෞතික සම්පත් විකුණලා මුදල් හොයන තැනකට ආණ්ඩුව පත් වෙලා. මේක ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කරන තවත් මොහොතක් හැටියට තමයි අපි දකින්නේ.

වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියලා ඊනියා වැඩපිළිවෙළක් ගෙනල්ලා තියෙනවා. ඒ වැඩපිළිවෙලේ නිශ්චිතව සඳහන් වෙනවා මේ විදිහේ පාසල්වල හා උසස් අධ්‍යාපන ආයතන තුළ භාවිතයට නොගන්නා භෞතික සම්පත් ආයෝජකයන්‍ට කුලියට දෙනවා කියල. අපි දකින්නේ මේකත් එවැනිම ක්‍රියාවක් හැටියට. ඒ වගේම අපි ආණ්ඩුවෙන් අහනවා ඇයි ඒ ගොඩනැගිලි භාවිතයට නොගන්නේ. ඒක මේ රටේ ගුරුවරුන්ගේවත්, දෙමාපියන්ගේවත් දරුවන්ගේවත් වරද්දක් නෙවෙයි. ඒ සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙළක් නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නය. නැතුව ඉස්කෝලවල සම්පත් වැඩි නිසා විකුණනවා නෙවෙයිනේ.

ඒ වගේම තමා මේ විදියට පාසල් වැහෙන්නේ නඩත්තු කරගන්න බැරි නිසාවත්, ළමයි නැති නිසාවත් නෙවෙයි. ආණ්ඩුවට පාසල් පද්ධතිය ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් නැති නිසා. අපි අහන්නේ මේ දරුවන්ට දැන් අධ්‍යාපනය හදාරන්න තියෙන අවස්ථාව මොකක්ද කියල?

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී ජීවිත ගත කරන්න ඕන තරම් මුදල් තියෙනවා. නමුත් රටේ අධ්‍යාපනය නගා සිටුවීමට ප්‍රතිපාදන වෙන් කරන්න බෑ. පසුගිය කාලේ අපි ඕන තරම් දැක්කා මහා පරිමාණ වංචා දූෂණ එමගින් මහජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරා ගත්තා, වංචා කරා. එහෙම වංචා කරේ මේ රටේ අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වෙන් කරන්න තිබුනු මුදල්.

එනිසා අපි මහජනතාවට කියනවා මේ පාලකයන්ගෙන් තවදුරටත් සහන බලාපොරොත්තු වෙලා වැඩක් වෙන්නෙ නෑ. මේක හරියට ” බීරි අල්ලන්ට වීණා වාදනය කරනවා වගේ වැඩක්”. එනිසා ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගතහැකි, ජනතාවට සේවය කිරීමට හැකි ජනතාවාදී පාලනයක් නුදුරේදීම පිහිටුවා ගැනීම වෙනුවෙන් සංවිධානය වෙන්න, ඒවෙනුවෙන් වහෙස නොබලා කටයුතු කරන්න කියලා අපි මේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පාසල් සුරැකීමේ ජනත ව්‍යාපාරයේ ලේකම් නාගස්ථන්නේ අරුණ හිමියන්, එහි ජාතික සංවිධායක ගැමුණු විජේකීර්තී සහෝදරයා, හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක ජේ. ජී. අමරජීව මහතා, දෙමව්පියන් නියෝජනය කරමින් අසංක ප්‍රනාන්දු මහතා හා රත්නාවලී කරුණාජීව මහත්මිය යන අය සම්බන්ධ විය.

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
2024 – 05 – 12

WhatsApp Image 2024-05-12 at 17.09.57

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් කහටගස්දිගිලිය කිරිඉබ්බෑව ප්‍රදේශයේ දී අද (12) දහවල් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර ඒකකයට ලද තොරතුරක් අනුව ලොරි රථ අටකින් මෙම සහල් තොගය කිරිඉබ්බෑව පෞද්ගලික සහල් සකස් කිරීමේ මෝලකට රැගෙන ගොස් නැවත ඇසුරුම් කිරිමේ ක්‍රීයාවලිය සිදුකරමින් සිටින අවස්ථාවේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත.

මෙම සහල් තොගයේ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් එක් ලක්ෂ හැත්තැහයදාස් පන්සියයක් බව වැටලීම් නිලධාරීහු පවසති

එම සහල් තොගයේ අසුරා තිබු ඇසුරුම්වල සටහන්ව තිබු අයුරින් පසුගිය 30 වෙනිදා වෙන විට මෙම සහල් කල්ඉකුත් වීමට නියමිත වන අතර අත් අඩංගුවට ගත් සහල් මිනිස් පරිබෝජනයට සුදුසු නොමැති බවත් යන්ත්‍රානු සාරයෙන් සහල් නැවත පිරිසිදු කර වෙනත් බහාළුම් වල අසුරා කල් ඉකුත්වීමේ දිනය ඉදිරියට දින 30ක් දක්වා දින යොදා රජය මගින් අඩු ආදායම් ලාබීන්ට නොමිලේ බේදා දීමේ අපේක්ෂාවෙන් පෞද්ගලික සහල් මෝල වෙත රැගෙන ගිය බවට අනාවරණය කරගෙන ඇතැයි ද පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සහල් තොගය එම මෝලේ ගබඩාවකට දමා සීල් කිරිමෙන් අනතුරුව සහල් මෝලේ හිමිකරු වන කේ.එස්.ජි. අස්මි නැමැත්තා අද (12) ශරිර ඇපමත මුදාහැරිනු ලැබු අතර එළේබෙන (13) දින කහටගස්දිගිලිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

මෙම වැටලීම සදහා ජේෂ්ඨ විමර්ශන සේවා නිළාදාරි J.M.R.කරුණාරත්න මහතා ඇතුලු නිළධාරින් පිරිසක් හා කහටගස්දිගිලිය පොලිස් නිළධාරින් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

එදා අරලියගහ මන්දිරයට ආපු කිසි කෙනෙක්ගෙ අතේ ආයුධයක් තිබුනෙ නෑ – මහින්ද කහඳගම

2022 වර්ෂයේ මැයි 09 වනදා “ගෝඨාගෝගම” අරගල භූමියට පහර දුන්නේ තම කණ්ඩායම නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම පවසනවා.

පහර දීම ඇරඹූයේ වෙනත් කණ්ඩායමක් බවත්, එම කණ්ඩායමට තම කණ්ඩායමද වැටුනු බව තමන් පිළිගන්නා බවයි අද බේරේ වැව ආසන්නයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

තම කණ්ඩායම නොදැනුවත්ව එසේ කළ බවද, එදින අරලියගහ මන්දිරයට පැමිණි කිසිවෙකුගේ අතේ ආයුධයක් නොතිබූ බවද, එදින ගමේ ජනතාව පැමිණ සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අගමැති ධුරයෙන් ඉවත් නොකර තබන්න යන ඉල්ලීම කිරීමට පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මාතලේ, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවධානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් එහි සඳහන් වනවා.

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

මේ දිනවල WhatsApp Group යොදාගනිමින් සිදුකරනා මුදල් වංචා වලින් ප්‍රවේශම් වන ලෙස FINCSIRT සහ LankaPay ආයතන මහජනතාව දැනුවත් කරනවා.

මෙවැනි වංචාවලදී ඔබව නොදන්නා අංකයකින් ව්‍යාජ නම්වලින් ඇති WhatsApp Group වලට එක්කර, සම්පූර්ණ කිරීම සඳහා යම් යම් කාර්යයන් ලබා දෙන බවද, එම කාර්යයන් සම්පූර්ණ කළ පසු ඒ සඳහා සුළු ගෙවීමක්ද ලබා දෙන අතර, එලෙස ඔබේ විශ්වාසය දිනාගත් පසු ඔබව Telegram වෙත යොමුකර නොයෙකුත් කූඨ උපක්‍රම හරහා ඔවුන්ගේ ගිණුමකට විශාල මුදලක් තැම්පත් කිරීම සඳහා ඔබව රවටා පොළඹවාගන්නා බවයි ඔවුන් දැනුවත් කරන්නේ.

WhatsApp යෙදුමෙහි Settings > Privacy > Groups වෙත ගොස් My Contacts තේරීමෙන්, නොදන්නා අයට ඔබව WhatsApp Group වලට එක් කිරීමට නොහැකි වන පරිදි සකසා ගැනීමෙන් මෙවැනි වංචාවලින් වැළකී සිටිය හැකි බවද ඔවුන් දැනුවත් කරනවා.

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නායකයින් අද රැස්වෙයි

අද (09) දින විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නායකයින් රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත සඳහන් කළේ.

වැටුප් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද 8 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

800 ගිය බී ලූනූ 160 අඩුවෙයි..

රු 800යට ගියපු බී ලූනු අද ඇල්පිටියේ රු 160යි,රු 200 රු 300 පන්නිපිටිය රත්මල්දෙනිය රු 160යි,දැන් කල යුත්තේ බී ලූනු පසුගිය කාලේ ඇරියස් එකත් එක්ක බුදින එක,වහාම හෙට සිට සිනි සම්බල් පාන් කාලට සීනි සම්බල් වැඩි කල යුතුය ,සිනි සම්බල් බන් එකට සීනි සම්බල් වැඩි කල යුතුය ,මාලු පාන් එලවලු රොටි,කොත්තු හාල් මැස්සෝ බැදුමට බී ලූනු වැඩි කල යුතුය ,මේ පිලිබද පාරිභෝගික යා හෝටල් බේකරි දැනුමෙන් සන්නද්ධ කල යුතුය ,චීනෙන් ගෙනාපු පොල් ගෙඩි සයිස් ලූනු කුනු වෙලා යන තැනට පිටකොටුවේ පත් වී ඇත ,ඒ ලූනු kg1ක් රු 60කටවත් අලෙවි කර ගත නොහැක ,අද ඇල්පිටියේ කුකුල් මස් රු 1100 යි,මේ මිල පහත හේලිම පිලිබද වෙලෙද අමාත්‍යාංශය ආනයනය කරුවන් තොග හා සිල්ලර වෙළෙඳුන්ට ගෞරවනීය ප්‍රණාමය,හෙට උදේ 9.30 මේ පිලිබද ගෞරවනීය මාධ්‍ය දැනුවත් කිරිම පන්නිපිටිය නිවසේදී ,,
අසේල සම්පත්
ජාතික පාරිභෝගික පෙරමුණ

WhatsApp Image 2024-05-09 at 17.54.29