iPhone 16 නිල වශයෙන් එළිදක්වයි

නවතම iPhone 16 ජංගම දුරකථන මාදිලිය එළිදක්වා තිබෙනවා.

Apple Park හිදී පැවැත්වෙන වාර්ෂික උළෙලේදී ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය මෙලෙස එළිදක්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

iPhone 16, iPhone 16 plus, iPhone 16 pro සහ iPhone 16 pro max ලෙස මාදිලි කිහිපයකින් මෙය සමන්විත වනවා.

ජායාරූප පහතින්.

66dfc60332fff 66dfc5fec9b22

66dfc603549dd

පූජිත් ජයසුන්දර පාස්කු වන්දි මුදල ගෙවා දමයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙනවා.

ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බෙංගල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා සැලකිලිමත්වන ලෙස දන්වා අනතුරු අඟවා ඇති බවයි සඳහන් වෙන්නේ.

වයඹ සහ ඊට යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී සැප්තැම්බර් 08 වන දින 1800UTC වන විට උතුරු අක්ෂාංශ 18.9 ත් නැගෙනහිර දේශාංශ 86.3ත්  ආශ්‍රිතව පැවතින බවද සඳහන්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

මෙම නිවේදනය පහතින්.

66dea7ee70f17pdf_page_1

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාම යෝජනා භාරගැනීම අද සිට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වනවා.

ඒ අනුව අද සිට ලබන 12 වනදා දක්වා අදාළ නාම යෝජනා භාර ගැනීම සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම නාම යෝජනා භාරගැනීම් සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2024 වසරේ මේ දක්වා රුපියල් බිලියන 15ක මත්ද්‍රව්‍ය නාවික හමුදාව භාරයට

වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,000කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.

ඒ අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 385කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 9,631ක් බවයි වාර්තා වෙන්නේ.

එසේම රුපියල් මිලියන 4,860ක වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 511කට ආසන්න තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවද සඳහන්.

අදාළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම් සම්බන්ධයෙන් පුද්ගලයින් 162 දෙනෙකු සහ  මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ බෝට්ටු 11ක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද රුපියලකින් අඩු කෙරේ

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ.

අදාළ මිල අඩුවන ආකාරය පහතින්.

66dd3de64e371

අනුරගේ ප්‍රකාශය ජාතිවාදී අරමුණකින් සිදුකළ ප්‍රකාශයක් නෙවෙයි – සුමන්තිරන්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජාතිවාදී ප්‍රකාශයක් සිදුකළා යැයි තමන් විශ්වාස නොකරන බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් පවසනවා.

තමා අනුර කුමාර දිසානායක ගැන හොඳින් දන්නා බවත් ඔහු විසින් සිදුකළ එම ප්‍රකාශය ජාතිවාදී අරමුණකින් සිදුකළ එකක් නොවන බවයි යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනතාව බලාපොරොත්තු වන වෙනස ගෙන්වා ගැනීමට අනුර කුමාර දිසානායක හා ඔහුගේ පක්ෂය සමඟ කටයුතු කිරීමට සූදානම් බවද එම්.ඒ. සුමන්තිරන් වැඩිදුරටත් සඳහන් කළා.

අද විශේෂ දිනයක් ලෙස නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදු කෙරේ

අද (08) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවසින් නිවසට රැගෙනගොස් භාරදීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

අද දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජනපති අපේක්ෂකයින් අතර විවාදය ඇරඹෙයි

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමු දින විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

අද පැවැත්වෙන විවාදය සඳහා සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ ආරියනේත්තිරන් පාක්කියසෙල්වම් යන ජනාධිපති අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතයි.

ජනපති අපේක්ෂකයින් අතර විවාදය අද සිට ආරම්භ වෙයි

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාව අද (07) සිට ආරම්භ වනවා.

ඒ අනුව අද සිට දින තුනක් අපේක්ෂකයින් 16 දෙනෙක් සමඟ පස්වරු 3.00 සිට 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත බවයි මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කළේ.

මෙම විවාදය රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍යවලට අමතරව “හෙළකුරු ජනවරම” ඩිජිටල් මැතිවරණ තොරතුරු සේවාව ඔස්සේ අදාළ දින තුන පුරා සජීවීව විකාශය කිරීමට නියමිතයි.

66dbe4bc77348