ලොහාන් සහ බිරිඳ යළි 18 වනදා දක්වා රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ් අනුව ඔවුන් අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිතා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන පසුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

Wanderlust Reader Travel Awards හිදී ශ්‍රී ලංකාව​ට රන් සම්මානයක්

ලෝ ප්‍රකට Wanderlust Reader Travel Awards හිදී ශ්‍රී ලංකාවට Most Desirable Island කාණ්ඩයේ රන් සම්මානය හිමිවී තිබෙනවා.

මෙවර ලන්ඩනයේ දී එම සම්මාන උළෙල පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවට රන් සම්මානය හිමිවූ අංශයේ රිදී සම්මානය තායිවානයට ද, ලෝකඩ සම්මානය Puerto Rico රාජ්‍යයට ද හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

200,000කට අධික සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ලොහාන් සහ ඔහුගේ බිරිඳ අධිකරණයට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ මේ වන විට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

නීති විරෝධීව විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

මිරිහාන ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබී අති සුඛෝපභෝගී මෝටර් රථයක් පසුගිය 26 වනදා පොලිසිය සොයාගෙන තිබුණා.

විදේශ ගමන් බලපත්‍ර ගැටලුව විසඳීම සඳහා රජය උපරිමයෙන් කටයුතු කරනවා – ජනපති

විදේශ ගමන් බලපත්‍ර ගැටලුව විසඳීම සඳහා රජය උපරිමයෙන් කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව මේ වන විට ඇනවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ හතහමාර අවසන්වීමට පෙර නව ඇනවුමක් ගෙන ඒමට කටයුතු කරන බවයි ඊයේ (06) රාත්‍රියේ පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

පළපුරුදු යැයි පවසන නායකයින් සිදුකර තිබුණේ පැවති විදේශ ගමන් බලපත්‍ර තොගය අවසන් වෙමින් තිබියදී තවත් තොගයක් ගෙන ඒම වෙනුවට නව E – පාස්පෝට් එකක් සඳහා ටෙන්ඩර් කැඳවීම බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

එම E – පාස්පෝට් එක පැමිණෙන කාලයක් ගැන ඔවුන්ට අදහසක් නොතිබූ බවත්, එම කාලය තුළ විදෙස් ගමන් බලපත්‍ර තොගය අවසන් වූ පසු E – පාස්පෝට් සමාගමටම පාස්පෝට් මුද්‍රණය කිරීමට ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම පාස්පෝට් තොගය ද ලැබෙන්නේ කඩින් කඩ බවත්, එකවර ලබාදීම වෙනුවට කඩින් කඩ ලබාදීම තුළින් විදෙස් ගමන් බලපත්‍ර හිඟයක් ඇතිවීම අනිවාර්යය බවත්, මෙම ගැටලුවට පැවති පාලනය වග නොකියා නව රජය වග කියන්නේ කෙසේද යන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සූකර උණ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය ලිහිල් කෙරේ

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නිරෝගී සතුන් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කළේ.

නව ගැසට් නිවේදනය අනුව නිරෝගී ගොවිපොළවල ඇති කරන ආසාදනය නොවූ සතුන් පශු වෛද්‍යවරයෙකුගේ සත්ත්ව සෞඛ්‍ය වාර්තාවක් මත ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අමෙරිකාවේ 47 වන ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වෙයි

අමෙරිකාවේ 47 වන ජනාධිපති තෝරා ගැනීමේ සටනින් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව Fox News වාර්තා කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව ගොස් වසර හතරකට පසු එක්සත් ජනපද ජනාධිපතිවරණය යළි ජය ගෙන ඇති බවයි.

ඔහු මේ වනවිට සිය පාක්ෂිකයින් අමතමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

US Election 2024: දහවල් 1.00 වන විට අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල

අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබෙනවා.

ඒ අනුව අද දහවල් 1.00 පමණ වන විට ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල 266 ක් ජය ගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් පසුවන අතර ඡන්ද විද්‍යාල 188 ක ජයක් හිමි කර ගනිමින් කමලා හැරිස් දෙවන ස්ථානයේ පසුවනවා.

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට ඡන්ද විද්‍යාල 270 ක් ජය ගත යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීම් විටින් විට බලාපොරොත්තු වන්න.

Source – CNN Live

Result Updated Time – 1.00 Pm

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහේස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කර තිබෙනවා.

ඒ අනුව නීතිපතිගේ උපදෙස් අනුව එම නඩුව නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කාන්තාවන්ට වඳ සැත්කම් කළැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

ඒ සම්බන්ධයෙන් 2019 වසරේ මැයි 25 වෙනිදා කුරුණෑගල එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තා.

ගාලු මුවදොර පිටිය උත්සව සහ සංගීත ප්‍රසංග ආදිය සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය

ගාලු මුවදොර පිටිය විවිධ උත්සව, සැමරුම් සහ සංගීත ප්‍රසංග ආදිය සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට 2023‑04‑17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබූ බවයි සඳහන් වෙන්නේ.

ගාලු මුවදොර පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5 – 3.0 ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන අතර, එම මුදල ආවරණය කර ගැනීමට සහ 2023 වසරට පෙර පැවති ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකයින්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණීය හා ආරක්ෂිත ස්ථානයක් ලෙස පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, “පිරිසිදු හා හරිත ගාලු මුවදොර පිටියක්” යන සංකල්පය මත පදනම්ව ගාලු මුවදොර පරිපාලනය වඩාත් ක්‍රමවත්ව හා විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

672b1537ceecd

අගමැතිට වෙන්කර තිබූ ගිලන් රථ​ය සහ වෛද්‍ය ඒකකය මහජන සේවයට එක්කෙරේ

අග්‍රාමාත්‍යවරයාට වෙන්කර තිබූ ගිලන් රථය මහජන සේවයට එක් කිරීමට තිරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.

එසේම අග්‍රාමාත්‍යවරයාට අනියුක්ත කර තිබූ වෛද්‍ය ඒකකයද මහජන සේවයට එක් කිරීමට තිරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.