නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම්දී තිබෙනවා.

ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර මහත්මිය, සම්පත් බී. අබේකෝන් මහතා සහ එම්.එස්.කේ.බී.විජේරත්න ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස  දිවුරුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

678361431c2d8pdf_page_0

උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක් හේතුවෙන් ගමනාගමනයට බාධා

පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔහිය සහ ඉදල්ගස්ඉන්න දුම්රිය ස්ථාන අතර නායයාමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි සඳහන් වෙන්නේ.

මේ වනවිට දුම්රිය කාර්ය මණ්ඩල යොදවා අදාළ ස්ථානයේ පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රත්කිඳ සහ රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

ඇද හැලෙන වර්ෂාව හමුවේ උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කර තිබෙනවා.

ඒ අනුව පිටවානේ සියලුම ගේට්ටු විවෘත කර ඇති බවයි ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර සඳහන් කළේ.

මේ අතර රාජාංගන ජලාශයේ වාන් දෙරටු දෙකක් විවෘත කිරීමට ද අද පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අඩි දෙක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු දෙක තුළින් තත්පරයට ඝන අඩි 1,200ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවයි සඳහන් වෙන්නේ.

කවුඩුල්ල වැවේ වාන් දොරටු 04 ක් විවෘත කෙරේ

කවුඩුල්ල වැවේ වාන් දොරටු 12න් 04ක් අද (11) උදෑසන යලි විවෘත කිරීමට කවුඩුල්ල වාරිමාර්ග නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

ගල් ඔයේ ජල පෝෂක ප්‍රදේශයට ඊයේ(10) රාත්‍රියේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ගල් ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත්, ඒ් හේතුවෙන් ගල් ඔයේ වාන් දොරටු විවෘත කිරීම නිසා ගල් ඔයේ වාන් ජලය කඩුඩුල්ල වැවට ගලා ඒමත් සමග කවුඩුල්ල වැවේ ජල ධාරිතාවද එහි වාන් මට්ටමට ආසන්න වී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව කවුඩුල්ල වැවේ වාන් දොරටු 12න් 04ක් අඩි 01 බැගින් විවෘත කිරීමට කවුඩුල්ල වාරි මාර්ග නිලධාරීන් කටයුතු කර තිබෙන අතර, එම වාන් දොරටු හතරෙන් තත්පරයට ඝන අඩි 1000ක ජල ධාරිතාවක් කහඹිලියා ඔයට මුදා හැරෙන බවද සඳහන්.

මේ හේතුවෙන් කහඹිලියා ඔයේ ජලය පරිහරණය කරන ජනතාව ජලය පරිහරණයේදී වඩා සුපරික්ෂාකාරීව කටයුතු කරන ලෙසට කවුඩුල්ල වාරිමාර්ග නිළධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්දීය ආරක්‍ෂක උපදේශක සහ මෙරට නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි යන නිලධාරින් ඊයේ (10) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර සමග කොළඹ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී හමුවුනා.

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇති අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡා කර තිබෙන අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන හා ශක්තිමත් ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වූ බවයි සඳහන් වන්නේ.

මෙම සුහද හමුව අතරතුර, ජනවාරි 26 වන දිනට නියමිත ඉන්දියාවේ 76 වන ජනරජ දින සැමරුම් උත්සවයට සහභාගී වන ලෙසත් කපිතාන් මුකුන්දන් නියෝජ්‍ය අමාත්‍යවරයාට නිල ආරාධනයක් කර තිබෙන බවද සඳහන්.

දෙරට අතර ශක්තිමත් පුද්ගලාන්තර සම්බන්ධතා වර්ධනය කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අවධාරණය කළ අතර, ඉන්දියාවෙන් අඛණ්ඩව ලැබෙන හමුදා සහාය ගැනත්, මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සඳහා ඉන්දියාව දක්වන සහයෝගය පිළිබඳවත් ඔහු සිය කෘතඥතාවය පළ කර සිටියා.

සීගිරිය රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණයක්

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘතව තැබීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා.

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය ඒ සඳහා පළමුව තෝරාගෙන ඇති බවයි බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසන්නේ.

ඒ් අනුව සීගිරිය රාත්‍රි කාලයේදීත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය සිරමැදිරියකට මාරු කෙරේ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර යවා තිබෙනවා.

ඒ අනුව අද (10) පස්වරුවේ දුමින්ද සිල්වා මෙලෙස වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක සඳහන් කළේ.

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පසුගියදා පත්කර තිබුණා.

ලංකාවේ තියෙන ලොරි චැසියට බස් බොඩි ගහපු බස් මගී ප්‍රවාහනයට සුදුසු නෑ – ඩිලන්ත මාලගමුව

බස් බවට පවසා ලංකාවට ගෙන්වන්නේ ලොරි චැසියට බස් බොඩියක් ගසා ගෙන්වන ඒවා බව ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව පවසනවා.

ඒ අනුව ඒවා මගීන් ප්‍රවාහනයට සුදුසු නොවන බවයි ඊයේ (09) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ලංකාවේ ලබාගැනීමට ඇත්තේ එවැනි රථ නම් හිමිකරුවන්ට ඒවා මිලදී ගන්නවා හැර වෙනත් ක්‍රමයක් නොමැති බවද ඔහු සඳහන් කළා.

මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයේ ධාවනයට එක් කිරීමේදී සලකා බලන කාරණා ඇති බවත්, ලංකාවට ගෙන්වන මෙවැනි බස් රථ ධාවනය කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බවද ඔහු සඳහන් කර සිටියා.

Clean Sri Lanka එකෙන් මුලින්​ම කරන්න ඕනේ කුසට සා ගිනි නැති කරන්නේ කොහොමද කිය​න එක – රොෂාන් රණසිංහ

Clean Sri Lanka ව්‍යාපෘතිය තුළින් මුලින්ම සිදුකළ යුත්තේ ජනතාවගේ ආර්ථිකය නිර්මාණය කිරීම බව හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

එසේම විරැකියාව තුරන් කිරීමට, අධ්‍යාපනය නංවාලීමට සහ ප්‍රශස්ත රාජ්‍ය සේවයක් ඇති කිරීම සඳහා Clean Sri Lanka ව්‍යාපෘතිය තුළින් කටයුතු කළ යුතුව ඇති බවයි අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

Clean Sri Lanka ව්‍යාපෘතිය තුළ ප්‍රමුඛතාගත කිරීම සම්පූර්ණයෙන් වැරදි බවත්, පළමුවෙන්ම කළ යුත්තේ කුසට සා ගිනි නැති කිරීම සඳහා Clean Sri Lanka ව්‍යාපෘතිය තුළ කටයුතු කරන්නේ කෙසේද යන්න බවයි හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

උදයංග වීරතුං​ග රිමාන්ඩ් කෙ​රේ

අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එළැඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට ඔහු අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.