සංශෝධනය වූ අස්වැසුම යෝජනා ක්‍රමය ගැසට් කෙරේ

සංශෝධනයට ලක්කරන ලද අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මින් පෙර දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8‍,500 සිට රුපියල් 10, 000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව ද රුපියල් 17,500 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

676b88481f633pdf_page_1 676b88480aef6pdf_page_0

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියයන විට 80 වන වියේ පසු වූ බවයි සඳහන් වෙන්නේ.

ආදරණීය නේරංජනා, හෙට දවසේ, මට වාසනා, සඳ මා ගාවයි, මාගේ සැමරුම් පොතේ, එකම වීදියේ, මොහොතක සුව දෙන, ගෙලවට බැන්දා වූ වැනි ගීත සඳහා සූරියසේන මහතා විසින් සංගීත අධ්‍යක්ෂණය කර තිබෙනවා.

දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ රාමුව පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු සහ මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීහු සහභාගි වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අමාත්‍යාංශ, නියාමන ආයතන, නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතන ඇතුළුව, පාර්ශ්වකාර ආයතන 24ක් සඳහා සම්පාදනය කර ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කඩිනම් අවශ්‍යතාව මෙහිදී මූල්‍ය බුද්ධි ඒකකය විසින් අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

676a5a905f9cepdf_page_0

Moody’s ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දමයි

ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම ‘Ca’ මට්ටමේ සිට ‘Caa1’ දක්වා ඉහළ දැමීමට Moody’s ආයතනය තීරණය කර තිබෙනවා.

පුද්ගලික අංශයේ ණයහිමියන් සතු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම අනුමත කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය සුදත් මහදිවුල්වැවට

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුදත් මහදිවුල්වැව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

ඒ අනුව, එම පත්වීම අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව සඳහන්.

හැටන් බස් රථ අනතුර සම්බන්ධයෙන් රථයේ රියදුරු 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි එම බස් රථයේ රියදුරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර තිබෙනවා.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් එස්. රාම්මුර්ති මහතා විසින් අද (22) මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

රෝහල වෙත පැමිණි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා, වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිළිබද කරුණු විමසා මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව සැකකාර රියදුරා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ රෝහල තුළම මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වසරේ ගෙවුණු කාලය තුළ රිය අනතුරුවලින් 2,243 දෙනෙක් මරුට

මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

එම කාලසීමාව තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 22‍,967 ක් වන අතර ඒ අතරින් සිදුව ඇති මාරක අනතුරු ගණන 2,141 ක් බවයි පොලීසිය සඳහන් කළේ.

බරපතල ගණයේ අනතුරු 6,500 ක් එම කාලසීමාව තුළ වාර්තා වී ඇති අතර සිදුවී ඇති සුළු අනතුරු සංඛ්‍යාව 9‍,127 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හැටන් ප්‍රදේශයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මරුට

අද (21) උදෑසන හැටන් ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 03 දෙනෙකු මිය ගොස් 28 දෙනෙකු තුවාල ලැබුවා.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්, හැටන් – මල්ලියප්පුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන, තේ වත්තකට පෙරලී යාමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

මෙම අනතුරෙන් පිරිමි පුද්ගලයෙකු,  කාන්තාවක හා දරුවෙකු මරණයට පත්වී ඇති අතර, තුවාල ලැබූ අයගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින්, ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහලට යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

Fitch ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව CCC+ වෙත උසස් කෙරේ

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවත්, මේ හේතුවෙන් ඔවුන් විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇති බවත් ෆිච් රේටින් සමාගම පවසනවා.

ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC- (සෘණ) මට්ටමේ සිට CCC+ (ධන) මට්ටම දක්වා උසස් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සහ සාර්ව ආර්ථික දර්ශක සඳහා වූ ඉදිරි දැක්ම සම්පූර්ණ කිරීම මගින් දේශීය මුදල් ණය පැහැර හැරීමේ අවදානම අඩු වී ඇති බවයි ෆිච් රේටින් සමාගම පවසා සිටින්නේ.

නිල නිවේදනය

67663d316107e

දේශපාලනයට ඕනෑ අවංක භාවයයි, අධ්‍යාපන සුදුසුකම් නෙවෙයි – මහින්ද දේශප්‍රිය

දේශපාලනයට අවශ්‍ය වන්නේ අවංකභාවය මිස අධ්‍යාපන සුදුසුකම් නොවන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

නමුත් අධ්‍යාපන සුදුසුකම් ඇති බවට ප්‍රකාශ කළා නම් ඒවා පෙන්වීමට අවශ්‍ය බවයි අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ජනතාව තනතුරු බලා ඡන්දය ලබාදෙන බවට තමන් විශ්වාස නොකරන බවයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.