රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතිනවා – ජනපති

අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කරගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳව යළි විමර්ශනය කිරීමට පත්කළ නව කමිටුව මගින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (20) පැවති දිස්ත්‍රික් ලේකම්/ දිසාපති සමුළුව අමතමින්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67654781ec307pdf_page_1 67654782ae293pdf_page_2 67654780f08aapdf_page_0

සුනඛයෙකුට පහර දෙන විඩියෝවෙහි සිටි සැකකරුවන් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සුනඛයෙකු හට පොල්ලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ඊයේ (18) දැඩි කතාබහක් මතුකර තිබුණා.

ඒ අනුව පහරදීම හේතුවෙන් සුනඛයා මියගිය බවට හිමිකරුගෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබුණු බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ අක්මීමණ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වීඩියෝවෙහි සිටි සුනඛයාට පහරදුන් සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථය ද සමඟ ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙරට පොලිසියේ වාහන අවශ්‍යතාව සපුරාලීමට ඉන්දීය රජයෙන් මිලිය​න 300 ක ප්‍රදානයක්

මෙරට පොලිසියේ වාහන අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක මුදල් ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.

එම ප්‍රදානය භාවිත කරමින් උතුරු පළාතේ පොලිස් ස්ථානවල රාජකාරි අවශ්‍යතා සඳහා කැබ් රථ ලබාදීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව එකී ප්‍රදානය ලබාගැනීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6763e8ce4c648

නීති විරෝධී මත්පැන් ව්‍යාප්තවීම වැළැක්වීමට අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට අවධානය

නීති විරෝධී මත්පැන් විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති බවත් සුරාබදු ආදායමෙන් 30% ක් පමණ අහිමිව ඇත්තේ මෙම නීති විරෝධී මත්පැන් නිසා බවත් සුරාබදු කොමසාරිස්වරයා පවසනවා.

මෙම මත්පැන් නැති කිරීම වැටලීම්වලින් පමණක් සිදුකළ නොහැකි අතර ඒ සඳහා යොමුවී සිටින මහජනතාවට විකල්ප යෝජනාවලියක් ගෙන ආ යුතු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා සඳහන් කළේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර විකල්පයක් ලෙස අඩු මුදලකට මිලදීගත හැකි මත්පැන් බෝතලයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් එය ප්‍රමිතියෙන් යුතුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කිරීමෙන් පසුව එහි අනුමැතිය ඔස්සේ වෙළඳපොළට නිකුත් කරන බවද ඔහු සඳහන් කළා.

මෙය සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කරගැනීම හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමක් නොවන බවද නීති විරෝධී මත්පැන්වලින් සමාජයේ ජීවත්වෙන අය ගලවා ගැනීමට සිදු කරන වැඩපිලිවෙලක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මෙන්ම ආර්ථික අර්බුදය හමුවේදී සහාය ලබාදීම පිළිබඳව ජනපති චීන රජයට කෘතඥතාව පළ කරයි

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව ද චීන රජයට සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං (Qin Boyong) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (18) හමු වූ අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කිං බොයොං  සඳහන් කළා.

එසේම මෙරට ආපදා තත්ත්වයන්වලදී ආධාර ලබා දීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම පිළිබඳවත් ස්තුතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියටත් චීනයේ සහාය අවශ්‍ය බවද පෙන්වාදී තිබුණා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6762d14984988pdf_page_0

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත් මැති ඇමති ප්‍රභූන් පිළිබඳව නලින්ද ජයතිස්සගෙන් හෙලිදරව්වක්

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එම අරමුදලින් විවිධ ගෙවීම් ලබාගත් මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ නම් මෙලෙස හෙළිදරව්වක් සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නම් ලැයිස්තුව පහතින්.

පී. හැරිසන්

පියසේන ගමගේ

සුමේධා ජයසේන

මනෝජ් සිරිසේන

පී. දයාරත්න

එස්.ඊ. මුතුකුමාරණ

වාසුදේව නානායක්කාර

සරත් අමුණුගම

එස්.බී. නාවින්න

දයාසිරි ජයසේකර

පියල් නිශාන්ත ද සිල්වා

සුසිල් ප්‍රේමජයන්ත

ඉසුර දේවප්‍රිය

එස්.ඒ. ජගත් කුමාර – ලක්ෂ 10

කේ.පී.එස් කුමාරසිරි – රු. 953,430

ජයලත් ජයවර්ධන –  ලක්ෂ 10

නාමල් ගුණවර්ධන – ලක්ෂ 10

ධර්මදාස බණ්ඩා –  ලක්ෂ 10

විදුර වික්‍රමනායක – ලක්ෂ 15

විමලවීර දිසානායක – ලක්ෂ 30

ලකී ජයවර්ධන – ලක්ෂ 16.2

බී. චන්ද්‍රසේකරන් – ලක්ෂ 14

ජෝන් අමරතුංග – ලක්ෂ 40

ජෝසප් මයිකල්- ලක්ෂ 27

ටී.බී. එ්කනායක –  ලක්ෂ 48

ඩබ්.එම්.එස්. ෆොන්සේකා – ලක්ෂ 55

නීතිඥ ජයන්ත වීරසිංහ – ලක්ෂ 90

ඇලික් අළුවිහාරේ – ලක්ෂ 22

රංජිත් අළුවිහාරේ – ලක්ෂ 8.6

රාජිත සේනාරත්න – ලක්ෂ 100

කෙහෙළිය රඹුක්වැල්ල – ලක්ෂ 110

එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන – ලක්ෂ 112

රංජිත් සොයිසා – ලක්ෂ 188

දි.මු. ජයරත්න – ලක්ෂ 300

පාතාල නායකයින්ටත් STF ආරක්ෂාව දෙනවා, රට බේරගත්ත නායකයාගේ ආරක්ෂාවට දෙන්නේ පොලීසියේ හැ​ටයි – ඩී.වී චානක

හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනාට එකම ප්‍රමාණයේ ආරක්ෂාවක් ලබාදීමට සිදුකළ තක්සේරුව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පවසනවා.

ඒ අනුව පාතාල නායකයින්ටද විශේෂ කාර්යබලකා වාහන දෙකක් ලබාදෙන විට රට බේරාගත් නායකයාගේ ආරක්ෂාවට ලබාදෙන්නේ පොලිස් නිලධාරීන් 60 ක් පමණක් බවයි අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රටේ සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට හිටපු ජනාධිපතිවරයාව ආරක්ෂා කිරීමට හැකිදැයි ගැටලු සහගත බවයි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වත්මන් ආණ්ඩුව අද පොල් සම්බෝලයි බතුයි සුඛෝපභෝගී ආහාරයක් කරලා – ගයන්ත

ආණ්ඩුවේ පළමු නිර්මාණය බවට පත්වූයේ හාල් සහ පොල් මිලදී ගැනීමට පෝලිමක් නිර්මාණය කිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසනවා.

ඒ අනුව වත්මන් ආණ්ඩුව හාල් සහ පොල් මිල හරහා සාමාන්‍ය මිනිසුන් ආහාරයට ගන්නා පොල් සම්බෝලය සහ බත සුඛෝපභෝගී ආහාරයක් බවට පත්කර ඇති බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මේ සෑම දෙයක් හරහාම පෙන්නුම් කරන්නේ රජයට පවතින ගැටලු කළමණාකරනය කිරීමේ නොහැකියාව බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනේ

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාව අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් මැදුරේදී  අද (16) පස්වරුවේ පවත්වා තිබෙනවා.

ඉන් අනතුරුව ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ඉන්දු – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් ඉදිරියේ හුවමාරු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම භෞතික, ඩිජිටල් සහ බලශක්ති යන කුළුණු තුන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය දැක්වීමටද දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර ලබාදීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය අධ්‍යාපන සහයෝගිතාව යටතේ ලබන වසරේ සිට යාපනයේ සහ නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලවල සිසුන් 200 කට මාසික ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත අතර ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයන් 1500 කට ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිව ඇති බව තමන් හොඳින් දන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී සිහිපත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳ සතුටු වන බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6760024b8ba59pdf_page_1 6760024b7f1a1pdf_page_0

මීගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (14) රාත්‍රියේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩිතබා ඝාතනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මියගොස් ඇත්තේ, 32 හැවිරිදි එක් දරු පියෙක් වන අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.