‘සිහිනයේ ස්වරය’ – උතුරු ඇමරිකාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් සදහා වන පළමු රියැලිටි වැඩසටහන.

උතුරු ඇමරිකාවේ  ප්‍රථම වරට පවත්වනු ලබන සිහිනයේ ස්වරය පළමු රියැලිටි ගායන තරඟය ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන් සදහා විවෘතයි.

බොස්ටන් ලංකාහි සිහින යාත්‍රා සංගීතමය වැඩසටහන හරහා ක්‍රියාත්මක වන සිහිනයේ ස්වරය තුළින් ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වෙසෙන ගායන හැකියාවන් පිරිපුන් සියලුම ශ්‍රී ලාංකිකයන් සදහා අනර්ඝ අවස්ථාවක් උදාකර දී තිබෙනවා.

ගායනය සදහා දැඩි උනන්දුවක් දක්වන ආධුනික ගායක ගායිකාවන්ගේ දක්ෂතාවයන් සමස්ථ ප්‍රේක්ෂක ජනතාව අතරට ගෙනයාම මෙන්ම ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමේ මුලික පදනම සැකසීම, මෙම වැඩසහන හරහා අපේක්ෂිතයි.

සිහිනයේ ස්වරය අවසන් මහා තරගය නිව්යෝක් හිදී පැවැත්වීමට සියලු කටයුතු මේවන විට සංවිධාන කර ඇති අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම තරඟකරුවන්ට ඔවුනගේ ගායනා ඉදිරිපත් කල හැකි.

ශ්‍රී ලාංකීය සංගීත කේෂ්ත්‍රෙය් පුරෝගාමී ප්‍රවීණයන් දෙපළක් වන ජගත් වික්‍රමසිංහ සහ ඉන්දිකා උපමාලි සමඟින් ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්ය අර්ජුන් බාලසූරිය මෙම තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරනවා.

සහභාගීවන තරඟකරුවන්හට මෙම තරඟ පුරාවටම විනිශ්චය මණ්ඩලය වෙතින් සංගීතමය දැනුම ලබා ගත හැකි වන අතර තවද සමස්ථ වේදිකාවේ ඉදිරිපත් කිරීමේ හැකියාව ප්‍රායෝගිකව වර්ධනය කර ගනිමින් ලොව වෙසෙන ප්‍රේක්ෂකයන් හට තම දක්ෂතා එළි දැක්විමට අවස්ථාව උදාවනු ඇති.

අග්‍රාමාත්‍යවරයාගේ යාපනයේ සංචාරය අතරතුර….

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල යාපනයේ සංචාරයක නිරතවනවා.

මෙම සංචාරය අතරතුර අග්‍රාමත්‍යවරයා සැහැල්ලුවෙන් අයිස්ක්‍රීම්වල රස බලන ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරනවා.

එම ඡායාරූප පහතින්

1 (1) (9)1 (1) (9)1 (3) (10)1 (3) (10)1 (5) (7)1 (4) (9)

මන්ත්‍රීවරුන් 7කට නඩු.

පාර්ලිමේන්තුව තුළ පසුගිය නොවැම්බර් 14,15 සහ 16 යන දිනවල ඇති වූ ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රිවරු 7දෙනෙකුට එරෙහිව අධිකරණ හමුවේ නඩු පැවරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීරණය කර තිබෙනවා.

එම ගැටුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අනෙක් මන්ත්‍රිවරු පනස් දෙදෙනාට එරෙහිව නඩු පැවරීමක් සිදු නොකෙරෙන අතරඔවුන්ට ලබාදෙන දඬුවම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මඟින් ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි.

මෙම ගැටුම්කාරි සිද්ධි  සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කථානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව පසුගිය 22 වැනිදා කථානායක කරූ ජයසූරිය මහතාට බාර දෙනු ලැබුවා.

එම වාර්තාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකුටඑක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 04 දෙනෙකුට සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවර‍යෙකුට චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනූව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ප්‍රසන්න රණවීරජෝන්ස්ටන් ප්‍රනාන්දුපද්ම උදයශාන්ත ගුණසේකර යන මන්ත්‍රීවරු තිදෙනාට පොලිස් රාජකාරියට බාධා කිරීමපොලිස් නිලධාරීන්ට අතින් පයින් හා පුටුවකින් පහර දී තුවාල සිදුකිරීම සහ පාර්ලිමේන්තු සභා ඝර්භය තුළදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීම යන චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන දෙදෙනාට සභා ගර්භයට පිහියක් රැගෙන ඒම සහ සාපරාධි බිය වැද්දීම යටතේ නඩු පැවරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීරණය කර තිබෙනවා.

පොදු දේපලක් වන කථානායක මේසය මත ඇති මයික්‍රෆෝනය කඩා විනාශ කර රුපියල් තුන්ලක්ෂ විසි පන්දහසක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද අලුත්ගමගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමට අද පැවති පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේදී තීරණයකට එළැඹ තිබෙනවා.

ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ එතෙක් මෙතෙක් සිදු වූ දැවැන්තම බැංකු මංකොල්ලය වශයෙන්  මහබැංකු මුදල් වංචාව දැක්විය හැකිය. මහබැංකු  බැදුම්කරය හරහා අති දැවැන්ත වූ දුෂණයක් සිදු ව තිබෙන බව නොරහසකි. එහි ප්‍රධාන සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී  කසුන් පලිසේන යන දෙදෙනාට ඇප ලබාදීමට ඉකුත් 1 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  ලංකා ජයරත්න මෙනවිය නියෝග කරන ලදී. මෙහිදී එක් අයකුට රුපියල් මිලියනයක් බැගින් වු  මුදල් ඇප දෙකක් සහ එක් අයකුට රුපියල් මිලියන 2 බැගින් වු ශරීර  ඇප 4 ක් මත  ඔවුන්ට ඇප ලැබුණු අතර එම ඇපකරුවන් ඔවුන්ගේ ලගම  ඥාතීන් විය යුතු බවට මහේස්ත්‍රාත්වරිය විසින් දන්වා සිටින ලදී. සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන්ද තහනම් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සෑම මසකම අවසන්  ඉරිදා 9 සහ12 අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටිය යුතු බවටද නියෝග කර ඇත. එමෙන්ම සැකකරුවන් දෙදෙනාගේ දරුවන්ගේ අසනීප තත්ත්වයන් පිළිබඳව සළකා බලමින්  මෙලෙස ඔවුනට ඇප නියම කරනු ලැබූ බව දන්වා සිටින ලදී.

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩු විභාගයට සෘජුවම වගකිවයුත්තා අර්ජුන මහේන්ද්‍රන්ය. ඔහු අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදනයක් නිකුත් කර ඇත. නමුත් මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වල සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් ලගාකරගෙන නොමැති අතර ඔහු රිසි සේ සිංගප්පුරුවේ කල් ගෙවයි.  මහින්ද රාජපක්ෂ මහතා පරාද කිරීම සදහා මුල් වුණ ප්‍රධාන කරණය වන්නේ ඔහු තමන් සන්තක බලය අසීමිත ලෙස යොදාගනමින් දුෂණය වෙනුවෙන් අනුග්‍රහය සැපයීමයි. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ප්‍රසිද්ධ වේදිකාවන්හිදී රාජපක්ෂවරුන්ගේ දුෂණය ගැන කථා කළේය. දුෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන බව පැවසිය.  එවැනි පසුබිමක් තුළ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ජනධිපතිවරයාගේ හා එජාප ආණ්ඩුවේ ප්‍රධාන වගකීමකි.

අද දින දිවුරුම් ලද නව කැබිනට් අමාත්‍යවරු  මෙසේයි
 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දී තිබේ.
02.ජෝන් අමරතුංග මහතා  සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
03. ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
04. මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
06. රවුෆ් හකීම් මහතා  නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
07. තිලක් මාරපන මහතා  විදේශ කටයුතු අමාත්‍ය
08. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
09. රවී කරුණානායක මහතා  විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
10. වජිර අබේවර්ධන මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා  පළාත් පාලන අමාත්‍ය
11. රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
12. පාඨලී චම්පික රණවක මහතා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
13. නවීන් දිසානායක මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය
14. පී. හැරිසන් මහතා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථීක කටයුතු, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
15. කබීර් හෂීම් මහතා  මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
16. රංජිත් මද්දුමබණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
17. ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
18. සජිත් ප්‍රේමදාස මහතා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
19. අර්ජුන රණතුංග මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
20. පලනි දිගම්බරන් මහතා කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය
21. චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
22. තලතා අතුකෝරල මහත්මිය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
23. අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍ය
24. අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා  තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
25. සාගල රත්නායක මහතා වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
26. හරින් ප්‍රනාන්දු මහතා විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය
27.මනෝ ගනේෂන් මහතා ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
28. දයා ගමගේ මහතා  කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය
29. මලික් සමරවික්‍රම මහතා  සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
මෙම අමාත්‍ය මන්ඩලයේ විශේෂතා කිහිපයක් ද දක්නට ලැබේ.
ජාතික ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර දැරූ නීතිය හා සාමය අමාත්‍ය ධූරය මෙවර ජනපති යටතට ගෙන ඇති අතර  ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණ නිමවනතුරු ජනාධිපතිවරයා එම අමාත්‍ය ධූරය තමන් යටතේ තබා ගැනීමට තීරණය කර ඇති බව ආරංචි දේශපාලන  ආරංචිමාර්ග සඳහන් කරයි.
කැබිනට් අමාත්‍ය ධුරයක් හෙබවූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට අමාත්‍ය ධුරයක්  ලබාදෙන ලෙස එක්සත් ජාතික පෙරමුණ විසින් යෝජනා කර තිබුණද දිගින් දිගටම තමන්ව විවේචනයට ලක් කිරීම හේතුවෙන් සරත් පොන්සේකාට අමාත්‍යධූරයක් ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ  බැවින් මෙවර ඔහුට අමාත්‍යධුරයක් ලැබී නැති බව එක්සත් ජාතික පෙරමුණේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු පවසා ඇත.
අමාත්‍ය ධුර ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ මලික් සමරවික්‍රම, මනෝ ගනේෂන් සහ රිෂාද් බදියුදීන් අද කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබූ අතර අමාත්‍ය ධුරයක් භාර  ගැනීම ප්‍රතික්ෂේප කළ ඩී .එම්. ස්වාමිනාදන් අද කැබිනට් අමාත්‍ය ධූරයක දිවුරුම් දුන්නේ නැත.
පසුගියදා ආණ්ඩු පක්ෂයේේ අසුන් ගත් නිදහස් පක්ෂ මන්ත්‍රී මන්ත්‍රීවරුන්ට  මෙන්ම යලි එක්සත් ජාතික පක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායකට මෙවර කැබිනට් අමාත්‍ය ධුර හිමි නොවුණි.
නව  අග්‍රාමාත්‍යවරයා  ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හෙට පෙරවරු 10.30 ට ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම්ට නියමිත බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසා ඇත.
යුක්තියේ හඬ ජයග්‍රහණය සැමරුම් අනිද්දා කොළඹ ගාලු මුවදොර පිටියේදී සමරන බව ද එතුමා මේ අවස්ථාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය සහ ඉදිරි ක්‍රියා ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද දින අරලියගහ  මන්දිරයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
මෙහිදී ප්‍රතිවාදීන්ට පහර ගැසීමට සූදානම් නොමැති බවත් ජයග්‍රහණය හරහා උදම්නොවන බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම තිස්දෙනෙකුගෙන් සමන්විතවිත නව අමාත්‍ය මණ්ඩලය  අනිද්දා දිවුරුම් දීමට නියමිතයි.
අද දින මහින්ද රාජපක්ෂ මහතා විසින් විජයරාම මාවතේ පිහිටි සිය නිල නිවසේ සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අද දින අත්සන් තැබුවා.
ඉන් අනතුරුව  ඔහු පැවසුවේ පෙබරවාරි 5 වනදා පළාත් පාලන මැතිවරණයෙන් පසු තම පාර්ශ්වයේ අරමුණ වූයේ ජනතාවට මහා මැතිවරණයක් ලබාදීම බවත්, මහමැතිවරණයක් නොමැතිව අගමැති ධූරයක් දැරීමට තමාගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ය.
ඔක්තෝබර් 26 වන දින තමා අගමැති බවට පත් වනවා සමගම දිවයින පුරාම නව බලාපොරොත්තු සහගත පිබිදීමක් ඇති වූ බවත් 2015 පසු කඩා වැටී තිබූ කොටස් වෙළඳපොළ ගැන තිබුණු බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
මහජනතාව විසින් අපේක්ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කරගැනීම මේවනවිට දැන් කල් ගොස් ඇති නමුත් අවසානයේ දී ජනතාවට ඒ වෙනස අනිවාර්යෙන්ම ලැබෙන බවත් එය වැළැක්විය නොහැකි බවත් ඒ මහතා පවසයි.
එමෙන්ම කැඳවා තිබු මහ මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නඩු තීන්දුව ඉතාමාත්ම දීර්ඝ හා සංකීර්ණ ලියවිල්ලක් බැවින් එය හදාරා බලා, ඒයින් ව්‍යවස්ථාමය වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යෑමට ඇතිවෙන බලපෑම පිලිබඳ පසුව විග්‍රහයක් කිරිමට බලාපොරොත්තු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
මේ මොහොතේ දී සාකච්ඡා කරනු ලබන්නේ කැඳවූ මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා ඇතිවන දේශපාලන තත්වය පිළිබඳව බවද ඒ මහතා එහිදී පැවසීය.
නොවැම්බර් මස 09 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියද මැතිවරණ පැවැත්වීමට විරුද්ධ පිරිසක් අධිකරණයට ගොස්  තාවකාලික වාරණ නියෝග ගෙන එක්සත් ජාතික පක්ෂය කතානායකවරයාගේ සහයෝගය සහිතව විසුරුවා තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවා පාර්ලිමේන්තුවේ බහුතරය ඔවුන්ට  තිබේය යන්න පෙන්වීමට නොයෙක් ක්‍රියාකාරකම්වල යෙදුන බව ද ඒ මහතා පැවසීය.
උත්සව උත්සව සමයේ ජීවන වියදම පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් අද දින (11) පසුගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව පැවසුවා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ වෙළඳ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු අදාළ සියලු පාර්ශවයන් සාකච්ඡාවට කැඳවා තිබුණු අතර එළඹෙන උත්සව සමයේ සතොස හරහා සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙමින් පාරිභෝගික ජනතාවට උපරිම සහන සැලසීමේ වැඩපිළිවෙළක් පිළිබඳව එහිදී අවධානය යොමු කළා.
මිල නියාමනයන් සිදු කරමින් වෙළෙඳපොළ තුළ අසාධාරණ ලෙස මිල වැඩි වීම් වලට ඉඩ නොතබා නිරන්තරයෙන් වෙළෙඳපොළ මිල පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස  මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් දුන් ජනාධිපතිවරයා වෙළදපොල මිල ද දර්ශක පිළිබඳ නිරන්තරයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීම්ට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා දැනුම් දෙමින්, ඊට අවශ්‍ය ලියකියවිලි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත යැවීමට පියවර ගන්නා බව කථානායක කාර්යාලය පවසයි.
කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, විශ්වාසභංග යෝජනාවේ පිටපතක්, ඊට අදාළව පාර්ලිමේන්තුවේ තීරණය සහ පසුගිය දා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අත්සන් කළ ලිපියේ පිටපතක් ද ජනාධිපතිවරයා වෙත යවන බවය.
අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්මත කර ගැනීම සම්බන්ධයෙන් අද දිනයේ ම ඡන්දය විමසිය යුතු බව බහුතර මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වූ හෙයින් ඒ සඳහා ඡන්දය විමසූ බව එහි දැක්වේ.‍
පසුව, විශ්වාසභංගයට පක්ෂව බහුතරය ඡන්දය ප්‍රකාශ කළ බවත් ඒ අනුව විශ්වාසභංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට කතානායකවරයා විසින් සභාව වෙත නිවේදනය කරනු ලැබූ බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එසේම ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සදහා ජනාධිපතිතුමා වෙත මේ පිළිබඳ දන්වා යැවීමට කථානායකවරයා විසින් පියවර ගෙන ඇතැයි කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරනු ලැබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දේශපාලන අර්බුදය තව තවත් උග්‍ර කරවන්නක් බවත් ඒ පිළිබඳව තමන් දැඩි කනස්සල්ල පළ කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව Twitter පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නේ කරන්නැයි කිහිප අවස්ථාවකදීම ඇමරිකා එක්සත් ජන ජනපදය විසින් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව නිවේදන නිකුත් කළ අතර ඒ සෑම අවස්ථාවක දී ම මේ පිළිබඳව අවධාරණයෙන් කියා සිටියේය.
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් විය.
“දේශපාලන අර්බුදය උග්‍ර කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටී.  ශ්‍රී ලංකාවේ විශ්වාසදායි හවුල්කරුවෙකු වශයෙන් ස්ථාවරත්වය හා සමෘද්ධිය තහවුරු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ක්‍රියාවලියට ගරු කළ යුතු බව අපගේ විශ්වාසයයි.”