අවුරුදු නිවාඩුවේ රාජකාරී ඉටුකිරීම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

එළැඹෙන 11 වනදා සිට 14 වනදා දක්වා වූ දීර්ඝ නිවාඩුවට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම කාලසීමාව තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙත දැනුම්දී තිබෙනවා.

එසේම මෙම කාලසීමාව තුළදී ආපදා සහ හදිසි අත්‍යාවශ්‍ය කාර්යයන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම මේ වනවිට රජයේ සංවර්ධන කටයුතුවලට අදාළව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, වැඩසටහන් මෙම නිවාඩු කාලසීමාව තුළදී බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල යෙදීමට කටයුතු කරන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම්දී තිබෙනවා.

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුද ගුවන් යානා 6ක් විනාශ වෙයි

දකුණු රුසියාවේ ගුවන් කඳවුරකට යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයෙන් රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරක තිබූ රුසියානු ගුවන් යානා 6ක් විනාශ වී ඇති බවත්, තවත් ගුවන් යානා 8කට දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු නිලධාරීන් 20 දෙනෙකු පමණ මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඩ්‍රෝන යානා 40කට වැඩි ප්‍රමාණයකින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මැති ඇමතිවරු නැකතට වැඩ කරලත් අවුරුදු 75 කට පස්සෙ රට බංකොලොත් – සංස්කෘතික ඇමති

නැකැත් හරි හෝ වැරදි විය හැකි බවත් තමන්ගේ ආත්ම විශ්වාසය සමඟ වැඩකටයුතු සිදු කරන ලෙස බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

නැකැත් කමිටුව පත්වන ආකාරය තමන් නොදන්නා අතර 1992 වසරේ වී.ජේ.මූ. ලොකුබණ්ඩාර විසින් නැකැත් කමිටුවක් සකස් කර ඇති බවත් එදා සිට වර්ථමානය දක්වාම කිසිඳු සංශෝධනයක් නොමැතිව එම කමිටුව පැමිණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රටේ ජනාධිපතිවරු අගමැතිවරුන් මන්ත්‍රීවරුන් පළවෙනි අඩිය තැබීම්, අත්සන් කිරීම්, දිවුරුම් දීම් වැනි සියලුදේ නැකතට සිදු කළත්, වසර 75 කට පසු රට බංකොලොත්වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ලෝකයේ රටවල් අතරින් සියලු දෙනා එකට හැලි වලං ලිපේ තබා කිරි උතුරවා කිරිබත් සාදා එකම අවස්ථාවේ ආහාර ගන්නා ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත්, මෙම නැකැත් අර්බුදය හරහා සිදුව ඇත්තේ රටේ සංස්කෘතියට පහර ගැසීමක් බවයිි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙම වර්ෂයට මුදල් වෙන් වී ඇත්තේ ජනාධිපතිවරණයට පමණයි – සුසිල්

මේ වර්ෂයට මුදල් වෙන් වී ජනාධිපතිවරණයක් පැවැත්වීමට පමණක් බව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නීත්‍යනුකූලව පැවැත් වීමට නියමිතව ඇත්තේ, මහමැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බවයි.

අරගලයෙන් පසු සිදුකළ ස්ථාන මාරු සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් අධිකරණයට පොරොන්දුවක්

මහජන අරගලයෙන් පසුව ස්ථාන මාරු ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනෙකුට ඔවුන් පෙර සිටි පොලිස් ස්ථානවලට සමාන්තර පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද්ගලිකවම අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

එහිදී පොලිස්පතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මාර්ගයෙන් අධිකරණයට මේ බව දැනුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස්පතිට හෙට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක්

පොලිස්පතිවරයාට හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයා මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

අලුත් අවුරුදු කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනපතිගෙන් උපදෙස්

එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල යන අමාත්‍යාංශ ඇතුළු අදාළ ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුළ රටේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත්, නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

660e783c5d02bpdf_page_0

මොනරා TV එළිදකියි

”මොනරා TV” නමින් නවතම රූපවාහිනී නාලිකාවක් අද (03) එළිදක්වා තිබෙනවා.

VIS මාධ්‍ය ජාලයට අනුබද්ධ ⁣⁣⁣මෙම නාලිකාව අද සිට සිය විකාශන කටයුතු ආරම්භ කර ඇති අතර එහි නාලිකා ප්‍රධානීී වශයෙන් මාධ්‍යවේදී බුද්ධික වික්‍රමාදර කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ.

UHF 29 කොළඹ, UHF 56 ගොන්ගල, UHF 56 මඩොල්සිම, UHF 60 නුවරඑළිය, UHF 60 නුවර, UHF 49 රත්නපුර, UHF 56 ගම්මඩුව, නාලිකා අංක 104 PEO TV, නාලිකා අංක 28 FREESAT ඔස්සේ මෙම නාලිකාව නැරඹීමේ හැකියාව පවතිනවා.

මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය පිලී පැනීමක්

මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය පිලී පැනීමක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.05 ට මහව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සවස 06.15 ට පමණ මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබෙනවා.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (02) සිට මෙලෙස මිල පහත දමා ඇති බවයි එම ආයතනය නිවේදනය කරන්නේ.

ලොකු ළුෑණු, රතු ළුෑණු, කඩල, අර්තාපල්, පාන්පිටි, ආනයනික බිත්තර, සුදු කැකුළු සහ සෝයාමීට් යන භාණ්ඩවල මෙලෙස මිල අඩුකර තිබෙනවා.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

660bee423f63a