තලාවේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය යයි, තවත් තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ

24-06-23
කැකිරාව කුෂාන් ජයවර්ධන
තලාවේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය යයි, තවත් තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ
එකම ගමේ තරුණයින් සිව් දෙනෙකු ගමන් ගත් ත්‍රී රෝද රථයක් හා බස් රථයක් හා ගැටීමෙන් අද (23) අලුයම අනුරාධපුර තලාව ප්‍රෙද්ශයේදී සිදුවූ රිය අනතුරකින් ත්‍රී රෝද රථයේ සිටි තරුණයින් සිව් දෙනාගෙන් දෙදෙනෙකු මිය ගොස් සෙසු තරුණයින් දෙදෙනා ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
එප්පාවල ප්‍රෙද්ශයේ පදිංචි තරුණයින් සිව් දෙනෙකු ගමන්ගත් ත්‍රී රෝද රථයක් හා රත්නපුර ප්‍රෙද්ශයේ පිරිසක් යාපනය ප්‍රදේශය බලා විනෝද චාරිකාවක් රැගෙන යමින් තිබූ බස් රථයක් අනුරාධපුර තඹුත්තේගම මාර්ගයේ තලාව ගොවිජන සේවා කාර්යාලය ඉදිරිපිටදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ අනතුරට පත් ත්‍රී රෝද රථයේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකි. මෙලෙස මිය ගොස් ඇත්තේ සයිමන් පෙරේරාගේ සුපුන් සාලින්ද පෙරේරා නමැති අවුරුදු 21 ක තරුණයෙක් හා පරණවිතාරනගේ නිපුන සනිශ්ක පරණවිතාරන නමැති 19 හැවිරිදි තරුණයෙකි. ඔවුන් එප්පාවල මැඩියාව ප්‍රෙද්ශයේ පදිංචිකරුවෝ වෙති.
අනතුර සිදුවන අවස්ථාවේ එම ත්‍රී රෝද රථයේ තරුණයින් සිව් දෙනෙකු ගමන් කර ඇති අතර එහි ගමන් ගත් සෙසු තරුණයින් දෙදෙනාද මෙම අනතුරින් බරපතළ තුවාල ලබා තිබේ. තුවාල ලබා සිටි ඔවුන් ප්‍රතිකාර සදහා කඩිනමින් තලාව රෝහලට ඇතුලත් කිරීමට එම ප්‍රෙද්ශවාසීන් කටයුතු කරතිබිණ. මේ වනවිට එම තුවලකරුවන් හදිසි වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. ඔවුන් ද එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි අවුරදු 25ත්- 17ත් අතර පසුවන තරුණයින් දෙදෙනෙකි.
ත්‍රී රෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. අනතුරට සම්බන්ධ ත්‍රී රෝද රථය හා බස් රථයත් එහි රියදුරුත් වැඩිදුර විමර්ශන සදහා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් තලාව පොලිසිය මේ වනවිට වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.

රාජ්‍ය ආයතනවලින් හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නවා – රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණයක් තවදුරටත් පවතින බවත්, එම හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙරට බදු නීතියේ ඇති අභියාචන අයිතිය අනුව රජය විසින් බද්දක් පැනවූ විට නීතිය ඉදිරියට ගොස් අභියාචනා කිරීමට සමස්ථ ජනතාවට අයිතියක් ඇති බවත්, ඒ යටතේ ඇති හිඟ බදු වැඩිපුර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ යුගයේදී තරම්, හිඟ බදු අයකර ගැනීම සඳහා රජයට පැවරී ඇති සියළු බලතල ක්‍රියාත්මක කළ යුගයක් තවත් නැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින නිවාස සංකීර්ණයේ පිවිසුමේ දොරටුව අසලට පෙරේදා පැමිණ ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මගින් සොයා බැලීමක්

රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින පිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට පෙරේදා (20) රාත්‍රී පැමිණ ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මගින් සොයා බැලීමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය.

එම පුද්ගලයන් දෙදෙනා ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේදී ඔවුන් කාගේ නිවසට යන්නේ දැයි විමසීමේදී නිසි පිළිතුරක් ලබාදීමට එම පුද්ගලයන් දෙදෙනා අපොහොසත් වී ඇති අතර, අනතුරුව පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ආරක්ෂක නිලධාරියාගේ ඡායාරූප ලබාගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

කොවිඩ් වෙලාවේ හෝටල් තියාගෙන උදේට කිරිබත් කෑල්ලක් දීලා 14,000 ක් ගත්තා – සුසිල්

කොවිඩ් වෙලාවේ හෝටල් තියාගෙන උදේට කිරිබත් කෑල්ලක් දීලා 14,000 ක් ගත්තා – සුසිල්

මම කොළඹ ඉන්න කැසිනෝ කාරයන්ගෙන් සල්ලි අරං පාසල් වලට බඩු බෙද බෙද යන්නේ නෑ – සරත් ෆොන්සේකා

මම කොළඹ ඉන්න කැසිනෝ කාරයන්ගෙන් සල්ලි අරං පාසල් වලට බඩු බෙද බෙද යන්නේ නෑ – සරත් ෆොන්සේකා

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට ජෙනරාල් රෝහිත අලුවිහාරේ පත් කෙරේ

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ පත්කර තිබෙනවා.

ඒ අනුව යුද හමුදාපතිවරයා විසින් අද (20) සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉන්දීය විදේශ ඇමති දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් අද (20) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

ජපානයේ පැතිර යන බැක්ටීරියාව ගැන අනියත බියක් ඇති කරගත යුතු නැහැ – සෞඛ්‍ය අංශ

ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

streptococcal toxic shock syndrome ලෙස හඳුන්වන මෙම බැක්ටීරියාව මේ වසරේ පළමු මාස 6දී පමණක් නව ආසාදිතයන් 977ක් ජපානයෙන් වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව එය සාමන්‍ය ජනතාව අතර තියෙන බැක්ටීරියා තත්ත්වයක් බවත් කලාතුරකින් එහි සංකූලතාවයක් ලෙස මාරාන්තික තත්ත්වයට පත්විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ.

ප්‍රතිජීවක ඖෂධවලින් මෙය වෙනස් කිරීමට හැකි බවත් අපේ රටට ඇතිවේ යැයි අනියත බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ

පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද (19) අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කොළඹ සිට ලබුගමුව දක්වා සිසුන් ප්‍රවාහනය කළ සිසු සැරිය බස් රථයක් හා ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

පුපුරාගිය ජල නලය අලුත්වැඩියා කළත් ඇතැම් ප්‍රදේශවලට ජලය ලැබීමට තවත් කාලය ගතවේවි – ජල සම්පාදන මණ්ඩලය

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද, 85,000කට පමණ තවදුරටත් ජලය නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද (18) පස්වරු 6.00 පමණ වන විට බොහෝ දුරට එය යථා තත්ත්වයට පත්විය හැකි බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ, හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ඊයේ (17) අලුයම මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුවීමෙන් එම නලයට හානිවී තිබුණා.