ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් 60 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඩාර්ජිලින්ග් දිස්ත්‍රික්කයේදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මගී ප්‍රවාහන අධිවේගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් බවයි සඳහන් වෙන්නේ.
අනතුරට ලක්වූ කන්චන්ජුන්ගා අධිවේගී දුම්රිය ඇසෑම් හි සිල්චාර් හි සිටි කොල්කටා බලා ධාවනය වෙමින් පැවති අතර, රන්ගාපානී දුම්රිය ස්ථානය ආසන්නයේදී මගී ප්‍රවාහන දුම්රිය පසුපසින් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එහි ගැටී අනතුර සිදුව තිබෙනවා.
ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑතදී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපොළ බද්ද පිළිබඳව දක්වා ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.
මෙම බද්ද තුලින් අවධානය යොමු කර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.
මේ පිළිබඳව ඇතැම් දුර්මත සහ වැරදි වැටහීම් පැතිර ගොස් ඇති බවයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්.

කොලඹ කොටුව සිට මහනුවර හරහා නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රිය ඊයේ (15) රාත්‍රියේ පිලි පැනීමට ලක්ව තිබෙනවා.
ඒ අනුව මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ලවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මේ මාසයේ කොළඹට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශයන් අතර මූල්‍ය සහයෝගීතාවයේ පවතින හවුල්කාරිත්වයන් සමාලෝචනය කිරීම මෙම සංචාරයේ අරමුණ බවයි පැවසෙන්නේ.
ජනමත විචාරණයකින් තොරව ඔක්තෝම්බර් 17 න් ඔබ්බට එක දවසක් හෝ ජනාධිපතිවරයාට බලයේ ඉන්න බෑ – පාඨලී
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අදාළ නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.
ලියාපදිංචි නොකළ බව කියන සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.
මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව මෙම වසරේ තුන්වන කාර්තුවේදී පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයන සීමා ලිහිල් කිරීමටත්, සිව්වන කාර්තුවේදී වාණිජ අවශ්‍යතා සඳහා වන වාහන සහ සෙසු කාණ්ඩයන්ට අයත් වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන රජයේ යෝජනා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
වාහන ආනයනය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම, මෙරට විදේශ සංචිත වර්ධනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පදනම් කරගනිමින් යෝජනා කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ III ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වෙන බවයි එම ආයතනය සඳහන් කරන්නේ.
ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇති අතර දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත්වෙනවා.
විභාග ප්‍රවේශපත් අයදුම්කරුවන් සඳහා ඊමේල් ඔස්සේ යවා ඇති බවත්, එසේ නොලැබුණු අපේක්ෂකයින් සිය ප්‍රවේශපත www.slida.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිරිහැර සහ අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබෙන බවයි සඳහන් වෙන්නේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.

2025 ජනවාරි මස සිට අදියර තුනක් යටතේ ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පාර්ශ්වකරුවන්ගේ දැනුවත්භාවය සහ අනුකූලතාව සහතික කිරීමේ අරමුණින් රේගු ආඥාපනතේ 101 වන වගන්තිය යටතේ එම බදු ප්‍රතිපත්තිය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහාද මෙලෙස අනුමැතිය හිමිව අති බවයි සඳහන් වෙන්නේ.
රටක් තුළ වෙළෙඳ හා ආයෝජන සඳහා තරගකාරී පරිසරයක් පවත්වා ගැනීම කෙරෙහි පැහැදිලි, සරල, සංගත සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් පැවතීම තීරණාත්මක සාධකයක් බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.
