ආනයනික කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රු.250 කින් පහළ දමන බවයි එම සංගමය සඳහන් කළේ.

එසේම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රු.100 කින් පහළ දැමීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

එළැඹෙන අවුරුදු සමය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ අනුව අද (09) සිට මෙම මිල පහත දැමීම ක්‍රියාත්මක වන බවයි සතොස ආයතනය නිවේදනය කරන්නේ.

වියලි මිරිස්, බී ළූණු, සුදු ළූණු, අර්තාපල්, රතු පරිප්පු, සුදු කැකුළු මිල මෙලෙස පහත දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

6614c78031d42

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (02) සිට මෙලෙස මිල පහත දමා ඇති බවයි එම ආයතනය නිවේදනය කරන්නේ.

ලොකු ළුෑණු, රතු ළුෑණු, කඩල, අර්තාපල්, පාන්පිටි, ආනයනික බිත්තර, සුදු කැකුළු සහ සෝයාමීට් යන භාණ්ඩවල මෙලෙස මිල අඩුකර තිබෙනවා.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

660bee423f63a

ලාෆ් ගෑස් මිල පහළට

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

* 12.5KG ගෑස් – රු.625 කින්  (නව මිල රු.4,115)

* 5KG ගෑස්  – රු.248 කින්  (නව මිල රු.1,652)

අලුත් අවුරුද්දේ කේක් අලෙවිය පහළට

මිල ඉහළ යාම හමුවේ ජනතාව කේක් වර්ග මිලදී ගැනීම පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මේ වන විට කේක් වෙළදාම 50%ක්වත් නොමැති බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ.

අමුද්‍රව්‍ය මිල ගණන් ඉහල යාම හමුවේ මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේදී කේක් මිල පහළ නොයනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කිරි තේ එකක මිල රුපියල් 10 කින් පහළට

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමත් සමග කිරි තේ එකක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව කිරි තේ එකක මිල රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගන්නා බවයි එම සංගමය සඳහන් කළේ.

අද මධ්‍යම රාත්‍රීයේ සිටි ආනයනික කිරිපිට මිල පහළට

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් අදයරට – The Hindu

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙන බවයි ඉන්දියාවේ The Hindu වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බවත් කොන්දේසි සම්බන්ධයෙන් මූලික එකඟතාවය ඉක්මණින් එළඹෙනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බිත්තර සඳහා යළි උපරිම මිලක් පැනවීමට අවධානය

බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ ගැසට්ටුව පළ කිරීමට අදාල මිල ගණන් ඇතුළත් යෝජනාව මෙම සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය රුපියල් 30ක් පමණ වන බවත්, අද දිනය තුළ මෙරට බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 5.8ක් බවත්, දෛනික බිත්තර පාරිභෝජන අවශ්‍යතාවය බිත්තර මිලියන 7.5ක් බවත් එහිදී අනාවරණ කෙරුණු බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ.

බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 30ක් නම් වෙළෙදපළේ අලෙවි කරන බිත්තරයක මිල රුපියල් 60ක් දක්වා ඉහළ මට්ටමක පැවැතීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවද, එබැවින් බිත්තර සඳහා පනවන උපරිම සිල්ලර මිල බිත්තර නිෂ්පාදකයා, පාරිභොගිකයා මෙන්ම සිල්ලර වෙළෙන්දා ද ආරක්ෂා වන පරිදි පැනවිය යුතු බව එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර තිබෙනවා.

ඩොලරයේ විකුණුම් මිල රු.316 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව අද (22) දිනයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු.306.53 ක් සහ විකුණුම් මිල රු.316.06 ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දැක්වෙන්නේ.