හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70 ක් වනවා.

මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200 ක් වන අතර මිලිලීටර් 900 කල්තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල අඩු කර ඇත්තේ, රුපියල් 60 කින් වන අතර එහි නව මිල රුපියල් 380 ක්.

මිලිලිටර් 450 දින තුනක දියර කිරි පැකට්ටුවක් රුපියල් 30 කින් පහළ දමා ඇති බවයි මිල්කෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මාර්තු මාසයට ඉන්ධන මිල සංශෝධනයක් නැහැ – ඛණිජ තෙල් සංස්ථාව

මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

ඒ අනුව මේ වනවිට වෙළඳපොලේ පවතින මිල ගණන් යටතේම මාර්තු මාසයේ ඉන්ධන අලෙවිය සිදුවන බවයි සඳහන් වෙන්නේ.

පළමු Shell ඉන්ධන පිරවුම්හල විවෘත කෙරේ

අමෙරිකාවේ RM PARKS සමාගම විසින් Shell වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) දින විවෘත කර තිබෙනවා.

ඒ අනුව, මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගම ලෙස RM Parks (පුද්ගලික) සමාගම සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ‘Shell’’ ලෙස සන්නාම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 301 ලෙස සටහන් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.72ක් ලෙස සටහන්වී ඇති අතර එහි විකුණුම් මිල රුපියල් 301.30 ක් ලෙසයි සටහන්වී ඇත්තේ.

67b728056cd53

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ටී, ප්ලේන්ටී මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ආපන ශාලාවල ආහාර මිල ගණන් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීටම කටයුතු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 05 කින් හා කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එසේම ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් ද, ෂෝටීස් වර්ගවල මිල රුපියල් 10 කින් ද ඉහළ දැමීමට කටයුතු කරන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස ආහාර මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මාස 34 කට පසු කොටස් වෙළෙඳපොළේ දරුණුතම කඩාවැටීම අද වාර්තා වෙයි

අද (05) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහළ ගොස් ඒකක 16,456.10 ක් ලෙසින් සටහන් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

එය 2022 අප්‍රේල් මස 26 වන දිනෙන් පසු මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් ඇතුළත කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ගණන ලෙසයි වාර්තා වෙන්නේ.

අද දිනයේ S&P SL20 මිල දර්ශකය ද ඒකක 167.18 කින් පහළ ගොස් ඒකක 4,898.04 ක් ලෙස සටහන් වූ අතර අද ගණුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 6.35 ක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සුප්‍රසිද්ධ ව්‍යාපාරි​ක හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 82 වන වියේ පසුවූ බවයි සඳහන් වෙන්නේ.

හැරී ජයවර්ධන Distilleries Company, Aitken Spence, Lanka Milk Foods, Melstacorp, Balangoda Plantations, Browns Beach Hotels, HNB Bank, DFCC Bank ඇතුළු සමාගම් රැසක කොටස් හිමියෙක් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු හා සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

කොටස් වෙළෙඳපොළ අගය ජනවාරියේදී 7%කින් ඉහළට

මෙම වසරේ ජනවාරි මාසය තුළදී 7.39% ක වර්ධනයක් ලඟා කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් වී තිබෙනවා.

ඒ අනුව 2025 වසර ආරම්භයේ දී ඒකක 15,944.61 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය, ඊයේ (31) දිනයේ සියලු ගනුදෙනු අවසානයේ දී ඒකක 17,122.7 ක් දක්වා ඉහළ ගොස්, මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය ලෙස සටහන් වී තිබුණා.

එසේම, ඊයේ දිනයේ දී රු. බිලියන 5.15ක සමස්ත ගනුදෙනු පිරිවැටුමක් ද වාර්තා වී තිබෙන බවයි සඳහන් වන්නේ.

IOC සහ SINOPEC සමාගම්වලත් සුපර් ඩීසල් මිල ඉහළ

ලංකා IOC සහ SINOPEC සමාගම්වල ඉන්ධන මිලද සංශෝධනය කිරීමට එම සමාගම් කටයුතු කර තිබෙනවා.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සමාන වන පරිදි සුපිරි ඩීසල් මිල සංශෝධනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව සුපර් ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 18 කින් ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර ඇති අතර නව මිල රුපියල් 331 ක් ලෙසයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සුපිරි ඩීසල් මිල ඉහළට

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව සුපිරි ඩීසල් මිල රුපියල් 18 කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 331 ක් ලෙසයි සඳහන් වෙන්නේ.

අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

679cde5d8f064