හොරණ ග්‍රේස්ලන්ඩ් වෙඩි තැබීමේ වෙඩික්කරු අඩංගුවට

හොරණ ග්‍රේස්ලන්ඩ් වෙඩි තැබීමේ වෙඩික්කරු අඩංගුවට

ගල්පාත චන්දන පෙරේරා

හොරණ ග්‍රේස්ලන් ප්‍රදේශියේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ නාගොඩ ලියනගේ අජිත් කුමාර (37) නැමැති පුද්ගලයෙකී.

මෙම පුද්ගලයාට ගිනි අවිය ලබා දී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින පාතාලයට සාමාජිකයන් මෙහෙයවන ගනේමුල්ල සංජීව නමැති පුද්ගලයෙකුගෙන් බව පරීක්‍ෂණවලදී අනාවරණය කරගෙන ඇති අතර ගිනි අවිය සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් අපරාධ කොට්ඨා නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවමින් සිටී.

සැකකරු අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි 13 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

මෙම කොන්ත්‍රාත්තුව ඔහු විසින් ලබාගෙන ඇත්තේ 160000 කට බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ නිවසක කලක් සිට පදිංචි වී සිට ඇති අතර හිටපු යුද හමුදා සෙබළෙක් බව අනාවරණය කරගෙන ඇත.

කළුතර අපරාද කොට්ඨාස නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් නිවස ඉදිරිපිට වාඩිවී සිටියදී වෙඩි තබා පලා ගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ (39) හැවිරිදි ටෂ්මික මදුවන්ත නැමති 89කනුව අසල කලමුල්ල, කළුතර. පදිංචි පුද්ගලයෙකි. නිවසේ සිටි දරුවෙකුට ද තුවාල සිදු වී රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි

විවාදෙට තනියම එන්න බය නම් ජලනිත් එක්ක එන්න නලින්ද සජිත්ට කියයි…..

https://www.youtube.com/embed/XuHpgnaiC3k?si=9n5CIGLLodu4Bvnf” title=

ඉරාන ජනපතිගේ සහ විදේශ ඇමතිගේ සිරුරු සොයා ගැනේ

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපතිවරයාගේ සහ එරට විදේශ ඇමතිවරයාගේ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුර සිදු වූ ස්ථානයෙන් එම මළ සිරුරු සොයාගැනීමට මුදවා ගැනීමේ කණ්ඩායම්වලට හැකිවූ බවයි එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ISIS සැකකරුවන් 4 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සිට පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා අදාළ නිවේදනය බලපැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවද සඳහන්.

බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

අදාළ නිවේදනය පහතින්.‍

664af02c6cba6

පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් හෙට වසා තැබීමට තීරණයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්  හෙට (20) දිනයේ වසාතැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය දැනුවත් කර ඇති බවයි වයඹ පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.

තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66499dd6ed61f

අනුර සජිත් විවාදය සඳහා සජබයෙන් දින යෝජනා කරයි

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සඳහා දින යෝජනා කරමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව දෙපාර්ශ්වයේ ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි මස 27, 28, 29, 30, 31 යන දිනවලින් එකකදී පැවැත්වීමට යෝජනා කර ඇති බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

පක්ෂ දෙකෙහි නායකයින් අතර විවාදය 2024 ජුනි මස 03, 04, 05, 06 හෝ 07 යන දිනවලින් එක් දිනයකදී පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.

ඇල්ල-වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ

මලිත්තගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා තාවකාලිකව වසා දමා තිබුණු ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත්, අධික වර්ෂාව පවතින විටදී අවදානම් තත්ත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රියදුරන්ට අනතුරු අඟවා සිටින අතර, මාර්ගයේ විමසිලිමත්ව රිය පදවන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වයන් තුළදී ඇතිවිය හැකි අනතුරු පිළිබඳව රියදුරන්ට අනතුරු ඇඟවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් රථවාහන සංඥා යන්ත්‍ර යොදවනු ඇති බවත්, රාත්‍රී කාලයේදී ආරක්‍ෂිතව රිය ධාවනය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මාර්ගයේ අනතුරුදායක ප්‍රදේශ ආලෝකමත් කිරීම සඳහා විදුලි පහන් ද සවි කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.