පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බවයි සඳහන් වෙන්නේ.
Breaking News
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බවයි සඳහන් වෙන්නේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 06 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, දේපළ හා නිවාස හානි සිදුවීම් වාර්තාවී ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.
හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ෆයිනස් ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.
එසේම එම මාර්ගයේම ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ද තුවාල ලබා රෝහල්ගත කර තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එසේම දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බවයි වාර්තා වෙන්නේ.
වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 5,000කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීම නියමිත බවත් වාර්තා වෙනවා.
වෙසක් කලාප ආශ්‍රිතව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

වෙසක් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් දින දෙකක් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මැයි 23 සිට 24 යන දෙදින මෙලෙස වසා තැබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60- 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කල්පිටියේ සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බවයි.
නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩි වීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුර මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමිටර 50 – 60 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
රජයේ විදුලි වැටේ වැදී සද්ධන්තයෙකු මෙලොව හැර යයි
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 153 දෑකැතිපොතාන ග්‍රාම නිලධාරි වසමේ දෑකැතිපොතාන වැව ඉස්මත්තේ ඉදිකර ඇති රජයේ අලිවැටෙන් විදුලිය වැදී වයස අවුරුදු 20-25 අතර අඩි නමයක් පමන වන පිරිමි වන අලියකු මියගොස් ඇතැයි හොරොව්පතාන වනජිවි නිළධාරින් පවසති.
හොරොව්පතාන රක්ෂිතය තුල ගැවෙසෙන මෙම වන අලියා පසු ගිය (21) අලුයම් කාලයේ
කෑම සොයා ගම්වදින අවස්ථාවේ මෙලෙස විදුලි වැටේ වැදිමෙන් පසු විදුලි සැර වැදීමෙන් මිය යන්නට ඇතැයි වනජිවි නිළධාරින් සැක පලකරයි.
මෙම විදුලි වැට කහටගස්දිගිලිය මීමින්නාවල ප්‍රදේශයෙන් ආරම්භ වී හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වස්සල්ලාගම දක්වා දෑකැතිපොතාන, කිඹුල්පැටියාව, වස්සල්ලාගම ගම් ඇතුලු ගම්මාන කිහිපයක් ආවරණය වෙන පරිදි
රජයේ මුදල් ප්‍රතිපාදන අනුව පුද්ගලික අංශයේ කොන්ත්‍රාත් සමාගමක් මගින් මිට මාස කිහිපයකට පෙර ඉදිකර ඇති බව වාර්තාවේයි.
මිය ගිය වන අලයාගේ පශ්චාත් මරණ හෙට (23) අනුරාධපුර පණ්ඩුලගම පසුවෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතව ඇති අතර.
වන අලියා මිය යාම වැඩිදුර පරීක්ෂණ හොරොව්පතාන මොටගෝනාව වනජීවී නිලධාරී කාර්යාලය හා හොරොව්පොතාන පොලිසිය මගින් සිදු කරනු ලබයි.
ගල්පාත චන්දන පෙරේරා
මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේ දී ඊයේ (21)රාත්‍රී 6.30 ට පමන කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය වී ඇත්තේ වල්ගම , බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුෂ්ප කුමාර නැමති පුද්ගලයෙකි.මියගොස් ඇති පුද්ගලයා
ඔහුගේ නැගණිය විවහා වී පදිංවීව සිටින මොරොන්තුඩුව,පොල්හේනේ පිහිටි නිවසට තවත් පුද්ගලයන් කිහිප දෙනකු සමග පැමිණ ඇත.පසුව මස්සිනා සමග ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන්
ඇති වූ ආරවුලකින් පසු තියුණු ආයුධ වලින් පහර දිම හේතුවෙන් දකුණු අත වැලමිට ආසන්නයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී ඇති අතර එක කකුලකට සහ වම් අතටද දරුණු කැපුම් තුවාල හේතුවෙන් බරපතළ තුවාල ලබා නිවස ආසන්නයේ මාර්ගයේ වැටී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
1990 සුවසැරිය ගිලන් රථයට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ පැමිණ ගෝනදූව ප්‍රාදේශීය රෝහලට වෙත තුවාල කරු රැගෙන ගොස් ඇත. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.සිද්ධිය වී මද
වේලාවකට පසුව මස්සිනා (ඝාතනය සිදු කළ පුද්ගලයා)කැපුම් තුවාල සහිතව පොලිසියට පැමිණ ඇත. ඔහු නාගොඩ රෝහලට ඇතුළත් වන බව පවසා පිටව ගොස් ඇත.
මොරොන්තුඩුව පොලීසිය වැඩිදුරු පරීක්ෂණ මෙහෙයවයි.
ලංකා IOC සමාගම ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.
ඒ අනුව පසුගිය මැයි 18 වනදා මුම්බායේ Jawaharlal Nehru Port Trust (JNPT) වෙතින් මෙම ඉන්ධන තොගය ශ්‍රී ලංකාවට නැව්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.
XP100 ලෙසින් නම්කර ඇති මෙම පෙට්‍රල් වර්ගය ඉන්දියාව විසින් දේශීයව සංවර්ධනය කරන ලද්දක් බවද සඳහන්.