විසන්ධි කළ විදුලි සබඳතා යළි සක්‍රීය කිරීමේ ගාස්තුව අඩු කිරීමට තීරණයක්

විසන්ධි කළ විදුලි සබඳතා යළි සක්‍රීය කිරීමේදී අයකෙකෙනු ලබන ගාස්තුව අඩු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මේ වන විට විසන්ධි කළ විදුලි සබඳතා යළි සක්‍රීය කිරීමේදී රුපියල් 3,000 ක මුදලක් අයකරන බවත්, ඊයේ (23) දිනයේ මෙය අඩු කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේදී තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව එම මුදල රුපියල් 1,000 – 2,000 අතර මුදලකට ගෙන ඒමට කටයුතු කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

IMF දෙවන වාරිකය දෙසැම්බර් මාසයේ ලැබේවි යැයි බලාපොරොත්තු වෙනවා – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම යටතේ ලැබීමට ඇති දෙවන ණය වාරිකය සදහා ලබන මාසයේ අනුමැතිය හිමිවනු ඇති බවට බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළා.

පොලී අනුපාත තවදුරටත් පහත දමයි

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පහත දැමීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 9%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 10%ක් ලෙසත් අඩු කිරීමට  මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 10%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 11%ක් ලෙසත් පැවතුනා.

අදාළ නිවේදනය පහතින්.

65600a7c72aa2pdf_page_0

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

අද (24) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක කාලයක් ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද (24) පස්වරු 5.00 සිට හෙට (25) පෙරවරු 9.00 දක්වා කොළඹ 11, 12, 13, 14, හා 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව සඳහන්.

Jay Shah ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්නේ නැහැ – ජනපති

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

Jay Shah ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට උදව් කරන බවට විවිධ පිරිස් සිතන බවත් ඔහුගේ නම මෙම සිදුවිමට ඇඳීම සම්බන්ධයෙන් තමා ඔහුට කනගාටුව ප්‍රකාශ කළ බවයි ඉන්දියානු වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව නීත්‍යානුකූල පාර්ශ්වයට තමන්ගේ සහයෝගය ලබාදෙන බවත් එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කරනු ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

නයගරා දියඇල්ල අසල පිපිරීමක්

නයගරා දියඇල්ල අසල අමෙරිකා – කැනඩා දේශ සීමා මුරපොල ආසන්නයේ සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෝටර් රථයක් තුළ පිපිරීම සිදුව ඇති අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

පිපිරීම හේතුවෙන් අමෙරිකා – කැනඩා දේශසීමා තාවකාලිකව වසා දමා ඇති බවත්, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය නොමැති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මම ජීවිත කාලෙම මෙතනට වෙලා ඉන්න ඇවිල්ලා නැහැ – ශම්මි

මින් ඉදිරියට තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ සභාපති ශම්මි සිල්වා පවසනවා.

ඒ අනුව ඉදිරියේදී මෙම ධුරය භාරගන්නා කණ්ඩායම සමාජිකයන් විසින් තීරණය කරනු ඇති බවයි අද (22) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

තමන් ඇතුළු පිරිස සොරුන් බවට ඔප්පු වුවහොත් ඉවත්වීමට සුදානම් බවත් ක්‍රිකට් තහනම් කළද තමන් ඇතුළු පිරිසට තහනමක් පනවා නොමැති බවද ඔහු සඳහන් කළා.

තහනම පනවා තිබුණද මේ වසරට ලැබීමට නියමිත ගෙවීම් සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අද අවලංගු කෙරේ

මේ වනවිට මධ්‍යම කඳුකරයේ පවතින අධික වර්ෂාව සමඟ උඩරට දුම්රිය මාර්ගයේ, ස්ථාන කිහිපයක්  කඳු නායායෑම් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් අද (22) දින රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් ගෙදර

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ
මහතාව ඉවත් කරලීමට ඊයේ සේවක විරෝධයක් පැනනැගුණ අතර අවසානයේ ඔහු ඉල්ලා අස්වී ගෙදර ගියේය.

රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සියළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප්
ගෙවීමටද අසීරු කාර්යයක්ව තිබියදී, සේවක අත්තිකාල දීමනා හා වෙනත් අනවශ්‍ය වියදම් සියල්ල කපාහැරීමට කටයුතු කරන මොහොතක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, ව්‍යාජ ලිපිගොණු සකසා වැටුප් වර්ධක 10ක් ලබාගනිමින් ලක්ෂ ගණනින් මුදල් වංචා කරන බවටත්, පත්වූ දා සිට සිදුකර ඇති අසාර්ථක ව්‍යාපෘති හරහා සංස්ථා මුදල් නිකරුනේ නාස්ති කරන බවටත්, ඥාති පුත්‍රයකු සේවයට බඳවා ගෙන ඇති බවටත් සේවකයින් චෝදනා කොට තිබුණි.

මේ අනුව පීඩාවට පත් සංස්ථා සේවකයින් හා වෘත්තීය සමිති එක්ව අධ්‍යක්ෂ
ජනරාල් කාර්යාලය වටලනු ලැබූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා ජනමාධ්‍ය
අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී. සත්කුමාර මහතා හා ශ්‍රී ලංකා ගුවන්විදුලි
සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා ද මැදිහත්වී ඇත.
පසුව අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී සංස්ථා
භූමියෙන් පිටව ගියේය.

ජාතික රූපවාහිනියේ නුග සෙවන නිවේදිකාව ඇප මත

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක වන වසුන්දරා ගමගේ මහත්මිය ඇප මත නිදහස් කර තිබේ.

නඩුව එළැඹෙන ජූනි 24 වනදා කැඳවීමට නියමිතයි. ඊයේ (18) පස්වරුවේ
නාරාහේන්පිට ඇගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඇයව අද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර පරිගණක අපරාධ පනත යටතේ ඇය ප්‍රචණ්ඩත්වයට අනුබල දුන්නේ යයි චෝදනා ගොනු කර තිබුණි.

වසුන්දරා ගමගේ මහත්මිය නුගසෙවණ ඇතුළු ජාතික රූපවාහිනියේ ප්‍රකට වැඩසටහන් ගණනාවක සම්ප්‍රවේශිකාවක ලෙස කටයුතු කරමින් සිටින්නියකි.