සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත

2024.01.12 දින පැය 0030 සිට 2024.01.13 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 299g
අයිස් 172g 40mg
ගංජා 4kg 400g
ගංජා පැල 26075 ක්
ගංජා සුරුට්ටු 01 ක්
ඈෂ් 2g
මාවා 522g
තුල් 34g
මදන මෝදක 3kg
මත්පෙති 1233 ක්

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 22 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 37 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ක්‍රීඩකයින්ට දුන් පොලිස් පත්වීම් නීතිවිරෝධීයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂත තනතුරු ලබා දී ඇත්තේ බදවා ගැනීමේ පටිපාටියට පිටින් බව වාර්තා වේ.

විශ්‍රාමක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මේ පිළිබඳ තොරතුරු සදහන් කර ඇති අතර පොලිස් පරීක්ෂක හා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු සඳහා බඳවා ගැනීමේ පටිපාටියක් නැතැයි බව ද හෙතෙම පෙන්වා දේ.

නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරන්නේ මෙම පිරිස පොලිසියට බඳවාගෙන ඇත්තේ සහායක සේවා පදනම අනුව බවත් එම බදවා ගැනීම නීතිවිරෝධී නොවන බවත් ය.

මීනගයා ඇතු​ළු කොළඹ – මඩකලපුව දුම්රිය අද සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ

ගංවතුර හේතුවෙන් ඊයේ (11) අවලංගු කෙරුණු දුම්රිය සේවා කිහිපයක් අද (12) සවස සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සේවය පවසනවා.

ඒ අනුව මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඇතුළු කොළඹ සහ මඩකලපුව අතර දුම්රිය මෙලෙස සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජලය නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) ප.ව 05 සිට 14 වනදා පෙ.ව 9 දක්වා කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 11,12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බ‍ව එම මණ්ඩලය දන්වා ඇත.

අඹතලේ ජල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව එම මණ්ඩලය සදහන් කරයි.

2024.01.11 දින පැය 0030 සිට 2024.01.12 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

2024.01.11 දින පැය 0030 සිට 2024.01.12 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 303g 384mg
අයිස් 141 g 750mg
ගංජා 10 kg 565g
ගංජා පැල 660573 ක්
ගංජා සුරුට්ටු 04 ක්
මාවා 542g
තුල් 29g 810mg
මත්පෙති 1250 ක්
ඈෂ් 1g 610mg
මදන මෝදක ගුලි 135g
කුෂ් 1g 150mg

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

රෝහල්වල කටයුතු පවත්වාගෙන යාමට හමුදාව යොදවයි

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා යුද හමුදා භට පිරිස් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

ඒ අනුව කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය සහ කුරුණෑගල ශික්ෂණ රෝහල්,  මාතර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම යන රෝහල් සඳහා මේ වන විට යුද හමුදා භට පිරිස් යොදවා තිබෙනවා.

659f96177fd33 659f9616156df

එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය ජනපති හමු වෙයි

මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා (Vice Admiral Sir Timothy Laurence) ඊයේ (10) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

කොටුව ජනාධිපති මන්දිරයට පැමිණි ඈන් කුමරිය ඇතුලු රාජකීය දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ සුහද කථා බහකට එක්වූ බවත් මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඈන් කුමරිය ජනාධිපති මන්දිරයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක්ද තබා තිබෙනවා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පිරිසක්ද එක්ව තිබෙනවා.

659f81dd01c8f 659f81dce9dae 659f81dcdd25b 659f81dccf611

යුක්තිය මෙහෙයුම යටතේ තවත් 897 ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 23ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 31 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 295g 500mg ක්, අයිස් 685 g 930mg ක්, ගංජා 72 kg 970g ක්, ගංජා පැල 2113 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුව ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අධික වැසි සමග දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශාන් විජේලාල් පාර්ලිමේන්තුවට ඒප්‍රන් එකක් ඇඳගෙන ඇවිත් – සභාවට ඇතුළුවීම තහනම් කරලා

ඇඳුම සම්බන්ධයෙන් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළුවීම තහනම් කර ඇත.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ජනමාධ්‍යවේදීන් අමතමින් පවසා ඇත්තේ මන්ත්‍රීවරයා පැමිණ ඇත්තේ සූපවේදීන් අඳින ඒප්‍රන් ඇඳුමට සමාන ඇඳුමකින් බවයි.

“ඇයි ඔය ඇදුමෙන් ආවේ කියලා ඇහුවම මන්ත්‍රීවරයා කිව්වා එයාට අඳින්න කළු කමිසයක් සහ කලිසමක් නෑ කියලා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට අඟහරුවාදා කළු ඇඳුමකින් එන්න කියලා” වේත්‍රධාරීවරයා පවසා ඇත.