ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අද (24) සිට විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා පාසල්වල අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් අද සිට ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ලේකම් අජිත් කේ. තිලකරත්න සඳහන් කළේ.

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක අතර වැඩ වර්ජනයේ නිරත විශ්ව විද්‍යාල අන්‍යධන සේවකයින් සහ රාජ්‍ය වැටුප් කමිටුව අතර සාකච්ඡාවක් හෙට (25) පැවැත්වීමටද නියමිතව තිබෙනවා.

එසේම සිය ගැටලුවලට විසදුම් නොලැබෙන්නේ නම්, අනිද්දා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම් බව විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ සඳහන් කළා.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හෙට (25) හා අනිද්දා (26) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව එම කමිටුවේ විධායක සභික සම්පත් දේශප්‍රිය සඳහන් කළා.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයද ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට හා අනිද්දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම්ව සිටින අතර, රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උදුගොඩ සඳහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

LTTE තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කරයි

LTTE තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ අමාත්‍ය අලි සබ්රි සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් TGTE ය විසින් LTTE තහනම ඉවත් කරන ලෙස ඉල්ලා එම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.

සංස්පර්ශ 2024 – සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ කොළඹ දිස්ත්‍රික් තරග අවසන් වෙයි

සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් සංවිධානය කරන ‘සංස්පර්ශ 2024’‍, සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ කොළඹ දිස්ත්‍රික් තරග අද (23) අවසන් වුණා.

අද කොළඹ D.S සේනානායක විද්‍යාලයේදී පැවති මූලික වටයේ තරග සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජය කරමින් තරගකරුවන් 2500 කට අධික පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ‘සංස්පර්ශ 2024’‍, සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ මීළඟ අදියර මහනුවර දිස්ත්‍රික්කයේ කිංස්වුඩ් විද්‍යාලයේ දී ජුනි 29 වනදා පැවැත්වීමට නියමිතයි.

හිටපු ජනපති සිරිසේනගේ කතාව සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගතයි – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයෙන් පසුව ලැබුණු මුදල් වියදම් වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ අනුව, ඒ පිළිබඳ සියලු සංඛ්‍යා ලේඛන තමන් සතුව පවතින බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

වෛද්‍ය ප්‍රතිකාර, විශේෂඥ ප්‍රතිකාර ලබාගැනීම සඳහා, පෞද්ගලික ආරෝග්‍ය ශාලාවල වියදම්, අනාථ වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම ආදි ලෙසට ප්‍රහාරයට ලක්වූ ජනතාවට උදව් අවශ්‍ය වී තිබුණු බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

රුපියල් මිලියන 500 ක් පමණ මුදල් එකතු කරගත් බවත්, අදාළ නිවැරදි දත්ත තමා සතුව ඇති අතර, ඒවා ඕනෑම වේලාවක පරීක්ෂා කිරීමට හැකි බවත්, එම රුපියල් මිලියන 500න් මිලියන 460ක් පමණ මේ වෙනකොට බෙදා දී ඇති බවයි අගරදගුරුතුමන් සඳහන් කළේ.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පැවසූ කතාව සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගත හා වැරදි එකක් බවද, එවන් දෙයක් ප්‍රකාශ කිරීමට පෙර සැබෑවට‍ම සිදුවූයේ කුමක් දැයි අදාළ පාර්ශවයන්ගෙන් විමසා බැලීම එතුමාගේ යුතුකමක්ව පැවති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

උප්පැන්න සහතිකයක් නොමැතිවීම නිසා මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු පුද්ගලයින්ට තවදුරටත් අවස්ථාව පවතිනවා – පු.ලි.දෙ.

වයස අවුරුදු 40 ට වැඩි, උප්පැන්න සහතිකයක් නොමැතිවීම නිසා මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම මාසයේ 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී සඳහන් කරන්නේ.

තලාවේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය යයි, තවත් තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ

24-06-23
කැකිරාව කුෂාන් ජයවර්ධන
තලාවේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය යයි, තවත් තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ
එකම ගමේ තරුණයින් සිව් දෙනෙකු ගමන් ගත් ත්‍රී රෝද රථයක් හා බස් රථයක් හා ගැටීමෙන් අද (23) අලුයම අනුරාධපුර තලාව ප්‍රෙද්ශයේදී සිදුවූ රිය අනතුරකින් ත්‍රී රෝද රථයේ සිටි තරුණයින් සිව් දෙනාගෙන් දෙදෙනෙකු මිය ගොස් සෙසු තරුණයින් දෙදෙනා ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
එප්පාවල ප්‍රෙද්ශයේ පදිංචි තරුණයින් සිව් දෙනෙකු ගමන්ගත් ත්‍රී රෝද රථයක් හා රත්නපුර ප්‍රෙද්ශයේ පිරිසක් යාපනය ප්‍රදේශය බලා විනෝද චාරිකාවක් රැගෙන යමින් තිබූ බස් රථයක් අනුරාධපුර තඹුත්තේගම මාර්ගයේ තලාව ගොවිජන සේවා කාර්යාලය ඉදිරිපිටදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ අනතුරට පත් ත්‍රී රෝද රථයේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකි. මෙලෙස මිය ගොස් ඇත්තේ සයිමන් පෙරේරාගේ සුපුන් සාලින්ද පෙරේරා නමැති අවුරුදු 21 ක තරුණයෙක් හා පරණවිතාරනගේ නිපුන සනිශ්ක පරණවිතාරන නමැති 19 හැවිරිදි තරුණයෙකි. ඔවුන් එප්පාවල මැඩියාව ප්‍රෙද්ශයේ පදිංචිකරුවෝ වෙති.
අනතුර සිදුවන අවස්ථාවේ එම ත්‍රී රෝද රථයේ තරුණයින් සිව් දෙනෙකු ගමන් කර ඇති අතර එහි ගමන් ගත් සෙසු තරුණයින් දෙදෙනාද මෙම අනතුරින් බරපතළ තුවාල ලබා තිබේ. තුවාල ලබා සිටි ඔවුන් ප්‍රතිකාර සදහා කඩිනමින් තලාව රෝහලට ඇතුලත් කිරීමට එම ප්‍රෙද්ශවාසීන් කටයුතු කරතිබිණ. මේ වනවිට එම තුවලකරුවන් හදිසි වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. ඔවුන් ද එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි අවුරදු 25ත්- 17ත් අතර පසුවන තරුණයින් දෙදෙනෙකි.
ත්‍රී රෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. අනතුරට සම්බන්ධ ත්‍රී රෝද රථය හා බස් රථයත් එහි රියදුරුත් වැඩිදුර විමර්ශන සදහා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් තලාව පොලිසිය මේ වනවිට වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.

රාජ්‍ය ආයතනවලින් හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නවා – රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණයක් තවදුරටත් පවතින බවත්, එම හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙරට බදු නීතියේ ඇති අභියාචන අයිතිය අනුව රජය විසින් බද්දක් පැනවූ විට නීතිය ඉදිරියට ගොස් අභියාචනා කිරීමට සමස්ථ ජනතාවට අයිතියක් ඇති බවත්, ඒ යටතේ ඇති හිඟ බදු වැඩිපුර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ යුගයේදී තරම්, හිඟ බදු අයකර ගැනීම සඳහා රජයට පැවරී ඇති සියළු බලතල ක්‍රියාත්මක කළ යුගයක් තවත් නැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින නිවාස සංකීර්ණයේ පිවිසුමේ දොරටුව අසලට පෙරේදා පැමිණ ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මගින් සොයා බැලීමක්

රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින පිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට පෙරේදා (20) රාත්‍රී පැමිණ ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මගින් සොයා බැලීමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය.

එම පුද්ගලයන් දෙදෙනා ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේදී ඔවුන් කාගේ නිවසට යන්නේ දැයි විමසීමේදී නිසි පිළිතුරක් ලබාදීමට එම පුද්ගලයන් දෙදෙනා අපොහොසත් වී ඇති අතර, අනතුරුව පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ආරක්ෂක නිලධාරියාගේ ඡායාරූප ලබාගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

කොවිඩ් වෙලාවේ හෝටල් තියාගෙන උදේට කිරිබත් කෑල්ලක් දීලා 14,000 ක් ගත්තා – සුසිල්

කොවිඩ් වෙලාවේ හෝටල් තියාගෙන උදේට කිරිබත් කෑල්ලක් දීලා 14,000 ක් ගත්තා – සුසිල්

මම කොළඹ ඉන්න කැසිනෝ කාරයන්ගෙන් සල්ලි අරං පාසල් වලට බඩු බෙද බෙද යන්නේ නෑ – සරත් ෆොන්සේකා

මම කොළඹ ඉන්න කැසිනෝ කාරයන්ගෙන් සල්ලි අරං පාසල් වලට බඩු බෙද බෙද යන්නේ නෑ – සරත් ෆොන්සේකා