ජනාධිපතිවරණය ගැන IHP ජූනි සමීක්ෂණයෙන් සජිත් 43%ක් හා අනුර 30%ක් ලබාගනිමින් දෝෂ ආන්තික සීමාව තුළ

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් ජුනි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාව අද (01) නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස 43%ක් හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 30%ක් ලබාගෙන ඇති නමුත් එම ප්‍රමුඛ අපේක්ෂකයින් දෙදෙනාම දෝෂ ආන්තික සීමාව (Margin of error) තුළ පවතින බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ 20%ක් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂයා 7%ක්ද ලබාගෙන ඇති බව සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

ජූනි මාසය තුළ සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ 446ක් මෙම සමීක්ෂණය සඳහා නියැදිය ලෙස යොදාගෙන ඇති අතර, ජූනි මස ආකෘති අවිනිශ්තතාවයෙහි සැලකිය යුතු වැඩි වීමක් සිදුව ඇති බවද දෝෂ ආන්තිකය 1-11% ලෙස තක්සේරු කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්.

IHP ආයතනය විසින් ඉදිරි සතිවලදී පවත්වන සම්මුඛ පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සැලසුම් කරමින් සිටින බවත්, මීළඟ යාවත්කාලීනය මඟින් වත්මන් ප්‍රවණතාව පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

අදාළ වාර්තාව මෙතැනින් සහ පහතින්.

66ab734fc1891 66ab734fa7500

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු ව​න ලොකු පැටී අත්අඩංගුවට

සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා බෙලරූස්හී දි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔහු ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකුද වනවා.

අගෝස්තු මාසයේ ගෑස් මිල සංශෝධනයක් නැහැ – ලිට්රෝ සමාගම

අගෝස්තු මාසයේදී ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේම ලබන මාසය සඳහාත් ගෑස් අලෙවිය සිදු කරන බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

නීති විරෝධී විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධිව විද්‍යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ AK 407 දරණ යානයෙන් විද්‍යුත් දුම්වැටී තොගය සහිත ගමන් මලු කිහිපයක් සැකකරු විසින් එවා තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ඔහු එම ගමන් මලු රැගෙන යාමට පැමිණි අවස්ථාවේ අදාළ විද්‍යුත් දුම්වැටි තොගය ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

අත්අඩංගුවට ගත් මෙම දුම්වැටී තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හමාස් ප්‍රධානියා මරුට

හමාස් ප්‍රධානී Ismail Haniyeh සහ ඔහුගේ ආරක්ෂකයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉරානයේ පිහිටි ඔවුන්ගේ නිවස ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයකින් ඔවුන් මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉරාන ජනාධිපති Masoud Pezeshkian ගේ දිවුරුම් දීම සඳහා සහභාගී වීමට හමාස් ප්‍රධානී Ismail Haniyeh ඉරාන අගනුවරට පැමිණ සිටි බවයි වාර්තා වෙන්නේ.

මෛත්‍රී ඇතුළු පිරිසකට එරෙහි වාරණ නියෝගය ඔක්තෝබර් 09 දක්වා දීර්ඝ කෙරේ

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින්  එම පක්‍ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව නිකුත්කර තිබූ වාරණ නියෝග තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩු අද (30) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරුවරයා විසින් මෙම නියෝග නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අදාළ වාරණ නියෝග ඔක්තෝබර් මස 09 වනදා දක්වා දීර්ඝ කිරීමටද නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හබරාදූවේ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබයි

හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රී තානායමක් ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

වෙඩිවැදිමෙන් 34 සහ 54 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් හබරාදූව සහ අගුළුගහ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මොරොන්තුඩුව පොලිස් වසමේ නාන්දූව මහවෙල ප්‍රදේශයේ කෙසෙල් වගාවක මුවාවෙන් ගංජා වගාවක් 2024.07.28 වන දින සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මොරොන්තුඩුව පොලිස් වසමේ නාන්දූව  මහවෙල ප්‍රදේශයේ කෙසෙල් වගාවක මුවාවෙන් ගංජා වගාවක් 2024.07.28 වන දින සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගංජා වගා කිරීම සැකකරු විසින් කලක සිට සිදුකර ඇති අතර මෙම ගංජා වගාකිරීම සිදුකරන ස්ථානය වෙත කිසිවෙකුටත් ලඟාවිය නොහැකි දූපතක මෙම වගාව සිදුකර ඇත. වගාවේ තිබූ ගංජා ගස් අත්අඩංගුවට ගෙන 2024.08.29 දින අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. මෙම ගංජා වගාකර තිබූ ස්ථානය වෙත ඔරුවක්න් මිස ඇතුල්විය නොහැකි වන සේ සූක්‍ෂමව පවත්වාගෙන ගොස් ඇත. මෙම වැටලීම ඒකකයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙය වීම යටතේ ප්‍ර.පො.ප. මහේන්ද්‍ර, උ.පො.ප. සඳරුවන්, පො.සැ. 428 ජයලාල්, පො.කො. 77090 බාලසූරිය, පො.කො. 84889 උදය කුමාර, පො.කො. 91287 සංජීව, පො.කො. 94009 සියන්ත, පො.කො. 104643 සේනාරත්න, කා.පො.කො. 13090 රිහාරි, පො.කො.රි. 16227 උදාර යන නිලදාරීන් විසින් සිදුකර ඇත.

WhatsApp Image 2024-07-29 at 16.07.34

අද වන විට තැඹිලි සඳහා මැදපෙරදිග රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර ලංකාවේ තැඹිලි වලට ඇත්තේ සුවිශේෂ ඉල්ලුමකි.

අද වන විට තැඹිලි සඳහා මැදපෙරදිග රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර ලංකාවේ තැඹිලි වලට ඇත්තේ සුවිශේෂ ඉල්ලුමකි.
තැඹිලි ගත්කල ඩුබායි වෙළඳපළෙහි ලංකාවේ තැඹිලි වලට ඉතා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඩිරාම් තිහක මුදලකටඑහිදී තැඹිලි අලෙවියන බවත් වාර්තාවනවා.
නමුත් අද වන විට තැඹිලි වලට සුදු මැස්සා රෝගය උස්සන්න වී ඇති අතර මේ සඳහා සාර්ථක විසඳුමක් ලබාදී නොමැති බවපවසයි.
වෙනදා අපනයනය සඳහා පැමිණිල්ල ලෑස්ති කිරීමට පෙර බහලුම ගෙන්වා ගන්නා අතර දින තුනක් හතරක් වැනි කාලයක් තුළ ත අපනයනය කළ හැක.
නමුත් අද වන විට දින දහයක් පමණ මහළුම් නතර කර තබා ගැනීමට අවශ්‍ය වන බවත් කැමිලි එකතු කර ගැනීම සඳහා දැඩි අපහසුතාවයක් පවතින බවත් කපන එන කරුවන් පවසයි.

මේ වසරේ ඩෙංගු රෝගීන් 32,078 ක් වාර්තා වෙයි

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 32,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙකු දිවයින පුරා වාර්තාවී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම කාලය තුළ ඩෙංගු මරණ 12ක් සිදුව ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.