සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට පැවැත්වෙන “සර්වජන සමුළුව” වේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
Breaking News
සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට පැවැත්වෙන “සර්වජන සමුළුව” වේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ද පත්කර තිබෙනවා.
එමෙන්ම ගල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස අමාත්‍ය මොහාන් ද සිල්වා ද, මන්ත්‍රී නිපුණ රණවක මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ සඳහා ඉදිරිපත් වූ කාව්‍ය නිර්මාණ අත්පිටපත් 195 ක් අතුරින් දීර්ඝ ලැයිස්තුගත වන (Longlist) කාව්‍ය නිර්මාණ අත්පිටපත් 07 ක් අද ප්‍රකාශයට පත් කෙරුණා.
මෙහි කාව්‍ය නිර්මාණ ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ලෙස රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් විජේසිරිවර්ධන සහ නන්දන වීරසිංහ කටයුතු කරනවා.
මෙම දීර්ඝ ලැයිස්තුගත අත්පිටපත් 07 න් අවසන් වටය සඳහා නිර්දේශ වන අත්පිටපත් 03 කෙටි ලැයිස්තුගත කිරීම ( Shortlist) අගෝස්තු දෙවැනි සතියේදී සිදුකිරීමට නියමිතයි.
‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ ජය මූර්ති ප්‍රදානය සැප්තැම්බර් 01 වන දින පැවැත්වීමට නියමිත අතර මෙහි ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස හෙළකුරු කටයුතු කරනවා.
දීර්ඝ ලැයිස්තුගත කාව්‍ය නිර්මාණ අත්පිටපත් 07 පහතින්,

ජනාධිපතිවරණ කාල සීමාවේදී පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් විසින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එම කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරන්නේ.
ඒ අනුව, 0767914696 යන දුරකථන අංකයට හෝ 0112505566 යන ෆැක්ස් අංකයට මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
බිත්තර ආනයනය කිරීමේ රජයේ තීරණයට හේතුව වී ඇත්තේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරිමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
නිසි ක්‍රමවේද සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීමෙන් දේශීය බිත්තර කර්මාන්තය විනාශ වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරන්නේ.
ඉදිරි උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
පෞද්ගලික මගී බස් රථයක් හා සහල් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථ රියැදුරු රෝහලේ .
නුවරඑළිය සිට හැටන් දක්වා ගමන් කල පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට නුවරඑළිය දෙසට පැමිණෙමින් සිටි සහල් පටවාගත් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් ලිදුල පොලිස් වසමට අයත් ෆාමස්ටම් ප්‍රදේශයේ (02) උදෑසන සිදුවූ රිය අනතුරින් බස් රථයේ රියදුරු බරපතල තුවාල සහිතව 1990 ගිලන් රථයක ආධාරයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව ලිදුල පොලිසිය සඳහන් කරයි .
ලොරි රථය අදික වේගයෙන් පැමිණ මාර්ගයේ ඉඩ ලබා දීම සදහා මාර්ග නීතියට අනුව අවසර ඇති පරිදි විරුද්ද දිසාවට තරමක් හැරවීමේදී රොරි රථය බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බවත් ,
අනතුරට හේතුව පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවද ලිදුල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි ,
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බස් රථ රියදුරු හඩිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් බස් රථයේ ගමන් ගත් මගීන් කිසිවෙකුට බරපතල තුවාල සිදුවී නොමැති අතර සුළු තුවාල සිදු වූ රෝගීන් තිදෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී ඇති අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රථම ආධාර සිදුකර රෝහලින් නික්ම යාමට හැකි තත්ත්වයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ වැදී අද (02) සිදු වූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි ලිඳුල පොලීසිය පවසනවා.
නුවරඑළියේ සිට හැටන් දක්වා ගමන්ගත් අන්තර් නගර සුඛෝපභෝගී බස් රථයක් හා ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.
අනතුරින් බස් රථයේ රියදුරා ඇතුළු එහි ගමන්ගත් මගීන් හතර දෙනෙකු මෙසේ තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැර ලෙබනනයට යාමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.
ඒ අනුව සංචාරක උපදේශනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරන්නේ, ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.
ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉන් බහුතරය මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බවත්, රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් වූ පැමිණිලි ඒ අතර ඇති බවයි සඳහන් වෙන්නේ.
එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.
පොලිස් පරිපාලන අංශයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා.
අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.