මානව හිමිකම් සංවිධානය ලංකා සහ ඉස්ලාමීය උත්තරීතර කවුන්සිලය විසින් මානව හිමිකම් ලංකා සභාපති එම්.එන්.එම්.අසීම් ​​මහතාගේ ප්‍රධානත්වයෙන් හිස්බුල් කුර්ආනය පාරායනය කිරීමේ උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කීත් සිරි රාජපක්ෂ මහතා සහ අල්හාජ් සුලෙයිමාන් ඊබ්‍රාහිම් මහතා සහභාගි විය

මානව හිමිකම් සංවිධානය ලංකා සහ ඉස්ලාමීය උත්තරීතර කවුන්සිලය විසින් මානව හිමිකම් ලංකා සභාපති එම්.එන්.එම්.අසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් හිස්බුල් කුර්ආනය පාරායනය කිරීමේ තරගය සංවිධානය කරන ලද අතර මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කීත් සිරි රාජපක්ෂ මහතා සහ අල්හාජ් සුලෙයිමාන් ඊබ්‍රාහිම් මහතා සහභාගි විය. විශේෂ ආරාධිතයන් ලෙස මානව හිමිකම් සංවිධානය ලංකා සහ ඉස්ලාමීය උත්තරීතර කවුන්සිලය සංවිධානය කළ හිස්බුල් කුර්ආනය පාරායනය කිරීමේ තරගය අඛණ්ඩව ජයග්‍රහණය කළ අතර සහතිකපත් බෙදාදීමේ උත්සවය මානව හිමිකම් සංවිධානයේ සභාපති එම්.එන්.එම්.අසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, සාර්ථක වූ සිසුන් සඳහා සහතිකපත් ප්‍රදානය කරන ලදී

WhatsApp Image 2024-07-28 at 17.44.18 (2) WhatsApp Image 2024-07-28 at 17.44.18 (1) WhatsApp Image 2024-07-28 at 17.44.18 WhatsApp Image 2024-07-28 at 17.44.16 (1) WhatsApp Image 2024-07-28 at 17.44.16 WhatsApp Image 2024-07-28 at 17.44.17

සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි – සංචාරක ලේකම්

මෙම වසරේ ජූලි 15 වනදා වන විට විදෙස් සංචාරකයින් 1,095,675 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනවා.

ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයින්ගේ පැමිණීමේ යළි පිබිදීමක් දක්නට ලැබෙන බවත්, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත්, යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2024 ජනවාරි  සිට ජූනි දක්වා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 1556.64 ක ආදායමක්  උපයා තිබෙන බවද, මේ වන විට රටේ පවතින තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් 2024 වසර අවසන් වන විට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාවත්, ඒ හරහා  ලබන ආදායමත් අනිවාර්යයෙන් 2018  ප්‍රමාණයට වඩා වැඩි කර ගත හැකි බවද ලේකම්වරයා පෙන්වා දෙනවා.

පාස්කු ප්‍රහාරය, COVID-19 වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය දැඩි පසුබෑමකට මුහුණ දී තිබුණු නමුත්, එම අභියෝග මධ්‍යයේ වුවත් සංචාරක අංශය දැන් පිබිදීමේ ලකුණු පෙන්නුම් කර බවද ලේකම්වරයා සඳහන් කරනවා.

පූර්ව ලියාපදිංචියකින් තොරව විදෙස් ගමන් බලපත්‍ර ලබාගන්න එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත්‍ර ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගමන් බලපත් අයදුම් කිරීම සඳහා ජූලි 16 වනදා සිට https://www.immigration.gov.lk/ යන සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.

රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ජනපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

2024 වර්ෂයට අදාළ ජනපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

ඒ අනුව අද සිට ලබන මස 14 වනදා දක්වා සෙනසුරාදා හා ඉරිදා දින හැර අනෙකුත් දිනවල උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකියි.

ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකු වන අවස්ථාවක වලංගු මුදලින් රුපියල් 50,000 ක මුදලක් තැම්පත් කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

එසේම අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් හෝ නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක වලංගු මුදලින් රුපියල් 75,000 ක් තැම්පත් කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

66a30d58dfc94pdf_page_0

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 – ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 15 වනදා නාමයෝජනා භාරගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

එසේම සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

66a30552e83b1pdf_page_0

විභාග වෙමින් පැවැති නඩුවකට අදාළ නඩු භාණ්ඩ වලට හානි කළ නීතීඥවරුන් දෙදෙනෙකුට එරෙහිව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් නඩුවක්

24-07-25
කැකිරාව කුෂාන් ජයවර්ධන

විභාග වෙමින් පැවැති නඩුවකට අදාළ නඩු භාණ්ඩ වලට හානි කළ නීතීඥවරුන් දෙදෙනෙකුට එරෙහිව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් නඩුවක්
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවේ ගොනුකර විභාග වෙමින් පවතින නඩුවකට අදාළ නඩු භාණ්ඩවලට හානි සිදු කළ බව කියන නීතීඥවරුන් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවැරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ.
නීතීඥවරුන් දෙදෙනෙකුට එරෙහිව වූ එම නඩුව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චි මහතා විසින් අධීකරණය හමුවේ ගොනු කර තිබේ.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අප කළ විමසීකදී එහි ප්‍රකාශකයකු කියා සිටියේ මෙලෙස නඩු පවරා ඇත්තේ එම කාර්යාලය මඟින් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයේ ගොනු කර විභාග වෙමින් පැවැති නඩුවක විත්ති පාර්ශවයේ ව්‍යාපාරිකයකු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥයින් දෙදෙනෙකුට එරෙහිව බවයි.
ඉකුත් දා කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සිදු කළ වැටලීමකදී කැකිරාව ගනේවල්පොල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී වස යෙදූ බව කියන රුපියල් කෝටි ගණනක් වටිනා පාන් පිටි තොගයක් ඇතුලු ආහාර ද්‍රව්‍ය තොගයක් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබිණ. කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය මඟින් ඒ සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදුකර තිබිණ. ඒ අනුව, අදාළ සිද්දිය සම්බන්ධයෙන් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයේ දී අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවැරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් පියවර ගෙන තිබිණ.
අදාළ නඩුව අධීකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර තුරදී එකී නඩුවේ විත්තිකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දෙදෙනෙකු එම නඩුවට අදාළ නඩු භාණ්ඩවලට හානී කර තිබූ බව ද, එලෙස නඩු භාණ්ඩවලට හානි කිරීමේ චෝදනා යටතේ අදාළ නීතීඥවරුන් දෙදෙනාට එරෙහිව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
නඩු භාන්ඩ වලට හානි කිරීම සම්බන්ධයෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මෙලෙස අධීකරණය හමුවේ නඩු පවරා ඇති නීතිඥයින් කැකිරාව හා මහනුවර ප්‍රෙද්ශයන්හි පදිංචි කරුවෝ වෙති.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එයින් ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට නිකුත් කරන බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳව විවිධ පුද්ගලයන් හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

අහිතකර දුම් පිටවන වාහන 93ක් අසාදු ලේඛණගත කෙරේ

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛණගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා.

මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ වාහන අසාදු ලේඛනගත කර ඇති බවයි එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කළේ.

යම් වාහනයක් අහිතකර ලෙස දුම් පිටකරමින් මාර්ගයේ ධාවනය වන්නේ නම් 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් යොමුකර විස්තර ලබාදෙන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි ගින්නක්

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ගින්න නිවීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.