හංගේරියානු ජනාධිපතිවරිය ඉල්ලා අස්වෙයි

හංගේරියානු ජනාධිපති Katalin Novak සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය හේතුවෙන් තමා සිය ධුරයෙන් ඉල්ලා අස් වන බවයි ඇය සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් කළේ.

ළමා නිවාසයක අධ්‍යක්ෂවරයෙකුට එරෙහි ව එල්ල වී තිබූ ලිංගික අපයෝජන චෝදනයක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ළමුන්ට බලකිරීම සම්බන්ධයෙන් සිරගත වූ පුද්ගලයෙකුට ජනාධිපති කැටලීන් නොවැක් පසුගිය සතියේ ජනාධිපති සමාව ලබාදී තිබුණා.

ඒ සම්බන්ධයෙන් හංගේරියාවේ විරෝධතා පැවති අතර, විරෝධතාකරුවන් සඳහන් කළේ, ජනාධිපතිවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඒ අනුව අදාළ පුද්ගලයාට සමාව ලබාදීමේ දී තමා වරදක් කළ බව පවසමින් හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් ජනතාවගෙන් සමාව අයැද සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

විදෙස්ගත ශ්‍රමිකයන්⁣ගෙන් ජනවාරි මාසයේ ඩොලර් මිලියන 487 ක් ශ්‍රී ලංකාවට

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ වසරේ ජනවාරි මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 11.4% ක වැඩි වීමක් බව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අදාළ X පණිවිඩය පහතින්.

65c876be28642

නුවරඑළිය සදතැන්නේ හිරු උදාව නරඹන්න  නැවත සංචාරකයින්ට අවස්තාව ළඟදීම.

නුවරඑළිය සදතැන්න පාරිසරික කලාපයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයට් හිරු උදාව නැරඹීම සඳහා නැවත අවසර ලබාදීමට හා අවශ්‍ය පහසුකම් සැපයීමට කඩිනමින් කටයුතු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් වූ ගමගේ මහතා පවසයි  .

ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා 09දා හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය ,

සදතැන්න (MOON  PLAINS) නුවරඑළිය නගරයේ සිට කිමී 5 ක පමණ  දුරකින් පිහිටි සදතැන්න සුන්දර සංචාරක කලාපයකි.

නුවරඑළිය සීතාඑලිය බීජ අර්තාපල් ගොවිපළ පසුකර තවත් කි මී 3 ක් ගිය තැන සදතැන්න හමුවන අතර  මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 6200 ක උසකින් යුතු සදතැන්න අවට ප්‍රදේශය ම අංශක 360 ක දර්ශනය නැරඹීමට කදිම ස්ථානයකි .

ලංකාවේ උසම කදු මුදුන් 10 න් 9 ක්ම දර්ශනය වීම සදතැන්නේ විශේෂත්වයකි .

ස්භාවධර්මයේ අපුරු නිර්මාණයක් වූ සදතැන්න ප්‍රදේශය නැරඹීමට යා හැකි වන්නේ බීජ අර්තාපල් ගොවිපළ අසලට පැමිණ ගමන් කළ හැකි අතර මෙහි ඇති මනස්කාන්ත භූමි දර්ශන මෙන්ම පාරිසරික සුන්දරත්වය ලංකාවේ කිසිම තැනකවත් දැකගත නොහැකිය.

එමෙන්ම එහි හිරු උදාව නිරීක්ෂණය සංචාරක ආකර්ෂණය ලබා ගත් අවස්ථාවක් වුවද විවිධ හේතු නිසාවෙන් ඒ සදහා ඇති පහසුකම් නොමැති බව ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධකයින් විසින් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමත් සමගම මෙම ප්‍රදේශයට සංචාරය කරමින් මෙම සංචාරක කලාපයේ පවතිව අඩුපාඩු පිළිබදව පැමිණ සිටි පිරිස සමගා සකච්ඡා කළ ආණ්ඩුකාරවරයා කියා සිටියේ සදතැන්න සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් සදහා අවශ්‍ය පහසුකම් ඇති කිරිමට කටයුතු කරන ලෙසත් රටක් ලෙස ආර්ථික වශයෙන් නැගි සිටිමට උත්සහ කරන මෙම අවස්ථාවේදි සියලු දෙනා භේද පසෙකලා ආර්ථික සමාජිය දියුණුව උදෙසා තම යුතුකම් සහ වගකිම් නිසි ලෙස වටහාගෙන කටයුතු කිරිම වැදගත් බවය.

මෙම සංචාරය සදහා මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර නුවරඑළිය සීතාඑලිය බීජ අර්තාපල් ගොවිපළ නිලධාරී මහතුන් , සංචාරක ප්‍රවර්ධකයින්ඇ කිහිප දෙනකු ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

WhatsApp Image 2024-02-11 at 14.17.11 (5) WhatsApp Image 2024-02-11 at 14.17.11 (4) WhatsApp Image 2024-02-11 at 14.17.11 (3) WhatsApp Image 2024-02-11 at 14.17.11 (2) WhatsApp Image 2024-02-11 at 14.17.11 (1) WhatsApp Image 2024-02-11 at 14.17.11

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නව කැලණි පාලමේ කොටසක් අද රාත්‍රි​යේ සිට වැසේ

නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තබන බව අධිවේගී මාර්ග සංචාරක පොලීසිය ජනතාවට දැනුම්දෙනවා.

ඒ අනුව කටුනායක දෙසින් කැලණි පාලමට ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මංතීරුව අද (09) රාත්‍රී 9 සිට පෙබරවාරි මස 12 වන දා අලුයම 5 දක්වා වසා තබන බව සඳහන්.

එසේම ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණි පාලමට ඇතුළු වී වරාය පිවිසුම (ඉඟුරුකඩේ හංදිය) දෙසට යන වාහන සඳහා පාලමේ මැද කොටසින් වසා තැබීමටත් කටයුතු කිරීමට නියමිතයි.

කෙසේ නමුත්, අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරන වාහනවලට හා ඔරුගොඩවත්තෙන් ඇතුළු වී කටුනායක දක්වා ගමන් කරන වාහනවලට මෙයින් බාධාවක් ඇති නොවන බව වැඩිදුරටත් සඳහන් වනවා.

නව කැලණි පාලමේ කොටසක් අද රාත්‍රි​යේ සිට වැසේ

නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තබන බව අධිවේගී මාර්ග සංචාරක පොලීසිය ජනතාවට දැනුම්දෙනවා.

ඒ අනුව කටුනායක දෙසින් කැලණි පාලමට ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මංතීරුව අද (09) රාත්‍රී 9 සිට පෙබරවාරි මස 12 වන දා අලුයම 5 දක්වා වසා තබන බව සඳහන්.

එසේම ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණි පාලමට ඇතුළු වී වරාය පිවිසුම (ඉඟුරුකඩේ හංදිය) දෙසට යන වාහන සඳහා පාලමේ මැද කොටසින් වසා තැබීමටත් කටයුතු කිරීමට නියමිතයි.

කෙසේ නමුත්, අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරන වාහනවලට හා ඔරුගොඩවත්තෙන් ඇතුළු වී කටුනායක දක්වා ගමන් කරන වාහනවලට මෙයින් බාධාවක් ඇති නොවන බව වැඩිදුරටත් සඳහන් වනවා.

අඩු බර පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232 කට නඩු පවරයි

නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර නඩු පැවරීමට කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

පාන් සඳහා බර සඳහන් ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පෙබරවාරි 05 වනදා සිට 08 වනදා දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී එම පිරිසට නඩු පවරා ඇති බවයි සඳහන් වන්නේ.

පාරිභෝගිකයන්ට යම් පැමිණිල්ලක් ඇත්නම් ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 ට දැනුම්දෙන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටින්නේ.

තම දුව සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වුවායැයි “මල්ලියා” පාසල ඇරි නිවෙසට බලා එන සිසුවාට මග රැක සිට පොල්ලකින් පහරදීලා.

තම දුව සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වුවායැයි “මල්ලියා” පාසල ඇරි නිවෙසට බලා එන සිසුවාට මග රැක සිට පොල්ලකින් පහරදීලා.

සිය දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගත් මොරොන්තුඩුව ප්‍රදේශයේ විදුහලක 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විදුහලේම සිසුවියකගේ “මල්ලියා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පියා විසින් අද(8) දින 1.40 පමණ පොල්ලකින් පහරදී ඇති බවට මොරොන්තුඩුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ පහර දීම සිදුවී ඇත්තේ සිසුවා පාසල නිම වී නිවසට යන අතරතුරදී කලපුගම කජුවත්ත වෙන්දේසි වත්ත අසලදී බව පොලීසිය පවසයි

පහර කෑමට ලක්වූ සිසුවාගේ දකුණු පාදයට හා දකුණු අතට තුවාල සිසුවි ඇති අතර සිසුවා රෝහල් ගත කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරොන්තුඩුව පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර ඇත.

ගල්පාත චන්දන පෙරේරා

පෙබරවාරි මුල් දින හතර තුළ සංචාරකයින් 28,493 ක් දිවයිනට

2024 පෙබරවාරි මාසයේ මුල් දින 4 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 28,493 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 236,746 ක් බවයි සිය වාර්තාව මඟින් එම අධිකාරිය සඳහන් කරන්නේ.

පෙබරවාරි මාසයේ පළමු දින 4 තුළ වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය හා ජර්මනිය යන රටවලින් බවයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

65c4bd1025477

හිමිනමට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

ගම්පහ, මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිමිනම ඝාතනය කිරීමට පැමිණි වාහනය සහ ගිනිඅවිය ලබාදුන් පුද්ගලයාව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය ජනවාරි මස 23 වනදා  පෙරවරුවේ ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර තිබුණා.

සනත් නිශාන්තගේ මරණය සැකසහිතයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සනත් නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බවට චෝදනා කරමින්.

අනතුර සිදුවූ ආකාරය සහ රියදුරාගේ හැසිිරීම සම්බන්ධයෙන් සැක සහිත බව බිරිඳ පවසා තිබෙනවා.

ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන ලෙස යි.