වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිළි කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාරවල දී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුවූ බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනූව මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිවරයා වෙත 22 වනදා මහ බැංකු අධිපති ලිපියක් යොමු කළ බවත් එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමට මහ බැංකුව සූදානමින් පසුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

65daf6e29a03epdf_page_0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනක් පිම්මකට සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනක් පිම්මකට සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලඥයන් දෙදෙනෙකු සමගි ජන බලවේගයට එක්වීමට රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවට එම පක්ෂයේ ආරංචි මර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් අයෙකු ප්‍රබල තනතුරක් හෙබි පුද්ගලයෙක් වන අතර අනෙක් දේශපාලඥයා ආසන සංවිධායක ධුරයක් දරන්න බව වැඩිදුරටත් සදහන් වන අතර ශ්‍රී ලංකා
නිදහස් පක්ෂයේ එම පුරප්පාඩු වන තනතුරු සදහා දැනටමත් වෙනත් දේශපාලඥයන් දෙදෙනෙකු පත් කරගැනීමට තීරණය කරගෙන ඇති බවද පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් ඉලක්ක කර ගනිමින් කාලාන්තරයක් තිස්සේ මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන තරුණයින් දෙදෙනෙකු මත් පෙති තොගයක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් ඊයේ (24) රාත්‍රියේ සමත්ව තිබේ.

මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් ඉලක්ක කර ගනිමින් කාලාන්තරයක් තිස්සේ මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන තරුණයින් දෙදෙනෙකු මත් පෙති තොගයක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් ඊයේ (24) රාත්‍රියේ සමත්ව තිබේ.

යුධ හමුදා බුද්ධි නිලධාරීන්ගේ තොරතුරකට අනුව සුුරාබදු නිලධාරීන් විසින් ඊයේ (24) රාත්‍රියේ මිහින්තලය ප්‍රදේශයේ දී සිදුකල විශේෂ මෙහෙයුමකදී මත්පෙති තොගයක්ද සමඟ එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ සැකකාර තරුණයින් විශ්ව විද්‍යාල සිසුන්ට අලෙවි කිරීමට සූදානමි කල මත්පෙති තොගයක් ද රැගෙන මිහින්තලය රජරට විශ්ව විද්‍යාලය ආසන්නයේ වූ ලැගුම් හලක රාත්‍රි කාලයේ රැදී සිටියදී මෙලෙස සුරාබදු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

විශ්ව විද්‍යාල සිසුන්ට අලෙවි කිරීමට සුදානම් කර තිබූ මත් පෙති 700ක් ද එම සැකකරුවන් සන්තකයේ තිබී සොයාගැනීමට සුරා බදු නිලධාරීන් මෙහිදී සමත්ව තිබිණ.

මත්පෙති සමඟ මෙලෙස අත්අඩංගුවට පත් සැකකාර තරුණයින් මිහින්තලය මිස්සක පාර හා වෙදගෙදර මාාවත යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. රජරට විශ්ව විද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් කාලාන්තරයක් තිස්සේ මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව ඇති එම සැකකාර තරුණයින් අවුරුදු 28 හා 24 යන වයස්වල පසුවෙති.

මෙම මත් පෙති ජාවාරම සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාර තරුණයින් අදාල මත්පෙති තොගය ද සමඟ අද (25) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

WhatsApp Image 2024-02-25 at 12.26.37 (3) WhatsApp Image 2024-02-25 at 12.26.37 (2) WhatsApp Image 2024-02-25 at 12.26.37 (1) WhatsApp Image 2024-02-25 at 12.26.37 WhatsApp Image 2024-02-25 at 12.26.36 WhatsApp Image 2024-02-25 at 12.26.23

24-02-25
කැකිරාව කුෂාන් ජයවර්ධන

මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම පිළිබඳ සාකච්ඡා

මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සම්බන්ධයෙන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් යු.එල්.මොහොමඩ් ජවුහර් පවසනවා.

ඔවුන් මුදාගෙන නැවත මෙරටට එවීම සඳහා සහය ලබාදීමේ හදිසි අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරුණු බවයි ඔහු සඳහන් කළේ.

ලාංකිකයින් මුදා ගැනීම සඳහා මියන්මාර රජයට අදාළ ප්‍රදේශයට ප්‍රවේශවීමේ දුෂ්කරතාවක් මතුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසා සිටිනවා.

ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සඳහා මැදිහත් වන ලෙසට විදේශ අමාත්‍ය අලි සබ්‍රී විසින් මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබෙනවා.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, පුත්තලම පොලීසියේ සේවය කරමින් සිටි කල්පිටිය – ආන්දන්කන්නියේ පදිංචි වයස අවුරුදු 40 ක පොලිස් කොස්තාපල්වරයෙක් බව සඳහන්.

කිසියම් පිරිසක් ගංජා පානය කරමින් සිටින බවට ඉකුත් 22 වැනි දා සවස නොරොච්චෝලේ පොලීසියට ලැබුණු තොරතුරක් අනුව අදාළ ස්ථානය වටලා සැකකරුවන් 07 දෙනෙකු නොරොච්චෝලේ පොලීසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉහත සඳහන් පොලිස් කොස්තාපල්වරයා ද එහි සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

එම කොස්තාපල්වරයා සතුව තිබුණු ගංජා මිලි ග්‍රෑම් 1,200ක් ද වැටලීම කළ නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඇතුළුව අත්අඩංගුවට පත් සැකකරුවන් 07 දෙනා 23 වැනි දා සවස කල්පිටිය වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

ඊයේ නවම් පෝය දින දෙහිඅත්තකණ්ඩිය කැකුළුවෙල ප්‍රදේශයේ මිලෙච්ඡ ලෙස ඝාතන කරන ලද වන අලියෙක්

ඊයේ නවම් පෝය දින දෙහිඅත්තකණ්ඩිය කැකුළුවෙල
ප්‍රදේශයේ මිලෙච්ඡ ලෙස ඝාතන කරන ලද වන අලියෙක්

WhatsApp Image 2024-02-24 at 10.33.05 WhatsApp Image 2024-02-24 at 10.33.12

ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

අද (23) දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මෙම තත්ත්වය ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයිනේ ඇතැම් ස්ථානවල සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

65d7f1d696505 65d7f1d680903

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

නවම් පුර පසළොස්වක පෝය දිනය අදට (23) යෙදී තිබෙනවා.

රජග‍හනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමීම අද වැනි නවම් පුර පසලොස්වක පොහෝ දිනක සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

එමෙන්ම ඕවාද ප්‍රාති මෝක්ෂය දේශනා කිරීම ද අද වැනි පොහෝ දිනක සිදුවු අතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදුවූයේත් අද වැනි නවම් පුන් පොහෝ දිනකයි.

නවම් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සෑම වෙහෙර විහාරස්ථානයකදීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

සිරිපාද වන්දනාව සදහා පැමිණි බස් රථයක් නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී අනතුරට ලක්ව 20 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව නානුඔය පොලිසිය පොලීසිය පවසයි .

සිරිපාද වන්දනාව සදහා පැමිණි බස් රථයක් නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී අනතුරට ලක්ව 20 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව නානුඔය පොලිසිය පොලීසිය පවසයි .
මාතර සිට සිරිපාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණි නඩයක් රැගෙන මීට පෙරද බිහිසුණු අනතුරු රාසියක් සිදුවූ මේ වන විට බර වාහන ඇතුළු වීම තහනම් කර ඇති නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේ ගමන් කරමින් සිටියදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අරහා පෙරළී අනතුරට ලක්ව ඇත ,
22 දින රාත්‍රී 07.30ට පමණ බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී බස් රථය තුළ තිස් දෙනෙකුගෙන් යුතු පිරිසක් රැඳී සිටි ඇති අතර එයින් විසිදෙනෙකුට ආසන්න පිරිසකට දැඩි තුවාල සිදුවී ඇති බව නානුඔය ඔය පොලිසිය පවසයි ,
අනතුරින් තුවාල ලැබුවන් යානුඔය පොලිසිය හා ගම්වාසින් එක්වී නුවරඑළේ දිස්ත්‍රික් මහ රෝහල වෙතට ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ කටයුතු සිදු කිරීමට කටයුතු කළේය ,
තුවාල ලැබුවත්ට වඩිනම් ප්‍රතිකාර ලබාදීමට නුවරඑළියේ මහ රෝහල් කටයුතු කරන බවද නානුඔය පොලිසිය අනාවරණය කරයි ,

WhatsApp Image 2024-02-22 at 20.56.04 (1) WhatsApp Image 2024-02-22 at 20.56.04 (2) WhatsApp Image 2024-02-22 at 20.56.04 (3) WhatsApp Image 2024-02-22 at 20.56.04 (4) WhatsApp Image 2024-02-22 at 20.56.04 WhatsApp Image 2024-02-22 at 20.56.05 (1) WhatsApp Image 2024-02-22 at 20.56.05 (2) WhatsApp Image 2024-02-22 at 20.56.05 (3) WhatsApp Image 2024-02-22 at 20.56.05 (4) WhatsApp Image 2024-02-22 at 20.56.05 (5) WhatsApp Image 2024-02-22 at 20.56.05 (6) WhatsApp Image 2024-02-22 at 20.56.05 (7) WhatsApp Image 2024-02-22 at 20.56.05 WhatsApp Image 2024-02-22 at 20.56.06 (1) WhatsApp Image 2024-02-22 at 20.56.06

22.02.2024 ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ඩොලරයේ විකුණුම් මිල රු.316 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව අද (22) දිනයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු.306.53 ක් සහ විකුණුම් මිල රු.316.06 ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දැක්වෙන්නේ.