COPE කමිටු සභාපති ධූරය රෝහිත අබේගුණවර්ධනට

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා.

ඒ අනුව අද (07) රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී මෙම පත්වීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

නව විදුලි සම්බන්ධතාව ලබාගැනීමේදී අයකරන ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව

නව විදුලි සබඳතාවක් ලබාගැනීමේදී අය කරගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව සම්පූර්ණ මුදලින් 25% ක් පමණ ගෙවා ඉතිරිය වාරික 10 කින් හෝ 12 කින් ගෙවීමට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා ලැබී ඇති බවත්, ඉදිරියේදී එය නිල වශයෙන් දැනුවත් කරනු ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු සිහිසුන් වීමෙන් මැදවච්චියේදී සිදුවූ අනතුරකින් මගීන් 13ක් රෝහලේ.

24- 03-07
කැකිරාව කුෂාන් ජයවර්ධන

වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු සිහිසුන් වීමෙන් මැදවච්චියේදී සිදුවූ අනතුරකින් මගීන් 13ක් රෝහලේ.
————————–

ඇගලුම් සේවකයින් පිරිසක් රැගෙන වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරු සිහිසුන්වීම හේතුවෙන් අද (07) උදෑසන මැදවච්චිය ප්‍රෙද්ශයේදී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 13 දෙනෙකු ප්‍රථීකාර සදහා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
වව්නියාව ප්‍රදේශයේ පිහිටි අඟලුම් හලක් වෙත සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඇගලුම් සේවකයින් 40ක් පමණ එම බස් රථයේ සිට ඇතැයි පොලිසිය කියයි.
අදාළ බස් රථය ධාවනය කරමින් සිටියදී එහි රියදුරාට රියදුරු අසුනේ දීම සිදුවූ සිහිසුන්වීමකින් එම බස් රථය රියදුරුගේ පාලනයේ මිදී මැදවච්චිය ප්‍රෙද්ශයේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි. ධාවනය වෙමින් තිබූ බස් රථය රියදුරාගේ පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන අසළ වූ නිවසක් සමග ඇති ගරාජයකට කඩා වැදීමෙන් අනතුර සිදුව තිබිණ. සිදුව ඇති එම අනතුරින් එම නිවසේ හෝ ගරාජයේ කිසිවකුටත් ජීවිත හානියක් සිදුව නොමැති බව පොලිසිය කියයි.
එහෙත් එම බස්රථයේ ගමන් කරමින් සිටි ඇගලුම් සේවකයින් 13 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර එම තුවාලකරුවන් ප්‍රතිකාර සදහා කඩිනමින් මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබේ. මැදවච්චිය රෝහලට ඇතුළත් කෙරුණ එම තුවාලකරුවන් අතරින් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මේ වනවිට අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.
මැදවච්චිය පොලිස් රථවාහන අංශය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරමින් සිටී.

WhatsApp Image 2024-03-07 at 14.58.40 WhatsApp Image 2024-03-07 at 14.58.33

පසුගිය මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 341 ක් මරුට

මෙම වසරේ මුල් මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 341 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසනවා.

ඒ අනුව මෙම වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු මස 01 වනදා දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 324 ක් වාර්තා වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එම අනතුරුවලින් පුද්ගලයින් 641 ක් බරපතල තුවාල ලබා ඇති බවත් පුද්ගලයින් 341 දෙනෙකු මිය ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

යතුරුපැදි ත්‍රීරෝද රථ ධාවනය කිරීමේදී විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, පදික මාරුවේදී ද පදිකයින් මාරුවන අවස්ථාවේදී වාහන හිමියන් කල්පනාකාරී විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

බිත්තර සඳහා යළි උපරිම මිලක් පැනවීමට අවධානය

බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ ගැසට්ටුව පළ කිරීමට අදාල මිල ගණන් ඇතුළත් යෝජනාව මෙම සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය රුපියල් 30ක් පමණ වන බවත්, අද දිනය තුළ මෙරට බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 5.8ක් බවත්, දෛනික බිත්තර පාරිභෝජන අවශ්‍යතාවය බිත්තර මිලියන 7.5ක් බවත් එහිදී අනාවරණ කෙරුණු බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ.

බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 30ක් නම් වෙළෙදපළේ අලෙවි කරන බිත්තරයක මිල රුපියල් 60ක් දක්වා ඉහළ මට්ටමක පැවැතීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවද, එබැවින් බිත්තර සඳහා පනවන උපරිම සිල්ලර මිල බිත්තර නිෂ්පාදකයා, පාරිභොගිකයා මෙන්ම සිල්ලර වෙළෙන්දා ද ආරක්ෂා වන පරිදි පැනවිය යුතු බව එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර තිබෙනවා.

ළමා අපයෝජනයක් සිදුකළ ස්වේච්ඡා ගුරුවරයෙකුට වසර දොළහක සිර දඬුවම් නියම කිරීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මාහතා නියෝග කරයි.

ළමා අපයෝජනයක් සිදුකළ ස්වේච්ඡා ගුරුවරයෙකුට වසර දොළහක සිර දඬුවම් නියම කිරීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මාහතා නියෝග කරයි.
ළමා අපයෝජන නඩුවකට වරදකරු වූ ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබාදීමට (05) දින නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා නියෝග කළේය .
නෝර්ටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් ක්ලෙන්ටන් ප්‍රදේශයේ පදිංචි රාජරත්නම් කේතීස්වරන් ( වයස අවුරුදු : 37 ) නම් පුද්ගලයෙකුට මෙලෙස වසර දොළහක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත ,
පසුගිය දෙදහස් දහය වසරේදී ජනවාරි මාසයේ ක්ලෙන්ටන් ප්‍රදේශයේ පාසලක ස්වේක්ෂා ගුරුවරයකු ලෙස සේවය කල රාජරත්න්ස්ම් කේතීස්වරන් යන පුද්ගලයා පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබිණ ,
උක්ත නඩුව හා සම්බන්ධ නඩු කටයුතු නුවරඑළිය මහාධිකරණය විසින් පසුගිය වසර 13 ක කාලයක් පරිශීලනය කිරීමෙන් අනතුරුව ලැබුණු සාක්ෂි හා තොරතුරු පදනම් කරගනිමින් චෝදනා ලැබූ පුද්ගලයාගේ වරද සාක්ෂි සහිතව ඔප්පු වීමෙන් මෙලෙස වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබාදීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා නියෝග කර තිබේ.
තවද වරදකරු වූ පුද්ගලයා විසින් අපයෝජනයට ලක් වූ දැරියට ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවීමටද එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසර දෙකක සිරදඬුවම් නියම කිරීමට කටයුතු කරන බවද අදාළ නඩු තීන්දුවේ සඳහන් වී ඇත.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර ඇති අතර එම විරෝධතාව සඳහා පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ අනුව නිදහස් අධ්‍යාපනය – නිදහස් සෞඛ්‍යය ඇතුළු පොදු ජන අයිතීන් අහිමි කිරීමට එරෙහිව පෙළගැසෙමු මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Ransomware වලට එරෙහිව ශ්‍රී ලංකාවත් එක්වීමට කැබිනට් අනුමැතිය

කප්පම් මෘදුකාංග (Ransomware) වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වී ඊට සම්බන්ධ ඉදිරි පියවර ගැනීම පිණිස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කප්පම් මෘදුකාංග පිටුදැකීම පිණිස ජාත්‍යන්තර සම්බන්ධීකරණය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් තවත් රටවල් කණ්ඩායමක් සමඟ 2021 වර්ෂයේ දී පොදු වේදිකාවක් වශයෙන් ආරම්භ කරනු ලැබ ඇති කප්පම් මෘදුකාංග වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකාවටද ඇරැයුම් ලැබී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

මේ වන විට එම සමාරම්භක පියවර සඳහා ලොව පුරා රටවල් හතළිස් අටක් සහ යුරෝපා සංගමය මෙන්ම ජාත්‍යන්තර පොලිසිය ද සම්බන්ධ වී ඇති බවත් ශ්‍රී ලංකාවද මෑත කාලීනව කප්පම් මෘදුකාංග  හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ දී ඇති බැවින් කප්පම් මෘදුකාංග වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වීමෙන් ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකිවන බව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65e6de837f0f5

අධි ධාරිතා යතුරුපැදී ලියාපදිංචි ඉල්ලා පාර්ලිමේන්තුවට දැමූ යෝජනාව ස්ථිරයි.

අධි ධාරිතා යතුරුපැදී ලියාපදිංචි ඉල්ලා පාර්ලිමේන්තුවට දැමූ යෝජනාව ස්ථිරයි.

ගල්පාත – චන්දන පෙරේරා

අධි ධාරිතාවයෙන් යුක්ත යතුරු පැදි සඳහා ලියාපදිංචියට අවසර ඉල්ලා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද(5) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙහිදී අවසර ඉල්ලා ඇත්තේ 1300 ධාරිතාවෙන් යුත් යතුරුපැදි සඳහායි න් මේවන විටත් ලංකාව තුළ අධෘතාවෙන් යුත් යතුරුපැදි 10000කට වැඩි ප්‍රමාණයක් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. පා. මන්ත්‍රී හේෂාන් විතාරණ මහතා යෝජනාව ස්ථිර කලේය.

විදුලි ගාස්තු 21.9% කින් පහළට

අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9%කින් අඩු කිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව අද රැස්වූ මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගත් බවයි එම කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

ගාස්තු අඩුවන ආකාරය පහතින්.

65e5c361a7e8a 65e5c36292d6c