මෛත්‍රී තායිලන්තයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටව යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන්.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

එළැඹෙන අවුරුදු සමය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ අනුව අද (09) සිට මෙම මිල පහත දැමීම ක්‍රියාත්මක වන බවයි සතොස ආයතනය නිවේදනය කරන්නේ.

වියලි මිරිස්, බී ළූණු, සුදු ළූණු, අර්තාපල්, රතු පරිප්පු, සුදු කැකුළු මිල මෙලෙස පහත දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

6614c78031d42

හරක් කටාට කොට්ටයක් සහ මෙට්ටයක් ලබාදීමට අවසර

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති විත්තිකරුට පහසුකම් කීපයක් සලසාදීමට පැමිණිල්ල අද (08) කොළඹ මහාධිකරණය හමුවේ එකඟතාව පළකර තිබෙනවා.

අත්අඩංගුවේ පසුවන තමන්ට නීතිඥවරු හමුවීම සඳහා මේ වනවිට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන නියෝගයක් නිකුත් කරන මෙන් හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබූ අතර එයට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතීඥවරයා සඳහන් කළේ, එම කාලය පැය භාගයක් දක්වා දීර්ඝ කළ හැකි බවයි.

ඔහුගේ ආරක්ෂාව සඳහා CCTV පද්ධතියක් ක්‍රියාත්මක වන්නේද යන්න සිය මෝසම මඟින් විමසා තිබූ අතර එයට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතීඥවරයා සඳහන් කළේ, ඔහුගේ ආරක්ෂාව සඳහා ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇතුළු නාවික හමුදා නිලධාරීන් යොදවා ඇති බවයි.

මීට අමතරව පියා හමුවීම සඳහා දැනට ලබාදී ඇති විනාඩි 15 කාලය විනාඩි 30 දක්වා දීර්ඝ කරන ලෙස කර තිබුණූ ඉල්ලීමට එකඟතාව ලබාදී ඇති අතර, විදේශයක සිටින තම දරුවාට දුරකථනයෙන් කතා කිරීමේ පහසුකම් ලබාදෙන ලෙසද හරක් කටා සිය මෝසමෙන් ඉල්ලා තිබූ අතර එවැනි පහසුකමක් ලබාදීමේ හැකියාවක් නොමැති බවයි එයට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ.

එසේම තංගල්ල රෝහලේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමත්, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය විත්තිකරුට කොට්ටයක් සහ මෙට්ටයක් ලබා දීමටද අවසර ලබාදී ඇති අතර නඩුව යළි අප්‍රේල් 26 කැඳවීමට නියමිතයි.

කෙහෙළිය යළි අප්‍රේල් 22 දක්වා රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අප්‍රේල් 22 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද (08) දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් වංචා සිදුවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් හොරණ මුලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත

2024.04.07 වන දින 1245 පැයට පමණ හොරණ, තල්ගහවිල ප්‍රදේශයේදී මීට පෙර මංකොල්ලයකට සම්බන්ධව ඇප මත මුදාහැර සිටි පහත විස්තර සදහන් පුද්ගලයින් දෙදෙනා රත්නපුර පොලිස් ස්ථානය වෙත ගොස් අංක WP YH – 0690 දරණ ත්‍රීරෝද රථයෙන් නැවත පැමිණෙමින් සිටියදී ඔවුන් දෙදෙනා  ඉලක්කකර ගනිමින් මොටර් රථයකින් පැමිණි නාදුන පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකදී ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින්   හොරණ මුලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර, මේ සම්බන්ධව මොරගහහේන පොලිස් ස්ථානය විසින් වැඩිදුර පරික්‍ෂණ සිදුකරන බවට අනාවරණය වේ.

WhatsApp Image 2024-04-07 at 20.09.53 WhatsApp Image 2024-04-07 at 20.09.44

 

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීම කඩිනම් කරන ලෙස උපදෙස්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම්දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අඩු ආදායම්ලාභී පවුල්වලට මාස දෙකක් සඳහා එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 20ක් ලබා දීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

අස්වැසුම ප්‍රතිලාභීන්, අභියාචනා ඉදිරිපත් කර ඇති පුද්ගලයින් අතරින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සඳහා තෝරාගන්නා පුද්ගලයින්, අස්වැසුම වැඩසටහන හරහා ප්‍රතිලාභ නොලැබෙන සමෘද්ධි ප්‍රතිලාභීන්, අස්වැසුම හෝ සමෘද්ධි ප්‍රතිලාභ නොලබන අමතර මූල්‍යාධාර ලබන වැඩිහිටි පුද්ගලයින්, ආබාධිත පුද්ගලයින් සහ නිදන්ගත රෝගී පුද්ගලයින් සඳහා මෙම සහල් මලු බෙදාදීමට නියමිතයි.

eZ Cash / M Cash මඟින් සිදුකරන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට යුක්ති මෙහෙයුමට සමගාමීව පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරයි…..

eZ Cash / M Cash මඟින් සිදුකරන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට යුක්ති මෙහෙයුමට සමගාමීව පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරයි…..
වර්තමාන සමාජය තුළ මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේදයක් වන eZ Cash සහ M Cash භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් 2024.04.06 දින සිට 2024.04.10 දින දක්වා යුක්ති මෙහෙයුමට සමගාමීව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කර ඇත.

ඒ අනුව, 2024.04.06 දිනය තුළ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී eZ Cash සහ M Cash භාවිතා කරමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් 198 දෙනෙකුගෙන් තොරතුරු ලබාගෙන ඇත.

මොවුන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශන වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 දෙනෙකු සම්බන්ධයෙන් බැංකු ගිණුම් වාර්තා ඔස්සේද, තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 71 දෙනෙකු සම්බන්ධයෙන් දුරකථන කුළුණු විශ්ලේෂණ වාර්තා ඔස්සේද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

ඊයේ (5)රාත්‍රී 7.45ට පමණ තම නිවස ඉදිරිපිටදීම රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් නිසා උරන වූ පුද්ගලයින් එකතුවී අනතුර සිදුවූ යතුරුපැදිය ගිනිතබා විනාෂ කල ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

ගල්පාත- චන්දන පෙරේරා
2024 -4-6

ඊයේ (5)රාත්‍රී 7.45ට පමණ තම නිවස ඉදිරිපිටදීම රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් නිසා උරන වූ පුද්ගලයින් එකතුවී අනතුර සිදුවූ යතුරුපැදිය ගිනිතබා විනාෂ කල ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත් වී ඇත්තේ හල්වතුර වත්තපහල කොටසේ පදිංචි
මාරි මුත්තු නැමති ( 65) හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.මියගිය පුද්ගලයා බීමත්ව සිට ඇති අතර
නිවස ඉදිරිපිට වෙළඳසැලට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

යතුරුපැදිකරු ඉංගිරිය දෙස සිට බුලත්සිංහල දෙසට ගමන් කරමින් සිටියදී බෝගහා හංදිය අසලදී මෙම අනතුර සිදුවී ඇති අතර එම ස්ථානයේදීම අනතුරට මුහුන පැ පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

එම ස්ථානයේ සිටි පුද්ගලයින් විසින් බුලත්සිංහල පොලිසියට මේ පිළිබඳව දැන්වීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානයේ පරීක්ෂණ පැවැත්වීමට රැඳී සිටි පොලිස් නිලධාරීන්ට මිය ගිය පුද්ගලයින්ගේ සිරුර රෝහල වෙත රැගෙන යාමට නොදී සිට ඇති අතර අනතුර සිදු කල යතුරුපැදියටද හානි කරමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් පසුව යතුරුපැදියට ගිනි තබා ඇත. එම අවස්ථාවේ 200 පමන පිරිසක් එම ස්ථානයේ සිට ඇති බව පොලීසිය පවසයි.

පසුව තත්වය පාලනය කිරීම සදහා ඉංගිරිය පොලිසියේ නිලධාරීන් සහ බුලත්සිංහල පොලිසිය නිලධාරීන් එම ස්ථානයට තත්වය පාලනය කලේය.සිරුර බුලත්සිංහල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ගිනි තබා විනාශවී ගිය යතුරුපැදිය බුලත්සිංහල පොලිසිය වෙත රැගෙනයන ලදි.

යතුරුපැදීය ගිනි තැබූ සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර දේහය බුලත්සිංහල රෝහලේ සිට මරණ පරීක්ෂණය සඳහා හොරණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර අද (6)මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විධානගේ මහතා පො.සැ.31320 අජන්ත, පො.කෝ.204136 ලියනගේ ඇතුළු නිලධාරින් පරීක්ෂණ මෙහෙයවයි.

පාස්කු ප්‍රහාරය ගැන සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කෙරේ

පාර්ලිමේන්තුව එළඹෙන අප්‍රේල් 24,25 සහ 26 දිනවලදී රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමටද එහිදී තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

660fe0cbd081d

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුද ගුවන් යානා 6ක් විනාශ වෙයි

දකුණු රුසියාවේ ගුවන් කඳවුරකට යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයෙන් රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරක තිබූ රුසියානු ගුවන් යානා 6ක් විනාශ වී ඇති බවත්, තවත් ගුවන් යානා 8කට දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු නිලධාරීන් 20 දෙනෙකු පමණ මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඩ්‍රෝන යානා 40කට වැඩි ප්‍රමාණයකින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.