සංචාරක නවසීලන්ක කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (09) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
Breaking News
සංචාරක නවසීලන්ක කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (09) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය අද (08) දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මත්තුමගල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබුණා.
රුපියල් 150,000 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ විදුහල්පතිනිය විසින් පැමිණිලිකාරියගේ දරුවා 2025 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා මෙම මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර, එම මුදල එම විදුහලේ පාසලේ කාර්යාලයේදී ලබාගැනීමේදී ඇයව මෙලෙස අත්අඩගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාසල් නැවත ආරම්භය නොවැම්බර් 18 වනදා සිදුකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ් අනුව ඔවුන් අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිතා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන පසුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) හි අනිවාර්යය සංශෝධනයක් ඉදිරි අයවැය මඟින් සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එය යහපත් සංශෝධනයක් වනු ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
එසේම ඇතැම් භාණ්ඩ කිහිපයක වැට් බදු ඉවත් කිරීමටත්, ඉලක්ක සහගත පිරිසකට සහනාධාර ලබාදීමටත් ඉදිරි අයවැය තුළින් කටයුතු කරන බවයි ඊයේ (06) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
එමෙන්ම ඔවුන්ගේ සැලසුම් අනුව PAYE Tax අයකරන වැටුප් තලයන්හි අඩු වැටුප් තලයන් වල සිටින අයට වැඩි සහනයක් ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
ලෝ ප්‍රකට Wanderlust Reader Travel Awards හිදී ශ්‍රී ලංකාවට Most Desirable Island කාණ්ඩයේ රන් සම්මානය හිමිවී තිබෙනවා.
මෙවර ලන්ඩනයේ දී එම සම්මාන උළෙල පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවට රන් සම්මානය හිමිවූ අංශයේ රිදී සම්මානය තායිවානයට ද, ලෝකඩ සම්මානය Puerto Rico රාජ්‍යයට ද හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
200,000කට අධික සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ සහ ඉඳුරුව අතරදී මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සුළු වේලාවක් ප්‍රමාදවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ප්‍රධාන නල මාර්ගයේ සිදුවූ බිඳ වැටීමක් හේතුවෙන් කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසනවා.
කෑගල්ල නගරයට ජලය ගෙනයන ප්‍රධාන නලයකට ගලක් පෙරලී යාමෙන් සිදුවූ හානිය හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
නලය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, කඩිනමින් ජල සැපයුම ලබාදීමට කටයුතු කරන බවයි ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඡායාරූපයක් භාවිත කර ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ (04) පස්වරුවේ පිළියන්දල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.