ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කරයි

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත් වී, ලෙඩ නිවාඩු වාර්තා කරමින්, එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ.

මේ සඳහා ග්‍රාම නිලධාරීන් නියෝජනය කරන සියලු සංගම්වල සහාය ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

O/L විභාගය අද සිට ආරම්භ වෙයි

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වනවා.

අද සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර අයදුම්කරුවන් 452,979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අතර ඊට පාසල් අයදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331ක් ඇතුළත්.

හොරණ වෙඩික්කරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගැනීමේ පද්ධතියට (AFRS) කොටු ……

හොරණ වෙඩික්කරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගැනීමේ පද්ධතියට (AFRS) කොටු ……

2024.05.05 වන දින පැය 11.00 ට පමණ හොරණ පොලිස් වසමේ බේස්ලයින් වත්ත ප්‍රදේශයේදී ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ හොරණ ප්‍රදේශයේ පදිංචි වල්පිටගේ දොන් සංජය අසන්ත යන අයට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගෙන ගැනීමේ පද්ධතිය (Automated Facial recognize system – AFRS) මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මෙම වෙඩිතැබීම දෙපාර්ශවය අතර දිර්ඝ කාලයක සිට පැවැති ආරවුලක් මත සිදුකර ඇති බවට මේවනවිට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වන 48/F, හොරකැටිය, හොරණ ලිපිනයේ පදිංචි ගොඩැල්ලගේ අෂේන් ජනිත් කුමාර (අවු.31) වේ.

එසේම, වෙඩිතැබීමට පැමිණි යතුරු පැදිය හොරණ පොලිස් වසමේදී වි⁣ශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සහන හාල් නොදුන්නැයි උරණවූ කතක පහරදී ග්‍රානි රෝහලේ

සහන හාල් නොදුන්නැයි උරණවූ කතක පහරදී ග්‍රානි රෝහලේ

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කල පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.

පහරදීම සිදුකළ කාන්තාවද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි.

පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ
පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරීනිය බවද සඳහන්වේ.

මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් සැකකාරියට ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර කතාබහක් සිදුව ඉන් අනතුරුව පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ ග්‍රාම නිළධාරී වරිය පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර , කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර උතුර ස්ථානාධිපති (වැබ) ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ආර් ඒ ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

ඡායාරූප ඇත

WhatsApp Image 2024-05-05 at 14.37.25

 

ආසියාව ජයගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 30,000ක්!

ආසියාව ජයගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 30,000ක්!
ශ්‍රී ලංකාවේ පැවැ­ති පළමු කොටසේ ආසි­යා­තික රග්බි ශූර­තා­ව­ලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය.ඒ කසකස්ථානය පරාජය කරමිනි.
මෙවන් ජයග්‍රහණයක් ශ්‍රීලංකාව ලබා ගත්තේ වසර එකොලහට පසුව වීම විශේෂත්වයකි.
ජයග්‍රාහී ශ්‍රීලංකා රග්බි කණ්ඩායමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය මගින් ඩොලර් 30,000ක් පරිත්‍යාග කරනු ලැබීය.
සුයොරු
ඇන්ත­නීගේ නාය­ක­ත්ව­යෙන් තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩා­යමේ උප­නා­ය­කයා ලෙස තරින්ද රත්වත්ත කට­යුතු කළ අතර, සනත් මාටිස් ප්‍රධාන පුහු­ණු­කරු ලෙසත්, දුෂ්‍යන්ත් ලෙව්කේ ඉදි­රි­පෙළ ක්‍රීඩ­ක­යන්ගේ පුහු­ණු­කරු ලෙසත්, නිල්ෆර් ඉබ්‍රා­හිම් පසු­පෙළ ක්‍රීඩ­ක­යන්ගේ පුහු­ණු­කරු ලෙසත් කට­යුතු කරනු ලැබීය.
ශ්‍රීලංකාව, ඉන්දි­යාව, කස­ක­ස්තා­නය සහ කටාර් යන කණ්ඩායම් හතර පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියට එක්විය.

WhatsApp Image 2024-05-05 at 14.11.05 (1) WhatsApp Image 2024-05-05 at 14.11.05 (2) WhatsApp Image 2024-05-05 at 14.11.05 (3) WhatsApp Image 2024-05-05 at 14.11.05

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම් කෙ​රේ

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වනදායින් අවසන් වන නිසා ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන්.

ඒ අනුව අවාරයේ ශ්‍රී පාදස්ථානය වෙත පැමිණීමට අවසර ලැබෙන්නේ විදේශිකයන්ට පමණක් වන අතර, ශ්‍රී පාදස්ථානයට ඇතුළුවීමට ඇති කිසිඳු මාර්ගයකින් දේශීය සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබී ඇති බව වාර්තා වෙනවා.

තාක්ෂණික කරුණක් හේතුවෙන් මෙම ගැටළුව මතුවී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ.

මේ වන විට එම ගැටළුව නිරාකරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බවත්, විභාගයෙන් පසුව එම අදාල නොවන විෂයය සඳහා අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටි බවට කිසිවිටෙකත් සලකුණු නොවන බවත් ඔහු සඳහන් කරනවා.

2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 වනදා ආරම්භ වීමට නියමිතයි.

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවා වැඩ වර්ජනය අද තුන්වැනි දිනට

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මක වෙනවා.

වැටුප 15% කින් කප්පාදු කිරීම හා මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමට විරෝධය පා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා.

මෙම ගැටළුවට 8 වැනිදාට පෙර විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත පවසා සිටින්නේ.

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රු. 20 කින් අඩුවෙයි

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බවයි එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.

මේ අතර කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවය විසුරුවා හැරීම ජල ප්‍රහාරයක්

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් විසුරුවාහැරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවතේ මෙම විරෝධතාව පැවැත්වෙමින් තිබුණා.

මේ හේතුවෙන් අනගාරික ධර්මපාල මාවතේ එක් මංතීරුවක් වසා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.