විවාදෙට තනියම එන්න බය නම් ජලනිත් එක්ක එන්න නලින්ද සජිත්ට කියයි…..

https://www.youtube.com/embed/XuHpgnaiC3k?si=9n5CIGLLodu4Bvnf” title=

ඉරාන ජනපතිගේ සහ විදේශ ඇමතිගේ සිරුරු සොයා ගැනේ

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපතිවරයාගේ සහ එරට විදේශ ඇමතිවරයාගේ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුර සිදු වූ ස්ථානයෙන් එම මළ සිරුරු සොයාගැනීමට මුදවා ගැනීමේ කණ්ඩායම්වලට හැකිවූ බවයි එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ISIS සැකකරුවන් 4 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සිට පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා අදාළ නිවේදනය බලපැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවද සඳහන්.

බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

අදාළ නිවේදනය පහතින්.‍

664af02c6cba6

පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් හෙට වසා තැබීමට තීරණයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්  හෙට (20) දිනයේ වසාතැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය දැනුවත් කර ඇති බවයි වයඹ පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.

තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66499dd6ed61f

අනුර සජිත් විවාදය සඳහා සජබයෙන් දින යෝජනා කරයි

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සඳහා දින යෝජනා කරමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව දෙපාර්ශ්වයේ ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි මස 27, 28, 29, 30, 31 යන දිනවලින් එකකදී පැවැත්වීමට යෝජනා කර ඇති බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

පක්ෂ දෙකෙහි නායකයින් අතර විවාදය 2024 ජුනි මස 03, 04, 05, 06 හෝ 07 යන දිනවලින් එක් දිනයකදී පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.

ඇල්ල-වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ

මලිත්තගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා තාවකාලිකව වසා දමා තිබුණු ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත්, අධික වර්ෂාව පවතින විටදී අවදානම් තත්ත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රියදුරන්ට අනතුරු අඟවා සිටින අතර, මාර්ගයේ විමසිලිමත්ව රිය පදවන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වයන් තුළදී ඇතිවිය හැකි අනතුරු පිළිබඳව රියදුරන්ට අනතුරු ඇඟවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් රථවාහන සංඥා යන්ත්‍ර යොදවනු ඇති බවත්, රාත්‍රී කාලයේදී ආරක්‍ෂිතව රිය ධාවනය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මාර්ගයේ අනතුරුදායක ප්‍රදේශ ආලෝකමත් කිරීම සඳහා විදුලි පහන් ද සවි කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ලෝක ජල සමුළුව සඳහා ජනපති අද ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පිටත්ව යාමට නියමිතයි.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.

රණවිරු සැමරුමේ 15 වන සංවත්සරය අදයි

රණවිරු සැමරුමේ 15 වන සංවත්සරය අදට (18) යෙදී තිබෙනවා.

රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකු ඊළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබෙන අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සෙබළුන් 1,300 කට වැඩි පිරිසකට උසස්වීම් ලබා දීමට නියමිතයි.

රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00 ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ති‍බෙනව‍ා.

ඒ හේතුවෙන් සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවීමේ මං තීරුව සහ පිටවීමේ මං තීරුව වසා තැබෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.