ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.150 කින් (නව මිල රු.3,790)

* කිලෝ ග්‍රෑම් 5 – රු.60 කින් (නව මිල රු.1,522)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.28 කින් (නව මිල රු.712)

මේ කරන්නේ ජනතාවගේ අවධානය වෙනත් කරනාවලට යොමු කිරීම – මහින්ද දේශප්‍රිය

මැතිවරණය කල් දැමිය යුතු බවට සිදුකරන ප්‍රකාශ හරහා සිදු කරන්නේ ජනතාවගේ අවධානය වෙනත් කාරණාවලට යොමු කිරීම බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

ජනමත විචාරණය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් වැළකිය යුතු බවයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

සමහර දේශපාලඥයින්ට අවශ්‍ය වන්නේ එම මාතෘකාව සමඟම කටයුතු කිරීම මිස අර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය හා ඉපැයීම් වැඩි කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු නොකරන බවයි හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ මුට්ටිය මේ වන විට චප්ප කර අවසන් බවයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වැඩිදුරටත සඳහන් කළේ.

ගල්පාත ,මුල්කඩකන්ද , කන්දකඩේ ප්‍රදේශයේ දී පුද්ගලයකු සැඩ පහරට හසු වී දිය ගිලී මිය යයි.

ගල්පාත ,මුල්කඩකන්ද , කන්දකඩේ ප්‍රදේශයේ දී පුද්ගලයකු සැඩ පහරට හසු වී දිය ගිලී මිය යයි.

ගල්පාත චන්දන පෙරේරා

මුල්කඩ කන්ද ප්‍රදේශයේ තම දියණියගේ නිවසේ සිට නැවත නිවස බලා යමින් සිට
මුල්කඩකන්ද හල්කටිය වත්තට එගොඩවන මාර්ගයේ පාලම අසල හැඩ පාරට අසුවීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ , බටගොඩ , ගල්පාත ප්‍රදේශයේ පදිංචි ( 72 ) සංඝදාස ප්‍රනාන්දු නැමති පුද්ගලයෙක් බව අඟුරුවාතොට පොලිසිය පවසයි .

අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් ආනන්ද මහතාගේ උපදෙස් මත උ.කො.පා.නන්දසේන, පො.සැ 41145ගුණපාල යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි

FCID පලමු නඩුවෙන් චින ජාතිකයෙකුට ද්ඩුවම්

දර්ශාන් කානිල්
මොරටුව
02.06.2024
FCID පලමු නඩුවෙන් චින ජාතිකයෙකුට ද්ඩුවම්

බලපත්‍රයක් රහිතව මැණික් වෙළඳාම් කිරීම සහ තවත් චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ චීන ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන තුන්සිය හැට පහක මුදලක් රාජ සන්තක කිරීමට කොළඹ මහාධිකරණයේ අංක 05 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ පසුගියදා නියම කර ඇත.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් නිකුත් කරන ලද බලපත්‍රයක් රහිතව මැණික් වෙළඳාමේ යෙදීම සහ නීති විරෝධි ආකාරයෙන් බලපත්‍රයක් රහිතව මැණික් වෙළඳාම් කිරීමෙන් ඉපැයූ රුපියල් මිලියන තුන්සිය හැට පහයි අනූ නව දහස් අටසිය තිස් හතරයි ශත තිස් හතක පුද්ගලික ගිණුමක තැන්පත් කිරීම 2011 අංක 40 දරණ පනතෙන් සංශෝධිත 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 3 (1) වගන්තිය යටතේ වරදක් සිදු කළ බවටත් , ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනතේ 51(1) (අ) වගන්තිය උල්ලංඝනය කිරීම , 51(2) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් ලක්සර් ජෙම්ස් (Luxor Gems) පුද්ගලික ආයතනයේ ආරම්භක කොටස්කරුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වන සූ ඩියන්ස් හං නමැති චීන ජාතිකයෙකුට මෙලෙස දඬුවම් නියම කර ඇත . එලෙසම ඔහුට
ලක්ෂ පහක දඩයක් නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් මාස 6ක සිර දඬුවම්ද, දෙවන චෝදනාව යටතේ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් මෙන්ම එය වසර 15කට අත්හිටුවු සිර දඬුවම් නියම කර ඇති අතර අධිකරණය විසින් විදේශගත වීම තහනම් කර ඇත.
2018 මාර්තු මස 15 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය විසින් සැකකට යුතු ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුව සැකකටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරක් එවකට මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. අදාළ විමර්ශන කටයුතු භාරව කටයුතු කර ඇත්තේ මේ වන විට විදේශගතව සිටින විමර්ශන නිලධාරි පො.ප.ධම්මික විජේසිංහ විසිනි.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන සිල්වා මහාධිකරණයේ පෙනී සිටිමින් නඩු කටයුතු මෙහෙයවූ අතර මෙම නඩුව (24 වැනිදා) නැවත කැඳවීමට නියමිතය.
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය (FCID )විමර්ශන ඒකක 05 නි.පො.ප. දම්මික ප්‍රියන්ත, නි.පො.ප. පවිත්‍ර දයාරත්න, විමර්ශන නිලධාරි පො.ප.ධම්මික විජේසිංහ , ස්ථානාධිපති විමර්ශන ඒකක 05 හිටපු ස්ථානාධිපති ප්‍ර.පො.ප නිහාල් පැරැන්සිස් , පො.ප.චන්දන පියතුංග , උ.පො.ප සේනාදීර පො.සැ.67971 දර්මප්‍රිය යන නිලධාරින් විමර්ශන කටයුතු සිදු කර ඇත.

ගම්පහ, කැලණිය සහ කඩුවෙල අධ්‍යාපන කලාපවල සියලුම පාසල් සඳහා හෙට නිවාඩු ලබාදෙයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගම්පහ, කැලණිය සහ කඩුවෙල අධ්‍යාපන කලාපවල සියලුම පාසල් සඳහා හෙට (04) දිනයේ නිවාඩු ලබාදී තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

දිස්ත්‍රික්ක කිහිපයක රජයේ පාසල් හෙටත් වැසෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) දිනයේත් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් ද, කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් ද මෙලෙස වසා දැමීමට තීරණය කර තිබෙනවා.

සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරේ

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම ආරම්භ කර ඇති බව මාතර ප්‍රාදේශීය ලේකම්වරයා පවසනවා.

ඒ අනුව වේරගම්පිට සහ උයන්වත්ත යන ප්‍රදේශවල ජනතාව මෙලෙස ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වසා දැමූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘත කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

ගංවතුර තත්ත්වය හේතුවෙන් එය ඊයේ (02) දිනයේ වසා දැමීමට කටයුතු කර තිබුණා.

හදිසි අවස්ථාවකදී සහය ලබා ගැනීමට පොලිසියෙන් දුරකථන අංක දෙකක් හඳුන්වා දෙයි

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලීසිය විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව 011- 242 1820 සහ 011- 242 1111 යන දුරකථන අංක ඔස්සේ ආපදා සහන අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට ඇමතුම් ලබාදිය හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල-බියගම අන්තර් හුවමාරුව වැසෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල-බියගම අන්තර් හුවමාරුව නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.

අධික වැසි තත්ත්වය සමග බියගම මාර්ගය ආශ්‍රිත පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් කඩුවෙල පිවිසුම භාවිත කර කඩවත දෙසට ගමන්කිරීමට හෝ කඩවත දෙස සිට පැමිණෙන රථවාහන කඩුවෙල පිවිසුම භාවිත කර පිටවීමට නොහැකි බවයි වාර්තා වෙන්නේ.