ඉපලෝගම නිවසක අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ සිරුරක්

24-06-17
කැකිරාව කුෂාන් ජයවර්ධන

අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් ඉපලෝගම ප්‍රදේශයේ නිවසක් තුල තිබී අද (17) සවස ඉපලෝගම පොලිසිය මඟින් සොයා ගෙන තිබේ.

ප්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරක් අනුව ඉපලෝගම පුංචිකුලම ප්‍රෙද්ශයේ නිවසක් තුල තිබී පොලිසිය එම මල සිරුර සොයා ගෙන තිබේ.

මිය ගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු 32ක් වන යතිනුවර අමුණුපුර බනනවත්තේ ගෙදර ඉරේෂා මදුමාලි නමැති තිදරු මවක බව පොලිසිය කියයි.

ඇය සහ ඇයගෙ එක් දරු‍වෙකු පමණක් මෙම නිවසේ සිට ඇති අතර සිද්දිය සිදුවන අවස්ථාවෙ එම නිවසේ කිසිවකුත් සිට නැති බව සිදුකළ මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇතැයි ද නිවසේ දොරවල්ද සාමාන්‍ය පරිදි විවෘතව තිබූ බව පොලිසිය කියයි.

එම නිවසේ සාලයේ ඇති මළ සිරුරේ ඉනෙන් පහළ කොටස බිම වැතිරි ඇති අතර මළ සිරුරේ කඳ හා හිස කොටස සාරියකින් අඹරූ ලණුවක් ආධාරයෙන් නිවසේ වහළයේ එල්ලෙමින් පවතී.

පවතින තත්වය අනුව මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න මෙතෙක් නිෂ්චිව හඳුනා ගැනීමට නොහැකි ව ඇති බව පොලිසිය කියයි.

අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව ඉපලෝගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරමින් සිටී..

පොල්තෙල් මිල ඉහළට

පොල්තෙල් බෝතලයක මිල ඉහළ ගොස් ඇති බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව පොල්තෙල් බෝතලයක් රුපියල් 150 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

මහා පරිමාණ පොල්තෙල් ආනයනයකරුවන් තොග සඟවා ගැනීම මෙලෙස මිල වැඩිවීමට හේතු වී ඇති බව එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටවූ ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කෙරේ

මෝටර් රථයක් ගැටීම හේතුවෙන් පුපුරා ගිය ජල නලය අද (17) පස්වරුව වනවිට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

මෙලෙස ජල නලය පුපුරා යාම හේතුවෙන් ඒ හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම සඳහා මෙලෙස ජල සැපයුමට බාධා එල්ල වී තිබුණා.

මේ වනවිට එම ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කලටුවාව පවිත්‍රාගාරයේ ජල සම්ප්‍රේෂණ නළය පුපුරා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

ගුරු විභාග දෙකක ප්‍රතිඵල නිකුත් වේ

විභාග දෙකක් සඳහා අදාළ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 / 2021 (2023) සහ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2022 (2023) යන විභාගයන් හි ප්‍රතිඵල ඊයේ (14) නිකුත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ.

www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන්ද විභාග ප්‍රතිඵල ලබාගත හැකි බවද එම නිවේදනයේ සඳහන්.

කල්‍යාණි සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ අපවත් වෙ..

කල්‍යාණි සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ අපවත් වෙ..
ශයාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාත් උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති සද්ධර්ම වාගීෂ්වරාචාර්‍ය සිරිනිවාස මෑතගම සෝභිතාභිධාන නායක ස්වාමීන් වහන්සේ (15) දින අපවත් වී වදාළය.
1949 වසරේ දෙසැම්බර් 14 දින ජන්මලාභය ලැබූ උන් වහන් අපවත් වන විට 75 වන වියේ පසුවූහ ,
උන්වහන්සේ ශයාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝ නායක ස්වාමීන් වහන්සේ වශයෙන් අපවත් වන තුරුම කටයුතු කර ඇත ,
තවද නුවරඑළිය ශාන්තිපුර විද්‍යාලයේ දීර්ඝ කාලයක් හිටපු විදුහල්පති ස්වාමින් වහන්සේ වශයෙන්ද නුවරඑළිය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි වශයෙන්ද කොළඹ කිරුළපන බලපොකුණ පුරාණ රජමහා විහාරයේ විහාරවාසි , ශාන්තිපුර චේතියගිරි මහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙසද කටයුතු කරමින් බෞද්ධ අබෞද්ධ සියලුම ජාතීන් අතර සංහිඳියාව ඇති කරමින් සියලුම ආගමික නායකයන් හට ආදර්ශවත් ස්වාමීන් වහන්සේ නමක් හැටියට කටයුතු කර ඇත ,
උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා ශාන්තිපුර චේතියගිරි විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන අඟහරුවාදා (18) දින උන්වහන්සේ විදුහල්පති ස්වාමීන් වහන්සේ හැටියට කටයුතු කළ නුවරඑළිය ශාන්තිපුර විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී පස්වරුවේ සිදු කිරීමට නියමිත බව නුවරඑළිය ශාන්තිපුර චේතියගිරි විහාරස්ථානයේ විහාරස්ථ දායක සභාව සඳහන් කරයි .

කැකිරාව නගරය ආශ්‍රිත ව්‍යාපාරික ස්ථාන බිඳ ඒවායේ තිබූ දේපල සොරාගෙන අලෙවි කරමින් මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් ඉපැයූ පුද්ගලයකු රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා සොර බඩු රැසක් හා අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ යුක්තිය මෙහෙයුමට සමගාමීව අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.

24-06-15
කැකිරාව කුෂාන් ජයවර්ධන

============

කැකිරාව නගරය ආශ්‍රිත ව්‍යාපාරික ස්ථාන බිඳ ඒවායේ තිබූ දේපල සොරාගෙන අලෙවි කරමින් මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් ඉපැයූ පුද්ගලයකු රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා සොර බඩු රැසක් හා අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ යුක්තිය මෙහෙයුමට සමගාමීව අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ ගණනක් වටිනා සොරබඩු සමඟ මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව කෙලින් වීදිය ප්‍රෙද්ශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. කැකිරාව පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් කැකිරාව පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් කැකිරාව නගරයේ සිදුකළ මෙහෙයුමකදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රෑම් 2360ක ප්‍රමාණයක් ද සොයා ගත් බව පොලිසිය කියයි.
සැකකරු සොරා ගන්නා දේපල වෙනත් පුද්ගලයින්ට අඩු මුදලට විකුණා එම මුදල් යොදා ගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයට කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාරවණය කරගෙන තිබේ.
අත්අඩංගුවටපත් සැකකරු පොලිසියට සිදුකර ඇති පාපෝච්චාරණයකට අනුව කැකිරාව නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් බිද ඒවායෙන් සොරා ගන්නා ලද දෙපල රැසක් වෙනත් පුද්ගලයින්ට විකුණා තිබියදී හා සැකකරුගේ නිවසේ තිබියදී සොයා ගැනීමට ද පොලිසිය සමත්ව තිබේ.
සැකකරු විසින් සොරගෙන තිබියදී සොයා ගන්නා ලද එම දේපල වල වටිනාකම රුපියල් ලක්ෂ 04ක් පමණ වන බව පොලිසිය කියයි.
පොලිසිය එලෙස සොයා ගන්නා ලද භාණ්ඩ අතර කැකිරාවේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් බිඳ සොරකම් කර තිබූ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා ගෑස් සිලින්ඩර් 12 ක්, වායු සමීකරන යන්ත්‍රවලට යොදා ගන්නා රුපියල් ලක්ෂයක් පමණ වටිනා තඹ බට තොගයක් මෙන්ම කැකිරාව නගරයේ ඇති රට බීම හලක් බිද ඉන් සොරකම් කරන ලද රුපියල් එක් ලක්ෂ හතළීස් දහසක් පමණ වටිනා රට බීම තොගයකින් කොටසකට අයත් බව කියන හිස් රට බීම බෝතල කිහිපයක් ද වේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ, මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ පොලිස් සැරයන්වරුන් වන 57757-හේරත්, 38648-රූපසිංහ, 71352-අධීකාරී, 74273- ජයකොඩි, 38675-ඒකනායක, 40201-නිශ්ශංක, 33280-සිල්වා ඇතුලු නිලධාරීන් පිරිසක් අදාළ මෙහෙයුම සිදුකර සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ.
අත්අඩංගුවට පත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ලත් රැඳවුම් නියෝගයක් යටතේ වැඩිදුරටත් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට නියමිත අතර එම සැකකරු චෝදනා ගෙනු කිරීමෙන් පසුව කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සොයා ගන්නා ලද දේපල අධීකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ඒවායේ හිමිකරුවන්ට ලබා දීමටත් කටයුතු කරන බව පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශණ කැකිරාව පොලිස් ස්ථානය මඟින් සිදු කෙරේ.

WhatsApp Image 2024-06-15 at 17.42.58 (1) WhatsApp Image 2024-06-15 at 17.42.58 (2) WhatsApp Image 2024-06-15 at 17.42.58 (3) WhatsApp Image 2024-06-15 at 17.42.58 WhatsApp Image 2024-06-15 at 17.42.59 (1) WhatsApp Image 2024-06-15 at 17.42.59 (2) WhatsApp Image 2024-06-15 at 17.42.59 (3) WhatsApp Image 2024-06-15 at 17.42.59 WhatsApp Image 2024-06-15 at 17.43.00 (1) WhatsApp Image 2024-06-15 at 17.43.00 (2) WhatsApp Image 2024-06-15 at 17.43.00 (3) WhatsApp Image 2024-06-15 at 17.43.00

ජනමත විචාරණයකින් තොරව ඔක්තෝම්බර් 17 න් ඔබ්බට එක දවසක් හෝ ජනාධිපතිවරයාට බලයේ ඉන්න බෑ – පාඨලී

ජනමත විචාරණයකින් තොරව ඔක්තෝම්බර් 17 න් ඔබ්බට එක දවසක් හෝ ජනාධිපතිවරයාට බලයේ ඉන්න බෑ – පාඨලී

කෙහෙළිය සහ NMRA නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දැනුම්දෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අදාළ නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.

ලියාපදිංචි නොකළ බව කියන සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

මම රනිල් එක්ක ඉන්නේ අසූ ගණන්වල ඉඳලා, අදත් මට රනිල්ගේ සැළකිල්ල තියෙනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

මධ්‍යස්ථව, දේශපාලඥයින්ගේ අතකොලුවක් නොවී, අවංකව, විනිවිද භාවයෙන් යුතුව, නොබියව කටයුතු කරන බෞද්ධ නායකයෙක් රටට අවශ්‍ය වී ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

ඒ අනුව බෞද්ධ නායකයෙක් ගොඩනැගීම සඳහා ආරම්භ කරන වැඩ කටයුත්ත කුමන බාධක පැමිණියද ඉදිරියට ගමන් කරන බවයි එම හිමියන් සඳහන් කළේ.

ඔබ වහන්සේලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිටින්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර, එයට පිළිතුරු දුන් උන්වහන්සේ සඳහන් කළේ තමන් රනිල් සමඟ කටයුතු කරන්නේ 80 ගණන්වල සිට බවත්, ඔහුගේ සැලකිල්ල අදටත් තමන්ට ඇති බවයි.