යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට ජෙනරාල් රෝහිත අලුවිහාරේ පත් කෙරේ

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ පත්කර තිබෙනවා.

ඒ අනුව යුද හමුදාපතිවරයා විසින් අද (20) සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉන්දීය විදේශ ඇමති දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් අද (20) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ ඇගේ සමීපතමයන්ගේ බැංකු 8ක ගිණුම් 19ක් පරික්ෂා කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) අවසර ලබාදුන්නේය.

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ ඇගේ සමීපතමයන්ගේ බැංකු 8ක ගිණුම් 19ක් පරික්ෂා කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) අවසර ලබාදුන්නේය.

අංක 15, නව කොළොන්නාව පාර, රාජගිරිය ලිපිනයේ පදිංචි පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකාවක් වශයෙන් පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළදී නවීන පන්නයේ මෝටර් රථ, මහල් නිවාස මිලදී ගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන හෙයින්, ඇය නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකර මෙම මුදල් උපයාගත්තේද? යන්න පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම විමර්ශනයේදී පියුමි හංසමාලි විසින් රුපියල් ලක්ෂ 780කට මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ CBM – 1949 දරන රෙන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාර්තා කැඳවා ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එම ජීප් රථය පියුමි හංසමාලි විසින් සත්‍ය වශයෙන් මිලදී ගත් මුදල හා මුදල් ගෙවීම් සිදුකළ ආකාරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීමට අදාළ ජීප් රථයේ පෙර හිමිකරු වන වික්‍රමරත්න පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ නාවල පදිංචි හේවා තොන්ඩිලගේ ජනක ජයදිනුම් යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද පොලිසිය දන්වා සිටියේය.

තම ඥාතියකු වන මදුර වික්‍රමරත්න යන අය දැනට වසර 35ක් 40ක් පමණ කාලයක සිට යුද හමුදාව වෙත ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවක් සිදුකරන බවත්, එම කොන්ත්‍රාත්තුවේදී විවිධ දේශපාලනඥයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හඳුනාගත් බවත් පියුමි හංසමාලි මිලදී ගත් ජීප් රථය 2019 වසරේදී එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළ බවත්, එය විකිණීමට නොහැකි වූ බැවින් වාහන අංගනයේ නවතා තිබියදී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාවිත කළ වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රේන්ජ් රෝවර් ජීප් රථය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා 2020 වසරේදී ලබාදුන් බවත් ජනක ජයදිනුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.

නැවත 2021 වසරේදී එම ජීප් රථය ලබාදීමෙන් පසුව තම වාහන අංගනයේ විකිණීම සඳහා තබා තිබූ බවත්, ඒ සඳහා ikman.lk හා Hit add යන වෙබ් අඩවි මගින් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව පියුමි හංසමාලි හා ප්‍රගීත් යන අය සමග 2023 මාර්තු 7 දින ජීප් රථය පරික්ෂා කර රුපියල් ලක්ෂ 5ක මුදල් අත්තිකාරමක් හා රුපියල් ලක්ෂ 100ක මුදලක් බැංකු ගිණුමකට බැර කර ඉතිරි මුදල් තමාගේ ගිණුමට වරින් වර තැන්පත් කළ බවත්, රුපියල් ලක්ෂ 480ක් සඳහා ලීසිං සමාගමකින් කල්බදු පහසුකමක් ලබාගෙන රුපියල් ලක්ෂ 780ක මුදලකට මෙම ජීප් රථය පියුමි හංසමාලි විසින් මිලදී ගත් බවත් ජනක ජයදිනුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම රේන්ජ් රෝවර් ජීප් රථය මිලදී ගැනීම සඳහා පියුමි හංසමාලි විසින් රුපියල් ලක්ෂ 400ක මුදලක් සඳහා ෆිනෑන්ස් පහසුකමක් ලබාගත් පෞද්ගලික ෆිනෑන්ස් ආයතනයේ අලෙවි විධායක නිලධාරි එළුබාබලගේ ගිහාන් බුද්ධික යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම ජීප් රථය සඳහා ජාතික හැඳුනුම්පත් අංක 199282700335 හිමි පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය විසින් අවස්ථා තුනකදී ෆිනෑන්ස් පහසුකම් ලබාගෙන ඇති බවත්, එහි ඇපකරුවන් ලෙස අගම්පොඩි ප්‍රගති තනුෂ්ක මැන්දිස් සහ ජයසිංහ ආරච්චිගේ චන්දිම නුවන් අත්සන් තබා ඇති බවත්, ගිහාන් බුද්ධික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශය ලබාදෙමින් පවසා තිබේ.

පළමු අවස්ථාවේදී එනම් 2023 මාර්තු 7 වන දින රුපියල් ලක්ෂ 400ක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේ තම ආයතනය ලබාගත් බවත්, අදාළ රථයේ තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 800ක් බවත්, අදාළ ෆිනෑන්ස් පහසුකම මේ වන විටත් සක්‍රිය තත්ත්වයේ පවතින බවත් සෑම මසකම වාරික මුදල ගෙවීමට ඇති දිනට පෙර ආයතනය මගින් පියුමි හංසමාලිට දුරකථන ඇමැතුමක් දී දැනුවත් කිරීමේදී ගෙවීමට ඇති මුදලට වඩා වැඩි මුදලක් ගෙවන ලෙස දන්වමින් ණය චෙක්පත් ලබාදෙන බවත්, අවස්ථා කිහිපයකදීම ඇයගේ කොළඹ හිල්ටන් රෙසිඩන්ට්හි පිහිටි නිවස වෙතද ගොස් චෙක්පත් අත්සන් කර පැමිණ තිබෙන බවත් ගිහාන් බුද්ධික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

පියුමි හංසමාලි විසින් වෝඩ් පෙදෙස, කොළඹ 7 පිහිටිද ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ නිවසක් රුපියල් මිලියන 148කට මිලදී ගෙන අති බවට කරුණු අනාවරණය වූ හෙයින් ප්‍රයිම් ගෘෘප් පුද්ගලික සමාගමේ ප්‍රධාන ගණකාධිකාරිනී සුද්දත්චාරිගේ කුමාරි කාංචනා ප්‍රනාන්දු යන අයගෙන් අදාළ නිවස මිලදී ගැනීමට අදාළව හා මුදල් ගෙවීම් කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

2023 අප්‍රේල් 21 වන දින පියුමි හංසමාලි විසින්ද ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ 23 වැනි තට්ටුවේ නිවසක් මිලදී ගෙන ඇති බවත්, එම නිවස සියලු ගෘහ භාණ්ඩ සහිතව වර්ග අඩි 1440කින් සමන්විත බවත්, එහි කාමර 3ක්, නාන කාමර 3ක්, බැල්කනි 4ක්, මුළුතැන්ගෙයක් සහ කෑම කාමරයක් ඇති බවත්, එහි වටිනාකම රුපියල් මිලියන 148ක් බවත්, අවස්ථා 15කදී රුපියල් මිලියන 3 සිට මිලියන 50 දක්වා ගෙවීම් කරමින් 2023 දෙසැම්බර් 27 දින වන විට ගෙවීම් අවසන් කළද අදාළ ඔප්පුව මේවන තෙක් පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර නොමැති බවත් කාංචනා ප්‍රනාන්දු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

පියුමි හංසමාලි විසින් එම වත්කම් මිලදී ගැනීමේදී තමාගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සඳහන් කර ඇති ඇය පවත්වාගෙන යන ‘LOLLIA SKIN CARE (PVT) LTD’ ආයතනය සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල බහා තබනු ලැබීය.

ජපානයේ පැතිර යන බැක්ටීරියාව ගැන අනියත බියක් ඇති කරගත යුතු නැහැ – සෞඛ්‍ය අංශ

ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

streptococcal toxic shock syndrome ලෙස හඳුන්වන මෙම බැක්ටීරියාව මේ වසරේ පළමු මාස 6දී පමණක් නව ආසාදිතයන් 977ක් ජපානයෙන් වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව එය සාමන්‍ය ජනතාව අතර තියෙන බැක්ටීරියා තත්ත්වයක් බවත් කලාතුරකින් එහි සංකූලතාවයක් ලෙස මාරාන්තික තත්ත්වයට පත්විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ.

ප්‍රතිජීවක ඖෂධවලින් මෙය වෙනස් කිරීමට හැකි බවත් අපේ රටට ඇතිවේ යැයි අනියත බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ

පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද (19) අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කොළඹ සිට ලබුගමුව දක්වා සිසුන් ප්‍රවාහනය කළ සිසු සැරිය බස් රථයක් හා ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

අද ඩොලරයේ විකුණුම් මිල රු. 309 දක්වා ඉහළට

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.20 ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.63 ක් ලෙස දක්වා තිබෙනවා.

ඒ අනුව මාර්තු මාසයෙන් පසුව යළිත් ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

6672b18ad7761

මුහුදු ප්‍රවාහනයන් වලදී භූ කම්පන හා පීඩන තත්ත්වයන් හදුනාගැනීමේ උපකරණයක් කටුකුරුන්ද මුහුදු වෙරළෙන් හමුවෙයි.

මුහුදු ප්‍රවාහනයන් වලදී භූ කම්පන හා පීඩන තත්ත්වයන් හදුනාගැනීමේ උපකරණයක් කටුකුරුන්ද මුහුදු වෙරළෙන් හමුවෙයි.

ගල්පාත චන්දන පෙරේරා
කළුතර ,කටුකුරුන්ද පිහිටී හෝටලයක් ආසන්න මුහුදු වෙරලේ තිබී හදුනා නොගත් උපකරණයක් ඊයේ සවස 6 .30 පමන හමුවී ඇති අතර ,එය දුටු පුද්ගලයා කළුතර දකුණ පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු ,කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරින් ඒ පිලිබදව වැඩිපුර පරික්ෂණ කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුරට දැන්වීමෙන් අනතුරුව ඔවුන් පැමිණ පරීක්ෂා කිරීමේදී ” FRF-500S streamar recovery devis “යන නමින් හදුන්වන මුහුදු ප්‍රවාහනයන් වලදී භූ කම්පන හෝ පීඩන හදුනා ගැනීමේ උපකරණයක් බවට පරික්ෂණ වලින් හදුනාගෙන ඇති අතර පසුව එය කටුකුරුන්ද පොලිස් විෂේශ කාර්ය බලකා නිලධාරින් විසින් එම ස්ථානයෙන් රැගෙන යන ලදි.

කළුතර කටුකුරුන්ද මුහුදු වෙරළට ආසන්නයෙන් ගමන් ගන්නා නැවකින් මෙය වැටෙන්නට ඇතැයි විශ්වාස කරයි.

පුපුරාගිය ජල නලය අලුත්වැඩියා කළත් ඇතැම් ප්‍රදේශවලට ජලය ලැබීමට තවත් කාලය ගතවේවි – ජල සම්පාදන මණ්ඩලය

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද, 85,000කට පමණ තවදුරටත් ජලය නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද (18) පස්වරු 6.00 පමණ වන විට බොහෝ දුරට එය යථා තත්ත්වයට පත්විය හැකි බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ, හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ඊයේ (17) අලුයම මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුවීමෙන් එම නලයට හානිවී තිබුණා.

රැකියා විරහිත උපාධිධාරීන් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

දියත උයන අසල විරෝධතාවයේ නිරත රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මීට පෙර පොල්දූව මංසන්ධියේද මෙම විරෝධතාවයේ නිරතව සිටින රැකියා විරහිත උපාධිධාරීන් පිරිසට ජල ප්‍රහාරය පොලිසිය එල්ල කර තිබුණා.

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර අවහිර වෙයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාර අවහිර වී තිබෙනවා.

සිය ගැටලුවලට නිසි පිළිතුරක් නොමැති පසුබිමක සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද (18) මුදල් අමාත්‍යාංශයට පාගමනක් යෑමට සුදානම්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහන ධාවනය සිදුකෙරෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.