කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ මහල් දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් ඇති බවයි සඳහන් වෙන්නේ.
Breaking News
කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ මහල් දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් ඇති බවයි සඳහන් වෙන්නේ.
ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වාත් ලුණු කැට කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වාත් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කළේ.
ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති අතර, මෙම මිල වැඩි කිරීම තාවකාලික තීරණයක් බවයි හම්බන්තොට ලංකා ලුණු සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම දක්වා ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඉතිහාසයේ පළමු වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 252,761 ක් ලෙසයි වාර්තාවී තිබෙන්නේ.
ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය යන රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ වාර්තාව පහතින්.

අද (05) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහළ ගොස් ඒකක 16,456.10 ක් ලෙසින් සටහන් වී ඇති බවයි සඳහන් වෙන්නේ.
එය 2022 අප්‍රේල් මස 26 වන දිනෙන් පසු මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් ඇතුළත කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ගණන ලෙසයි වාර්තා වෙන්නේ.
අද දිනයේ S&P SL20 මිල දර්ශකය ද ඒකක 167.18 කින් පහළ ගොස් ඒකක 4,898.04 ක් ලෙස සටහන් වූ අතර අද ගණුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 6.35 ක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස GovPay පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම සමාරම්භක උත්සවය පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව ජීවත්වීමට අවශ්‍ය නිදහස නිර්මාණය කර ගැනීම වෙනුවෙන් එක්ව යා යුතු ගමනක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
රටට ආර්ථික සාමාජීය හා සංස්කෘතික නිදහස පූර්ණ ලෙස දිනා ගැනීමේ මෙහෙයුම තුළ ඔබ අප සියලු දෙනා එකම අරගල බිමක අරගලකරුවන් වන බව මතක තබා ගත යුතු බවයි නිදහස් දිනයේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙකු නොවී ආර්ථික තලය තුළ අපගේ නිදහස සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා එක්ව මාතෘ භූමිය වෙනුවෙන් කැපවිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව ආර්ථික නිදහස වෙනුවෙන් සිදුකරන අරගලය තුළ සමාජීය හා සංස්කෘතික නිදහස කිසිඳු ලෙසක දෙවැනි කොට තැකීමට සූදානම් නොමැති බවත් මේ සඳහා රටේ විවිධ ක්ෂේත්‍රවලට වගකීම් පැවරී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
අනාගත පරපුරට තමා විසින් භාරදෙන රට තමාට ඉතිහාසය විසින් භාරදුන් රට නොව, ජීවත්වීමට ආසා කරන පුරවැසි අභිමානය ගරු කරන දියුණු සංස්කෘතික රටක් වන බවට සපථ කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
හෙට (04) සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
77 වන ජාතික නිදහස් සමරු උත්සවය වෙනුවෙන් මෙලෙස සුරාසැල් වසා තැබෙන බවයි සඳහන් වෙන්නේ.
අදාළ නීතිය කඩකරන පිරිස් වෙත නීතිමය පියවර ගන්නා බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,943 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,382 ක් ලෙසයි සටහන් වෙන්නේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 764ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 315ක් ඩෙංගු රෝගීන් හඳුනාගෙන තිබෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
පවතින තත්ත්වය මත තම අවට පරිසරය පිරිසිඳු කර ගැනීමට කටයුතු කරන ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 82 වන වියේ පසුවූ බවයි සඳහන් වෙන්නේ.
හැරී ජයවර්ධන Distilleries Company, Aitken Spence, Lanka Milk Foods, Melstacorp, Balangoda Plantations, Browns Beach Hotels, HNB Bank, DFCC Bank ඇතුළු සමාගම් රැසක කොටස් හිමියෙක් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු හා සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.