දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට හෙද හෙදියන් අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණා.
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පැවති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

Breaking News
දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට හෙද හෙදියන් අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණා.
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පැවති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරීකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතු බව ශ්‍රී ලංකා මහ බංකුව පවසනවා.
ඉහත ප්‍රතිපාදනය උල්ලංඝනය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලෙයකු මෙම පනතේ 56(4) උප වගන්තිය ප්‍රකාරව, පනත යටතේ වරදකරුවන් වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය පහතින්.

මෙරට සිට විදේශයන්ට සේවා අපනයනය කරන පුද්ගලයින් සහ ආයතන සඳහා පසුගිය රජය 30% ක බද්දක් පැනවීමට IMF සමඟ එකඟතාවයකට එළැඹ තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.
ඒ අනුව වත්මන් රජය විසින් IMF සමග සාකච්ඡා කර එය 15% ක් දක්වා අඩු කිරීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙක් කතා නොකරන බවයි ඊයේ (25) රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ලෝකයේ මේ වන විට ගෝලීය අවම බදුකරණය (Global Minimum Taxation) ලෙස ප්‍රවණතාවයක් ඇති බවත්, එම බදු අය නොකරන්නේ නම් අදාල සේවා සපයන්නන් හට අසාධාරණ වාසියක් ලැබෙන බවට සළකා අදාල සේවාව ලබාගන්නා රටෙන් එම බදු ප්‍රමාණය අය කර ගන්නා බවත් එසේවීමට ඉඩ නොදී අදාළ බදු මුදල මෙරටට ලබාගැනීමට මෙම බද්ද පනවා ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
මෙම බද්ද පැනවීමට කටයුතු කළේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයනකරුවන් සමඟ සාකච්ඡා කර බවත් සියලුදේම සිදුකර ඇත්තේ පදනමක් අනුව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙලෙස අය කරගන්නා බදු මුදල හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවා අපනයනකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදලක් පිහිටුවීම, ඇප නොමැතිව ණය ලබාදීමේ වැඩපිළිවෙලක්, ඔවුන් සඳහා සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත් මේ හරහා ලබාගන්නා බදු මුදල්වලින් රුපියලක් හෝ අපතේ නොයවා නැවත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සංවර්ධනයට වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම ගාස්තු සංශෝධනය සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන මුදල රුපියල් 25ක් ලෙස අඩුවන බවයි සඳහන් වෙන්නේ.
මීට පෙර ගිණුමක ඇති මුදලක් වෙනත් බැංකුවක ඇති ගිණුමක් වෙත යැවීමේදී මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් රුපියල් 30 අමතර මුදලක් අයවුනා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල මෙම සතිය තුළ අඩුවන බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. වසන්ත අල්විස් ද මීට පෙර රූපවාහිනී වැඩසටහනකදී සඳහන් කර සිටියා.
අමෙරිකාවේ RM PARKS සමාගම විසින් Shell වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) දින විවෘත කර තිබෙනවා.
ඒ අනුව, මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගම ලෙස RM Parks (පුද්ගලික) සමාගම සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ‘Shell’’ ලෙස සන්නාම කර ඇති බවයි සඳහන් වෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආධාරකරුවන් පිරිසක් සහ YouTube ක්‍රියාකාරියෙක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර, එහි රැඳී සිටින ඔහුගේ ආධාරකරුවන් හා YouTube ක්‍රියාකාරියෙක් අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අනතුරුව පොලීසිය මැදිහත්වීමෙන් පසු තත්ත්වය පාලනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන්.
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් Masood Imad අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කළ මහ කොමසාරිස්වරයා, මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සිදුව ඇති නව පරිවර්තන පිළිබඳව ද සතුට පළ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ව්‍යාපෘති අධීක්ෂණය, ගැටලු විසඳීම සහ උපයෝගී සේවා සම්බන්ධීකරණය සඳහා ශ්‍රී ලංකා රජය සහ CHEC Port City Colombo (Pvt) Ltd සම්බන්ධ කරන ප්‍රධානතම ඒකකය ලෙස කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය කටයුතු කරන ලබන බවයි සඳහන් වෙන්නේ.
මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ සැලසුම් කර ඇති කාර්යයන් 2027 ජුනි මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත බැවින්, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මගින් සිදු කරනු ලබන අධීක්ෂණ හා සම්බන්ධීකරණ කාර්යයන් අඛණ්ඩව තවදුරටත් සිදු කළ යුතු බව හඳුනාගෙන තිබෙන බවද සඳහන්.
ඒ අනුව, එකී ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ මෙහෙයුම් කාලය 2027-06-05 දින දක්වා දීර්ඝ කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.

අනිද්දා (27) දිනයේදී සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන්, ඊට පසුදා මෙලෙස නිවාඩු ලබාදෙන බවයි පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සඳහන් කළේ.
මීට පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල දමිළ පාසල් සඳහා ද ලබන 27 වැනිදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබුණා.
ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර පත්කර තිබෙනවා.
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතින් ඔවුන් සිය පත්වීම් ලිපි ලබා ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
