අගෝස්තු මාසයේ ගෑස් මිල සංශෝධනයක් නැහැ – ලිට්රෝ සමාගම

අගෝස්තු මාසයේදී ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේම ලබන මාසය සඳහාත් ගෑස් අලෙවිය සිදු කරන බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

නීති විරෝධී විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධිව විද්‍යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ AK 407 දරණ යානයෙන් විද්‍යුත් දුම්වැටී තොගය සහිත ගමන් මලු කිහිපයක් සැකකරු විසින් එවා තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ඔහු එම ගමන් මලු රැගෙන යාමට පැමිණි අවස්ථාවේ අදාළ විද්‍යුත් දුම්වැටි තොගය ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

අත්අඩංගුවට ගත් මෙම දුම්වැටී තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හමාස් ප්‍රධානියා මරුට

හමාස් ප්‍රධානී Ismail Haniyeh සහ ඔහුගේ ආරක්ෂකයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉරානයේ පිහිටි ඔවුන්ගේ නිවස ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයකින් ඔවුන් මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉරාන ජනාධිපති Masoud Pezeshkian ගේ දිවුරුම් දීම සඳහා සහභාගී වීමට හමාස් ප්‍රධානී Ismail Haniyeh ඉරාන අගනුවරට පැමිණ සිටි බවයි වාර්තා වෙන්නේ.

මෛත්‍රී ඇතුළු පිරිසකට එරෙහි වාරණ නියෝගය ඔක්තෝබර් 09 දක්වා දීර්ඝ කෙරේ

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින්  එම පක්‍ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව නිකුත්කර තිබූ වාරණ නියෝග තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩු අද (30) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරුවරයා විසින් මෙම නියෝග නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අදාළ වාරණ නියෝග ඔක්තෝබර් මස 09 වනදා දක්වා දීර්ඝ කිරීමටද නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හබරාදූවේ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබයි

හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රී තානායමක් ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

වෙඩිවැදිමෙන් 34 සහ 54 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් හබරාදූව සහ අගුළුගහ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මොරොන්තුඩුව පොලිස් වසමේ නාන්දූව මහවෙල ප්‍රදේශයේ කෙසෙල් වගාවක මුවාවෙන් ගංජා වගාවක් 2024.07.28 වන දින සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මොරොන්තුඩුව පොලිස් වසමේ නාන්දූව  මහවෙල ප්‍රදේශයේ කෙසෙල් වගාවක මුවාවෙන් ගංජා වගාවක් 2024.07.28 වන දින සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගංජා වගා කිරීම සැකකරු විසින් කලක සිට සිදුකර ඇති අතර මෙම ගංජා වගාකිරීම සිදුකරන ස්ථානය වෙත කිසිවෙකුටත් ලඟාවිය නොහැකි දූපතක මෙම වගාව සිදුකර ඇත. වගාවේ තිබූ ගංජා ගස් අත්අඩංගුවට ගෙන 2024.08.29 දින අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. මෙම ගංජා වගාකර තිබූ ස්ථානය වෙත ඔරුවක්න් මිස ඇතුල්විය නොහැකි වන සේ සූක්‍ෂමව පවත්වාගෙන ගොස් ඇත. මෙම වැටලීම ඒකකයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙය වීම යටතේ ප්‍ර.පො.ප. මහේන්ද්‍ර, උ.පො.ප. සඳරුවන්, පො.සැ. 428 ජයලාල්, පො.කො. 77090 බාලසූරිය, පො.කො. 84889 උදය කුමාර, පො.කො. 91287 සංජීව, පො.කො. 94009 සියන්ත, පො.කො. 104643 සේනාරත්න, කා.පො.කො. 13090 රිහාරි, පො.කො.රි. 16227 උදාර යන නිලදාරීන් විසින් සිදුකර ඇත.

WhatsApp Image 2024-07-29 at 16.07.34

අද වන විට තැඹිලි සඳහා මැදපෙරදිග රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර ලංකාවේ තැඹිලි වලට ඇත්තේ සුවිශේෂ ඉල්ලුමකි.

අද වන විට තැඹිලි සඳහා මැදපෙරදිග රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර ලංකාවේ තැඹිලි වලට ඇත්තේ සුවිශේෂ ඉල්ලුමකි.
තැඹිලි ගත්කල ඩුබායි වෙළඳපළෙහි ලංකාවේ තැඹිලි වලට ඉතා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඩිරාම් තිහක මුදලකටඑහිදී තැඹිලි අලෙවියන බවත් වාර්තාවනවා.
නමුත් අද වන විට තැඹිලි වලට සුදු මැස්සා රෝගය උස්සන්න වී ඇති අතර මේ සඳහා සාර්ථක විසඳුමක් ලබාදී නොමැති බවපවසයි.
වෙනදා අපනයනය සඳහා පැමිණිල්ල ලෑස්ති කිරීමට පෙර බහලුම ගෙන්වා ගන්නා අතර දින තුනක් හතරක් වැනි කාලයක් තුළ ත අපනයනය කළ හැක.
නමුත් අද වන විට දින දහයක් පමණ මහළුම් නතර කර තබා ගැනීමට අවශ්‍ය වන බවත් කැමිලි එකතු කර ගැනීම සඳහා දැඩි අපහසුතාවයක් පවතින බවත් කපන එන කරුවන් පවසයි.

මේ වසරේ ඩෙංගු රෝගීන් 32,078 ක් වාර්තා වෙයි

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 32,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙකු දිවයින පුරා වාර්තාවී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම කාලය තුළ ඩෙංගු මරණ 12ක් සිදුව ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

මානව හිමිකම් සංවිධානය ලංකා සහ ඉස්ලාමීය උත්තරීතර කවුන්සිලය විසින් මානව හිමිකම් ලංකා සභාපති එම්.එන්.එම්.අසීම් ​​මහතාගේ ප්‍රධානත්වයෙන් හිස්බුල් කුර්ආනය පාරායනය කිරීමේ උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කීත් සිරි රාජපක්ෂ මහතා සහ අල්හාජ් සුලෙයිමාන් ඊබ්‍රාහිම් මහතා සහභාගි විය

මානව හිමිකම් සංවිධානය ලංකා සහ ඉස්ලාමීය උත්තරීතර කවුන්සිලය විසින් මානව හිමිකම් ලංකා සභාපති එම්.එන්.එම්.අසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් හිස්බුල් කුර්ආනය පාරායනය කිරීමේ තරගය සංවිධානය කරන ලද අතර මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කීත් සිරි රාජපක්ෂ මහතා සහ අල්හාජ් සුලෙයිමාන් ඊබ්‍රාහිම් මහතා සහභාගි විය. විශේෂ ආරාධිතයන් ලෙස මානව හිමිකම් සංවිධානය ලංකා සහ ඉස්ලාමීය උත්තරීතර කවුන්සිලය සංවිධානය කළ හිස්බුල් කුර්ආනය පාරායනය කිරීමේ තරගය අඛණ්ඩව ජයග්‍රහණය කළ අතර සහතිකපත් බෙදාදීමේ උත්සවය මානව හිමිකම් සංවිධානයේ සභාපති එම්.එන්.එම්.අසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, සාර්ථක වූ සිසුන් සඳහා සහතිකපත් ප්‍රදානය කරන ලදී

WhatsApp Image 2024-07-28 at 17.44.18 (2) WhatsApp Image 2024-07-28 at 17.44.18 (1) WhatsApp Image 2024-07-28 at 17.44.18 WhatsApp Image 2024-07-28 at 17.44.16 (1) WhatsApp Image 2024-07-28 at 17.44.16 WhatsApp Image 2024-07-28 at 17.44.17

සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි – සංචාරක ලේකම්

මෙම වසරේ ජූලි 15 වනදා වන විට විදෙස් සංචාරකයින් 1,095,675 ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනවා.

ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයින්ගේ පැමිණීමේ යළි පිබිදීමක් දක්නට ලැබෙන බවත්, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත්, යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2024 ජනවාරි  සිට ජූනි දක්වා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 1556.64 ක ආදායමක්  උපයා තිබෙන බවද, මේ වන විට රටේ පවතින තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් 2024 වසර අවසන් වන විට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාවත්, ඒ හරහා  ලබන ආදායමත් අනිවාර්යයෙන් 2018  ප්‍රමාණයට වඩා වැඩි කර ගත හැකි බවද ලේකම්වරයා පෙන්වා දෙනවා.

පාස්කු ප්‍රහාරය, COVID-19 වසංගතය සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය දැඩි පසුබෑමකට මුහුණ දී තිබුණු නමුත්, එම අභියෝග මධ්‍යයේ වුවත් සංචාරක අංශය දැන් පිබිදීමේ ලකුණු පෙන්නුම් කර බවද ලේකම්වරයා සඳහන් කරනවා.