පොඩිඑකා උදේට කාලා නෑ…

පසුගිය දා (03) විද්‍යා නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස සාක්ෂි ලබාදුන් එකොළොස් හැවිරිදි දරුවෙකු සාක්ෂිය ආරම්භ කොට විනාඩි කිහිපයක් යත්ම සාක්ෂි කූඩුව මත ක්ලාන්ත වී ඇදවැටී ඇත. එම දරුවාගේ සාක්ෂිය ඉතා වටිනා එකක් වන්නේ මෙම ඝාතනය සිදුවන විට නව හැවිරිදි වියේ පසුවූ ඔහු දූෂණය සිදුවූ ආකාරය සහ එහි සිටි පිරිස් දෑසින්ම දැක ඇති හෙයිනි. තමා දුටු දේ දරුවා විසින් සිය මවට පැවසීමෙන් අනතුරුව මව එකී කරුණු පොලීසියට පවසා තිබේ.

සාක්ෂි කූඩුවේ ක්ලාන්ත වී ඇද වැටුණු දරුවා අසලට පැමිණි පියා ඔහුව වත්තන් කරගෙන යද්දී මහාධිකරණය විනිසුරුවරුන් පියාගෙන් අසා ඇත්තේ දරුවා අසනීපයකින් පෙළෙන්නේද යන්නයි. එවිට පියා පවසා ඇත්තේ ‘නෑ සර්, පොඩිඑකා උදේට කාලා නෑ…. කන්ඩ දෙයක් අරන් දෙන්න මගේ ලඟ සල්ලි තිබුණෙ නෑ….’ කියාය. උසාවියේ රැස්ව සිටි අය ඉහළට ගත් හුස්ම නතර වූවා සේ හැඟිණි.

වහාම ක්‍රියාත්මක වූ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා විනිශ්චයාසනය මත රැඳී හිඳිමින්ම තම පසුම්බිය ගෙන මුදල් නෝට්ටු කිහිපයක් උසාවියේ තෝල්කවරයා අත තැබුවේ එය පියාට ලබාදී වහාම දරුවා රැගෙන ගොස් කෑම ලබාදෙන ලෙස පවසමිනි. එතෙක් නඩුව පැයකට ආසන්න කාලයක් කල්තැබීමට විනිසුරු මඩුල්ල වහාම පියවර ගත්තේය.

හොඳින් කා බී වතුර බෝතලයක් ද අතැතිව සිනාසෙමින් නැවත අධිකරණයට පැමිණ ඇති දරුවා කිසිදු විඩාවකින් තොරව ඉතාමත්ම පැහැදිලි, චතුර ආකාරයට සාක්ෂි ලබා දී තිබේ. ඔහුගේ සාක්ෂිය කෙතරම් ප්‍රබල වීද යත් ඔහුගේ සාක්ෂිය අවසානයේදී පැමිණිල්ල අමතා ඇති මහාධිකරණ විනිසුරුවරුන් පවසා ඇත්තේ ‘තවත් මෙතනින් එහාට සාක්ෂි මෙහෙයවීමේ අවශ්‍යතාවයක් තිබේද’ යන්නයි.


උපුටා ගැනීමක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවෙක්ට දෙන්නෙ නැහැ – ජනපති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනත් පාර්ශවයකට ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලිකකරණය කරන බවට පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇති වී තිබුණි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අද (01) පැවැති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දෙන බවට පැතිර යන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.

මේ අතර හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය සමඟ අත්සන් කරන ලද සංශෝධිත ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ අවශ්‍ය නම් මෙම ගිවිසුම පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට පක්ෂ නායකයින්ට හැකියාව පවතින බවයි.

රජය මීළඟට විකුණන්නේ මත්තල ගුවන්තොටුපළ – මහින්ද

හම්බන්තොට වරාය චීන සමාගමකට විකුණූ රජය මීළඟට විකුණන්නේ මත්තල ගුවන්තොටුපළ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 
 
බලයට පත්වූ හැටියේ මත්තල ගුවන්තොටුපල වීගබඩාවක් කර වසා දමා ගුවන් යානා එන්නේ නැති නිසා එයින් වැඩක් නැතැයි කියා දැන් විකිණීමට සූදානම් වන බවද එ් මහතා පැවසීය. 
එ් දිනවල මත්තල ගුවන්තොටුපළට ගුවන් යානා පැමිණි බවත් එ් බව හම්බන්තොට ජනතාව දන්න බවද එ් මහතා කීවේය. 
 
 ඕනෑම රටකට අඩුම වශයෙන් ගුවන්තොටුපළ දෙකක් තිබිය යුතු අතර මත්තල ගුවන්තොටුපල නොතිබුණු අවධියේ ඉන්දියාවට හා මාලදිවයිනට මුදල් ගෙවමින් ගමන් කිරිමට සිදුවූ බව හොදින්ම දන්නා කාරණායක් යැයිද එ් මහතා කීවේය. 
මත්තල ගුවන්තොටුපල සමඟ මේ රජයට ඇත්තේ මහ වෛරයක් යැයිද තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යයට අදහස් දක්වමින් එ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

මර්ධනය අයිතීන් ඉල්ලා සටන් කරන සිසුන්ට සහ වෘත්තීය සමිතිවලට විතරද? – අ.වි.ශි.බ

අයිතීන් ඉල්ලා සටන් කරන සිසුන්ට හා වෘත්තීය සමිති සඳහා රජය විසින් මර්දනය කැදවීමට කටයුතු කළද, මීට වඩා දරුණු අපරාධ කරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මකවීමට හා අනපනත් සම්මත වීම සිදුවීමට ප්‍රමාද වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සභික සනත් බණ්ඩාර මහතා පවසයි.
 
රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු වීරසේකර සිසුවා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩල හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිරුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
 
එමෙන්ම යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සිදු කරන මර්දනය හමුවේ වුවද ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අඛණ්ඩව අයිතීන් ඉල්ලා සටන් කිරීම නතර නොකරන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
 
මේ අතර සිසුන් අත්අඩංගුවට ගැනීමෙන් ශිෂ්‍ය  ව්‍යාපාරය බිද දැමිය නොහැකි බව කලාකරුවන් පිරිසක් පවසයි.
 
බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරගේ සුවදුක් බැලීමෙන් අනතුරුව ඔවුන් මේ බව කියා සිටියේය.
 
සමනලී ෆොන්සේකා, භූපති නලීන්, විදර්ශන කන්නන්ගර, මලිත් හැගොඩ, ජගත් මනෝහරන්, සුදත් මාධව ඇතුළු කලාකරුවන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

මැතිවරණ කල් දැමීම ජනතා ඡන්ද අයිතියට බාධා කිරීමක් – පැෆ්රල් සංවිධානය

දිගින් දිගටම මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස මැතිවරණ කොමිසමට ලිඛිතව දැන්වීමට පියවර ගෙන ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මෙලෙස මැතිවරණය කල් දැමීම තුළින් ජනතාවගේ ඡන්ද අයිතියට බාධාවක් එල්ල වන බවයි.
පළාත් පාලන මැතිවරණයට අමතරව පළාත් සභා මැතිවරණය ද කල්දැමීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවට නිරීක්ෂණය වන බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
එකම දිනයක මැතිවරණ පැවැත්වීම යන කාරණා මුල් කරගනිමින් මැතිවරණ කල් දැමීම සුදුසු තත්ත්වයක් නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

යාපනයේදී පොලිසියේ දෙදෙනෙකුට තියුණු අවි ප්‍රහාර

යාපනය – කෝපායි – කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර තිබේ.
යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් අද දහවල් 12.15ට පමණ තියුණු ආයුධවලින් පහරදී  ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
රාජකාරියට යමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙම පහරකෑමට ලක්ව තිබේ.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ කෝපායි පොලීසියට අනුයුක්ත සේවය කරන  පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන අතර ඉන් එක් අයෙකු ද්‍රවිඩ ජාතිකයෙකු බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
ඔවුන් මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කෝපායි පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

රටේ ඉඩම් වෙන කිසිම රටකට දෙන්නෙ නෑ – මහින්ද අමරවීර

ජනාධිපතිවරයාගේ පාලනය යටතේ කිසිඳු ඉඩමක් කිසිඳු රටකට විකිණීමට කටයුතු නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
හික්කඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රජය ස්වභාවික ව්‍යසන රැසකට මුහුණදෙමින් ඉදිරියට ගමන් කරන බවය.

නව විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම්

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති  ප්‍රසාද් කාරියවසම් මහතා නව විදේශ ලේකම්වරයා ලෙස ජනාධිපති විසින් (29) දින පත් කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර හිටපු විදෙස් ලේකම් වන ඇසළ විරකෝන් මහතා සංචාරක ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

වසරකට ආසන්න කාලයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ඇසළ වීරකෝන් මහතා මෙරට තානාපති සේවයේ නිරතව සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරියෙකු වේ.

1988 වසරේදී විදේශ සේවයට එක්ව ඇති ඇසළ වීරකෝන් මහතා මීට පෙර කැනඩාවේ ශ්‍රී  ලංකා මහ කොමසාරිස් ධූරය ඇතුළු විදේශ රටවල් රැසක සේවය කර තිබේ.

විමුක්ති උදාර විජේකුලසූරිය

කුස ආදර කතාව වේදිකා නාට්‍යයයෙහි කුස රජතුමාගේ චරිතය තුලින් ප්‍රේක්ෂක ඔබ වෙත එන නව පරපුර නියෝජනය කරන්නාවු දක්ෂ, නිහතමානී නිරූපන ශිල්පියෙකු වන විමුක්ති උදාර විජේකුලසූරිය සමගින් බොස්ටන් ලංකා අපි කතා කරන්න හිතුවා.

FB_IMG_1485062157630 (1)

විමුක්ති මොනවද මේ දවස්වල වෙන්නේ?

පහුගිය දවස්වල මම ඩෙංගු උණ හැදිලා රෝහල් ගත වෙලා හිටියේ. ඒ නිසා මේ ටිකේ bed rest කරනවා.

නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් දැන් කොයිතරම් කාලයක් වෙනවද?

අවුරුදු 3ක් වෙනවා

FB_IMG_1492794984629

නිරූපණ ක්ෂේත්‍රය පිළිබදව හැදෑරීමක් කලාද?

ඹව් අයාස් අහමඩ් මහතා යටතේ පුහුණු වුනා. ඊට පස්සෙ තමයි ක්ෂේත්‍රයට ආවේ.2016 දෙරණ අවුරුදු කුමාරයා අවසන් 5 දෙනා අතරට තේරී පත් වුනා. ඒ වගේම ITN අවුරුදු කුමාරයා අවසන් 12 දෙනා අතරට තේරී පත් වුනා.

FB_IMG_1497880308541

නිරූපණයට අමතරව මොනාද කරන්නේ?

Dancing කරනවා. මම උඩරට නර්තන ශිල්පියෙක්. තව sing කරනවා. මගේ පළවෙනි Music video එක කලා (ඔය පුංචි ඇස්)

ඔබ නිරූපණ ක්ෂේත්‍රෙය් විශේෂයෙන් අනුගමනය කරන චරිතයක් ඉන්නවද?

මම මධුර අයියට ගොඩක් කැමතියි.

IMG_20170712_013146_151

ඹබ වෘත්තියෙන් නිරූපණ ශිල්පියෙක්ද?

ඔව්.

ඇයි මේ වගේ ක්ෂේත්‍රයක් තෝරා ගත්තේ?

පාසල් යන කාලේ සිටම මම කලාවට ගොඩක් කැමතියි.9 වසරේ දී තමයි මම උඩරට නර්තන ශිල්පියෙක් වුනේ. ජයලාල් රෝහණ මහතා යටතේ නාට්‍ය පිලිබදව හැදෑරුවා. ඒත් නිරූපණ ශිල්පියෙක් විදියට තමයි ක්ෂේත්‍රයට ආවේ.

DSC_1680 FB_IMG_1496365961800

ඔබ ජාත්‍යන්තර නිරූපණ තරගාවලියකට සහභාගී වීමට නියමිතයි.ඒ පිළිබදව මතක් කලොත්?

Mr. Grand international තරගාවලිය පිලිපීනයේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතයි

ඔයාගේ ජීවිතේ තියෙන හීන මොනවද?

ඇත්තටම රංගනනය හරහා ජනතාව අතරට ඒම තමයි එකම අරමුණ

විමුක්ති ඔයා කඩවසම් තරුණයෙක් නිසා තරුණියන්ගෙන් එහෙම ගොඩක් ප්‍රතිචාර ඇති නේද?

(සිනාසෙමින්) ඔව් ඇත්තෙන්ම ගොඩක් ප්‍රතිචාර තියෙනවා.

By: Ruvini Kaushalya