







BY: Nirosha Piyawadani
බොස්ටන් ලංකා විශේෂ වාර්තාකරු








BY: Nirosha Piyawadani
බොස්ටන් ලංකා විශේෂ වාර්තාකරු


මේ දිනවල music video තුලින් නිතරම දකින්න ලැබෙන කෙනෙක් එක්ක තමයි අද අපි බොස්ටන් ලංකා කතා කරන්න සූදානමින් ඉන්නේ. ඇය උමා නානායක්කාර.
උමා මොනාද මේ දවස්වල වෙන්නේ?
මේ දවස් වල වැඩ කීපයක් කරගෙන යනවා. ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුනා

එතකොට රංගනයට එන්න අවස්තාව ලැබුනෙ කොහොමද?
විශේෂයෙන් ඒ ගැන මම කියන්නම ඕන. ධනංජය හදුන්ගොඩ සහ ඩයන් ඉන්දජිත් යන දෙපල තමයි මාව ජැක්සන් ඇන්තනි මහතාට හදුන්වා දුන්නේ. ඊට පස්සේ තමයි මාව අබා film එකට සම්බන්ධ කර ගත්තේ.


ඔබ රංගනයෙන් දායක වුණු වෙනත් නිර්මාණ මොනවද?
දස්කොන් ටෙලි නාට්‍යයේ රනී චරිතය කලේ මම.
රංගනයෙන් අපට හැමදාම උමාව දකින්න පුලුවන් වෙයිද?
ඔව් අනිවාර්යෙන්ම. මම දිගටම රංගනයේ නියැලෙන්න කැමති.


රංගනයට අමතරව ඔබ මොනාද කරන්නේ?
මම ජාතික සහ අන්තර්ජාතික වශයෙන් choreographer කෙනෙක් විදියට කටයුතු කරනවා. තව මගේ MBA එක complete කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ ගැන කෙටියෙන් කිව්වොත්?
මම ගොඩක් සරලයි, ඕන කෙනෙක් එක්ක ඉක්මනට friendly වෙනවා, දක්ෂයි, සත්තුන්ට ගොඩක් ආදරෙයි, දුප්පත් අයට උදව් කරනවා.

ඔයාගේ පුද්ගලික විස්තර ටිකකුත් කියමු?
මට අම්මයි, තාත්තයි, අක්කලා තුන් දෙනෙකුයි, අයියා කෙනෙකුයි ඉන්නවා.
By: Ruvini Kaushalya
මේ තනන්නේ වංශය කබල් ගාමින් හිගන්නාගේ තුවාලය පෑරීමට නොවේ…මුළු ලංකාද්වීපයම ලේ ගලන තුවාලයක් බවට පත් කළ යුගය නිමා කරන්නට සිය සිනහව, යෞවනය, ආදරය, අධ්‍යාපනය මතු නොව අන්තිම හුස්මද පූජා කිරීමට ගොස් දිවි ගලවා ගත් ප්‍රජාවකට සිදුව ඇති අසාධාරණය හෙළි කරන්නටය.
එකිනෙකාගේ පාදඩ දේශපාලන අවශ්‍යතාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් නිර්මාණය වූ සටනකට සිහිනෙන්වත් උඩගෙඩි නොදුන් ලක්ෂ ගණනකගේ ලේ වලින් ලියූ ඉතිහාසයක් මේ ලංකා ඉතිහාසයේ වසර 30කටත් වඩා අරක්ගෙන ඇති බව දැන්නම් ඉස්කෝලේ ඉතිහාස පාඩමේවත් උගන්වනවාදැයි සිතීමත් සැක සහිතය.
ඔවුන් සටන් වැදුණේ තෝරා බේරා ගත් එක් ජාතියක් පමණක් රකින්නට හෝ සියලු ජාතීන් වනසා දමා සිය ජාතිය පමණක් රජ කරවීමට නොව සිහල දමිළ මුස්ලිම් බර්ගර් ආදී මෙරට සියලු ජන වර්ගයාගේ ජීවත් වීමේ අයිතිය රැක දීමටය..ඔවුන්ට කට පුරා රණ විරුවන් කියන්නේද මෙරට සියලු මනුෂ්‍යයා වෙනුවෙන් සිය ජීවිත කැප කළ හෙයිනි.
හමුදා නිල ඇදුමට මුවා වී තිරිසන් ජන්මයක් රග දැක්වූවන් හා සසදමින් මේ උදාර ජීවිතයන්ට නිගරු කිරීමට වෙහෙස නොගන්න .මේ ඉඩහසර වෙන් වන්නේ එවන් මුග්ධයන්ට නොව වෘත්තිය හදවතින්ම ඉටු කර ගෞරවනීය ලෙසින් යුධ බිමෙන් නික්ම ආ උදාර මිනිසුන් උදෙසාය.
අබලන් වූ රෝද පුටු උඩ සහ කිහිලි කරු, ඇදන් මත ඉකි ගසන එකී ජීවිත කතාන්තර හුදු කතාන්තර විලසින්ම මියෙන්නට ඉඩ නොදී මේ ලිපිය මත ගෙත්තම් වීම පිටු පස ද කතාවක් ඇත. ඒ කතාව නිර්මාණය කරන්නේ ද මනුෂ්‍යත්වය උත්තුංග තලයකට රැගෙන ගිය සහෘද කැලකි.
2008 මාර්තු 07 වන දින ඒ උදාර මිනිසුන්ගේ එකමුතුවෙන් බිහි වූ ආර්යා පදනම ආබාධිත සොල්දාදුවන්ගේ ශාරීරික හා ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා දියත් කර ඇති මෙහෙයුම මේ අකුරු කරනවා තරම් පහසු වූවක් නොවේ.
දේශපාලන හස්තයන්ගේ සෙවණැල්ලවත් නොවැටුණු ඒ මෙහෙයුමද ගෙත්තම් වී ඇත්තේ කැපකිරීම්, රස්තියාදු වීම්, අපේක්ෂා කඩවීම් හා දිවා රෑ නොතකා හෙලන දහදිය කදුළු මතිනි.
චරිත් කිරි ඇල්ල
මේ උදාර එකමුතුවේ නිර්මාතෘවරයෙකු මෙන්ම ආරම්භයේ සිට මේ දක්වා කොදුනාරටිය මෙන් ශක්තිය දෙන ප්‍රවීණ මාධ්‍යෙව්දී චරිත් කිරිඇල්ලයන් ආර්යා හරහා ඉටු කරන්නේ අමිල මෙහෙවරකි. යුධ වාර්තාකරණයේ කැපී පෙනෙන සේවාවක් ඉටු කළ ඔහු මාධ්‍යෙව්දියෙකු ලෙස පන්හිදෙන් ඉටුකරන කාර්්‍යභාරයෙන් ඔබ්බට ගොස් සමස්ත ශ්‍රී ලාංකිකයන් සතු වගකීම කරට ගෙන දිවා රෑ වෙහෙසෙන්නේ ආබාධීත වූ සොල්දාදු ජීවිතය එක් පියවරකින් හෝ නගා සිටුවීමේ පිපාසයෙනි.
වසර 08ක ගමන් මග තුළ ආර්යා පදනම ඉටු කරන කාර්්‍යභාරය සහ අරමුණ පිළිබද ඔහු බොස්ටන් ලංකා හා අදහස් පළ කළේ මෙලෙසිනි.
“අද අපි නිදහසේ හෙලන සෑම හුස්මපොදක් පාසාම අපි ඔවුන්ට ණයගැතියි. සමස්ත ශ්‍රී ලාංකිකයන් සතුවම මොවුන් පිළිබද වගකීමක් තිබෙනවා. මෙම සංවිධානයේ පරමාර්ථය ඒ වගකීම ඉටු කරමින් ආබාධිත සොල්දාදුවන්ගේ ජීවිත නගා සිටුවීමට උර දීමයි. මෙතනදි බොහෝ අය නොදන්නා දෙයක් තිබෙනවා. යුද්ධය ආබාධිත කළේ රණවිරුවන්ගේ ශරීරාංග මිසක් සිත නෙවෙයි. ඔවුන් සිතින් ඉතාම ජවසම්පන්නයි. ක්‍රීඩාවට කලා හැකියාවන් සහ වෙනත් ශල්පයන් සදහා පුදුමාකාර දක්ෂතා දක්වන ආබාධිත සෙබළුන් සිටිනවා. දෑස් අද වුවත් ඉලක්කයට දුනු විදීමේ ශිල්පයේ හපන්කම් දක්වන සෙබලෙක් සිටිනවා.ඔහු ලබා ඇති දෙස් විදෙස් ජයග්‍රහණ ගැන මාධ්‍ය අහලාවත් නැතුව ඇති.ඔවුන්ට නිසි සහයෝගය ලැබුණොත් ජාත්‍යන්තරයේ ජයග්‍රහණ රැසක් මෙරටට රැගෛන එන්න පුළුවන්.
2008 වසරේදි මුලින්ම කලා කලාකරුවන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වෘත්තීය වේදීන් පිරිසක් එකට එකතුවෙලා තමයි මේ සංවිධානය පටන් ගත්තෙ.
අපේ විධායක් අධ්‍යක්ෂතුමන් වන හිටපු යුධහමුදාපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මහතා තමන්ගේ ජීවිතේ තරුණ ජවය මුළුමනින්ම යුද්ධය සදහා කැප කරලා විශ්‍රාම ගිය පසුත් තමන්ගේ සේවය සෙබලුන්ගේ ජීවිත නගා සිටුවීම සදහා කැප කර තිබෙනවා. එය අපිට විශාල ශක්තියක්. එසේම ප්‍රවීණ කලා ශිල්පී ඩග්ලස් රණසිංහ මහතා මෙම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. කොපමණ කාර්්‍යබහුල ජීවිත ගත කළත් මේ පිරිස ආර්යා පදනම හරහා සිදු කරන කරන සේවය සදහා කැපවෙන්නේ හදවතින්මයි.
ආරම්භයේ සිටම අපිට හැකි අයුරින් අාබාධිත හමුදා නිළධාරීන් සහ සෙබළු වෙනුවෙන් ආධාර ලබා දෙන වැඩසටහන් රැසක් සිදු කළා. මේ වසර මුලදී පනාගොඩ සිංහ රෙජිමේන්තුවේ ආබාධීත පිරිස 40කට ද්‍රව්‍යමය ආධාර ලබා දීමට අපි කටයුතු කළා. ඒ සදහා රොෂාන් මහනාම මහතා ඇතුළු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අප හා අත්වැල් බැද ගත්තා.
සෑම මසකම එක් ප්‍රෙද්ශයක රෙජිමේන්තුවක් තෝරාගෙන එහි සිටින ආබාධිත සෙබළුන්ගේ අවශ්‍යතා සොයා බලා අපි හැකි පමණ ආධාර කිරීම මේ දක්වා අඛණ්ඩව සිදු කළා. මේ එළඹෙන දෙසැම්බර් 09 වන දින අපි අනුරාධපුර ගජබා රෙජිමේන්තුවේ 500ක් පමණ වූ සෙබළුන්ට ද්‍රව්‍යමය ආධාර පිරිනැමීමේ වැඩසටහනක් සිදු කරනවා.
මේ සංවිධානයේ තිබෙන විශේෂත්වය තමයි 100%ක විනිවිද භාවය. මේ සෙබළුන්ගේ ජීවිත වඩා යහපත් කිරීමට කැමති ඕනෑම කෙනෙකුට ජාති බේදයකින් තොරව අප හා අත්වැල් බැද ගන්න පුළුවන්.”
හිටපු යුධහමුදාපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ
මේ උතුම් සහෘද කැලට නායකත්වය දෙන එහි විධායක අධ්‍යක්ෂ ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මහතා බොස්ටන් ලංකා වෙත සිය අදහස් පළ කළේ මෙලෙසිනි.
“මම ආර්ය පදනමට සම්බන්ධ වුණේ ප්‍රවීණ මාධ්‍යවේදීදී චරිත් කිරිඇල්ල සහ ප්‍රවීණ නළු ඩග්ලස් රණසිංහ කළ ආරාධනාව මත.
විශ්‍රාම ගිහින් හිටියත් වසර 36ක යුධ හමුදා සේවය තුළදී ලද අත්දැකීම් නිසාම මේ සේවයේ අත්‍යවශ්‍යතාව මා වටහා ගත්තා.
ඔබ කවුරුත් නොදන්නවා ඇති…ඇතැම් ආබාධිත හමුදා සෙබළුන්ගේ තත්ත්වය කොතරම් ඛේදනීයද කියනවානම් ඔවුන්ට ගෙදර යන්න බැහැ. මේ ආබාධිත තත්ත්වෙන් ගෙදර යන සෙබලාව රැකබලා ගන්න නඩත්තු කරන එක පවා ඒ පවුල් වලට බරපතල ප්‍රශ්නයක්. ඔවුන් ආර්ථිකව ඒ තරම් ශක්තිමත් නැහැ. ඒ නිසා ඔවුන් දරු පවුල්වලින් ඈත් වෙලා ගෙදර නොගොස් රණවිරු සෙවණවල්වල රැදී සිටිනවා. සෙබළුන් ජාති බේද කිසිවක් නොතකා රටේ සියලු වැසියන් වෙනුවෙන් ජීවිතය කැප කරලා අද වෙනකොට ගෙදරවත් යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියනවා.
මම දන්නෙ නැහැ මෙය ශ්‍රී ලාංකිකයන්ටම උරුම ලක්ෂණයක්ද කියා…යුද්ධය අවසන් වූ පසු දැන් අපේ බොහොමයක් ජනතාවට රණවිරුවන් යනු කවුරුන්ද කියාවත් මතකයේ නැහැ. යුද්ධයේ භයංකරත්වය අත් විදපු පරම්පරාවත් එසේ හැසිරෙනවනම් නව පරපුර ගැන කවර කතාද..එනිසා මා ඉල්ලා සිටිනවා ජාති බේද අත හැර මේ අසරණව සිටින සොල්දාදුවන් හට හැකි අයුරින් පිහිට වන්න කියා.”
ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මැතිදුන් ආර්යා පදනම ඉකුත් වසර 08 තුළ දී ලබා දුන් සේවාවන්වලදී මතකයේ ගැඹුරු තැනක පැලපදියම් වූ සංවේදී අත්දැකීම් ද ගෙනහැර දැක් වූයේ මෙලෙසිනි.
“මෑතකදී අපිට වැලිඔය සේවයේ නිරත වෙලා ඉන්න වෙලාවේ උදරාබාධයක් හැදිලා මිය ගිය සෙබළකුගේ පවුලට නිවසක් ලබා දීමට හැකි වුණා. ඔහුගේ බිරිදත් දරුවන් තිදෙනාත් ජීවත් වුණේ ඇතා වැටුණු වැව නම් දුෂ්කර ප්‍රෙද්ශයේ. යුධ සමයේ ඒක නිතරම මෝටාර් ප්‍රහාරවලට ලක් වෙන ප්‍රෙද්ශයක්. එනිසා ඔවුන් නිවෙස් වලට යාබදව පොඩි කොන්ක්‍රීට් බංකරයක් හදාගෙන හිටියා. මෝටාර් ප්‍රහාර එල්ල වන සැම විටම ඔවුන් ආරක්ෂාව පතා දිව ගියේ එතනට.
අන්තිමට අම්මටයි ළමයි 3 දෙනාටයි නිවස වුණේත් ඒ බංකරයමයි. මෙය එක්තරා පුවත්පතකින් අනාවරණය කළ නිසා අපට දැන ගන්නට ලැබුණා. ඒ අනුව අපේ පදනමෙන් නිසි සොයා බැලීම් කර පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කර ඔවුන්ට නිවසක් තනා දීමට කටයුතු කළා. ඒ කාර්්‍යයට ඒ ප්‍රෙද්ශයෙ සිටින හමුදා නිළධාරීන්ගෙන් විශාල සහයෝගයක් හිමි වුණා. කාමර 3ක
පෙර පැවසූ බංකරය ඉවත් කළේ නැහැ. නාන කාමරය ලෙසින් පාවිච්චියට ගත හැකි ලෙස නිවසටම එය එක් කළේ එය ඔවුන්ට මතක සටහනක් ලෙස ඉතිරි කරමින්.”
රොෂාන් මහානාම
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කිරීමට දායක වෙමින් සිය ජනප්‍රියත්වයේ නිකැලැල් නාමය අදටද රැකගත් රොෂාන් මහානාමයන් ද ආර්යා පදනමේ ආරම්භයේ සිට මේ දක්වා රැදී සිටින පුරෝගාමියෙකි. මේ වන විට විදෙස්ගතව සිටියත් බොස්ටන් ලංකා වෙත ඔහු සිය මේ පිළිබද අදහස් පළ කළේ මෙලෙසිනි.
“ආර්යා පදනම ක්‍රියාත්මක වෙන්නේ කිසිදු දේශපාලන අරමුණකින් හෝ දේශපාලන හස්තයකින් නෙවෙයි. මෙහි සාර්ථකත්වය ද එයයි.
ස්වේච්ඡාවෙන් එකට එකතු වූ අවංක මිනිස් කැලකගේ වෙහෙස මහන්සිය වසර 08ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන ඒම පහසු කාර්්‍යයක් නෙවෙයි.
අද රෝහල් ඇදන් මත රෝදපුටු මත තාරුණ්‍යය ගෙවා දමන සෙබළුන් වගේම දෑස් අද සෙබළුන් වෙනුවෙන් ආබාධිත රණවිරු පුස්තකාල ව්‍යාපෘතිය දියත් කිරීම පසුගිය සේවාවන් අතර විශේෂයි.පශ්චාත් යුධ සාහිත්‍යයක් ගොඩ නැගීම සදහා තැබූ ශක්තිමත් පියවරක් ලෙසින් එය හදුන්වන්න පුළුවන්.
අතීතය සහ වර්තමානය සියලු දේ අමතක කරන ශ්‍රී ලාංකික ජාතියට තමන් වෙනුවෙන් දිවි පුද කළ සෙබළුන් හට කෘතගුණ දැක්වීමේ වගකීම සිහිපත් කරවන ආර්යයන්ගේ සේවය උතුම් ආදර්ශයක්.”
BY: Nirosha Piyawadani
බොස්ටන් ලංකා විශේෂ වාර්තාකරු
සන්නිවේදන විෂය ක්ත‍්‍රයේ ප‍්‍රාමාණික විද්වතෙකු වන ඔහු, ඒ හා සම්බන්ධව විවිධ වූ පර්යේෂණ රැසක් සිදුකළ අයෙකි. මහා සමයම දෘෂ්‍ය කාව්‍ය නිර්මාණය තුළින් පේ‍්‍රක්‍ෂකයන් අතර කතාබහට ලක්වූ ඔහු නමින් මහාචාරය ආරියරත්න ඇතුගලයන් ය. එතුමන්ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘මහාසුපින’ මේ මස 05 වන දින සවස 5.30 කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේදී රංග ගත වේ.
ඔබගේ නවතම නාට්‍යය පිළිබඳ මුලින්ම අපට පැහැදිළි කිරීමක් කළොත්?
මගේ මෙවර නිර්මාණයට පාදක වෙන්නේ ජාතක කතා පොතේ එන මහාසුපින කියන ජාතය. මේ ජාතකයේදී සිහින දහසයක් ගැනයි සාකච්ඡා වෙන්නේ. මේ සිහින වලින් අපේ මානව ධර්මතා, අපි හිතන ආකාරය, අපේ වර්තමානය සහ අනාගතය සම්බන්ධයෙන් වැදගත් හෙළිකිරීම් ගණනාවක් සිදුකරනවා. මේ නිසා මේ ආශ‍්‍රයෙන් නිර්මාණක් කළ යුතුයි කියන අදහස මගේ සිතට නැඟුනා.

ඔබ නැවතත් අතීතයට ගොස් වස්තුබීජ හොයා යාමක නිරතවෙනවා. මේකට හේතුව මොකද්ද?
මම විශ්වාස කරන ආකාරයට නූතන ඥාණය හොයාගැනීමට පුළුවන් එක ප‍්‍රදේශයක් තමයි සාම්ප‍්‍රදායික නැත්නම් පැරණි දැනුම. මේ දැනුම දීර්ඝ කාලීනව පැවත එමින් මනාව ඔපමට්ටම් වුන එකක්. මේ සාම්ප‍්‍රදායික කලාව තුළ ඉතා ගැඹුරු මානව සම්බන්ධතා රැසක් අපිට අත් දැකීමට හැකියාව ලැබෙනවා. අපේ පැරණි සාහිත්‍ය කෘති අතරින ජාතක පොත කියන්නේ ඉතා වැදගත් මෙන්ම සාරගර්භ සාහිත්‍ය කෘතියක්. ඒ වගේම මේ කෘතියේ තියෙන විශේෂත්වය තමයි පශ්චාත් නව්‍ය අදහස් පවා මේ කෘතියේ අන්තර් ගත වීම. මේ නිසා පැරණි ලියවිල්ලක් වුනත් වර්තමානයටත් මේ ලිවීමේ වල වලංගු භාවක් පවතිනවා. ඒ වගේම මේ ජාතක කතාවේ ඇත්තටම කතාවක් නෑ. මේ නිසා කතාවක් විදියට මේ ආකෘතියම නවිනයි කියල තමයි මගේ අදහස.

සාහිත්‍යමය ලියවීමක් නාට්‍යකට පෙරළීමේදී ඔබ මොනවගේ ශිල්ප ක‍්‍රමද භාවිත කිරීමට යොමුවුනේ?
මේ නාට්‍යයේ අපිට සම්මත නාට්‍ය වල දකින්නට ලැබෙන රේඛීය ලක්‍ෂණ දකිනිට ලැබෙන්නේ නැහැ. විවිධ කලා ආභාෂයන් ලැබූ දේවල් මේ නිර්මාණයේ අඩංගු වෙනවා. මේ නිසා මූලික වශයෙන් නාට්‍ය ධර්මය මත පිහිටා වගේම ඉන් බැහැරවත් සමහර ශිල්ප ක‍්‍රම භාවිත කිරීමට යොමුවෙනවා. මේ නිසා සාම්ප‍්‍රදායික නාට්‍ය වර්ග කිරීම අනුව මේක නාට්‍ය ධර්මී නාට්‍යයක් හෝ ස්වභාවික වගේ නාට්‍ය වර්ග කිරීමකට කොටු කිරීමටත් මට හැකියාවක් නැහැ. මේක හුදෙක් නාට්‍යමය ප‍්‍රකාශනයක් විදියට තමයි හැඳින්වීමට පුළුවන් වෙන්නේ.

ඔබගේ මේ නිර්මාණය වැඩෙන්නේ විශ්වවිද්‍යාල පරිසරයේ වගේම එයට වැඩි දායකත්වයක් දක්වන්නේද විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්. මෙහි විශේෂත්වයක් පවතිනවද?
වසර ගණනාවක විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙක් විදියට මම ලබපු අත්දැකීම තමයි මේ වශ්වවිද්‍යාල විද්‍යාථීන් සහ බාහිර සමාජය අතර නිර්මාණය වී ඇති විශාල පරතරය. මේවැනි පරතරයක් ඇතිවීමට හේතු වී ඇත්තේ මේ දෙපිරිස අතර නිසියාකාර සන්නිවේදන කාර්යයක් නොතිබීම. මේ නිර්මාණය හරයා මේ බාහිර සමාජය කියැවීමක නිරතවීමට අවකාශය ලබාදීමක් ද වෙනවා. එයින් මේ පරතරය යම් ආකාරයකට පිරවීමකට උත්සහ කිරීම එක් උත්සාහයක්. මේක ඇත්තටම එක්තරා අාකාරයකට සංස්කෘතික කාර්යයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මීට අමතරව අද විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සාම්ප‍්‍රදායික දේශන ශාලාවට, දේශනයට, සටහනට කොටුවී ඇති තත්ත්වයක් නිර්මාණය වී තියෙනවා. මේ නිසා මේ සටහන් කියවන සම්ප‍්‍රදායෙන් විද්‍යාර්ථීන් බැහැරට අරගෙන සමාජීය කාර්යයන් වෙනුවෙන් මැදිහත් වන, ඒ සම්බන්ධයෙන් සැබෑ හැඟීමක් ඇති, පෞරුෂයෙන් යුක්ත පිරිසක් නිර්මාණය කිරීමත් මේ කාර්යයේ එක අරමුණක් වෙනවා. මේ කාර්යය නාට්‍යමය ආවේශයක් මඟින් සාර්ථකව කළහැකිය කියන විශ්වාසය මා තුළ පවතිනව.

ඔබගේ ‘මහසමයම’ නිර්මාණය සාමාන්‍ය ජනතාවගෙන් බැහරව විශේෂිත පිරිසකගේ අවධානයට පමණක් යොමුවූ නිර්මාණය බවට පත්වුනා. මේ නිර්මාණයක් ඒ වගේද?
මම නම් කොහෙත්ම ඔය අදහසට එකඟ වෙන්නේ නැහැ. මොකද අනුරාධපුරය වගේ ඉතා දුර පළාත්වල ඉදන් බස් පිටින් මගේ ‘මහසමය’ නාට්‍ය බැලීමට පැමිණියා. සාමාන්‍යයෙන් මේ වගේ නාට්‍යයක් අවුරුද්දකට දර්ශණ වාර දහයක් පවත්වන්නේ නැහැ. මම ඒ කාර්යය කළා. හිස් පුටුවලට නෙවේ. සම්පූර්ණයෙන්ම සෙනඟ පිරිල ඉන්න ෙප්‍ර්ක්‍ෂකාගාරයකට. සමහර විදේශීය රටවල ප්‍රේක්‍ෂකයන් මහසමයම නාට්‍ය පෙන්වන දිනය බලල ලංකාවට ඒමේ ප‍්‍රවණතාවක් පවා ගොඩනැ`ගුනා. මේ නිර්මාණය සමඟ රසය හොයන, අලූත් අදහස් හොයන, ඒ පිළිබ`දව හැ`ගීමක් ඇති පිරිස් මගේ නිර්මාණ වටා එක්වීම සිදුවුනා.

එතකොට ජංගම නාට්‍ය කලාව ඔබ විශ්වාස කරන්නෙ නැද්ද?
ඇත්තටම ලෝකෙ සාකච්ඡා කෙරෙන්නේ ජංගම නාට්‍ය නෙවේ. මම මේකෙන් කොහෙත්ම අදහස් කරන්නේ නෑ ජංගම නාට්‍ය කලාව වැරදියි කියල. උදාහරණයක් විදියට අපි රුවන්වැලි සෑය වදින්න යනවනම් ඒ වෙනුවෙන් කාලයක් වෙන්කරගෙන, භක්තියෙන් අවබෝධයක් අතිව තමයි යන්නේ. දැන් ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි ඔපෙරා හෝ ලන්ඩන් ඔපෙරා ගත්තොත් ඒ නිර්මාණ එකම රඟහලක තමයි පවතින්නේ. ඒ වෙත විවිධ විවිධ පරිස් පැමිණීමයි සිදුවෙන්නේ. මේ වගේ සංස්කෘතියක් අපේ රටේද නිර්මාණ විය යුතුයි කියලයි මම හිතන්නේ.

ඔබේ ‘මහසමයම’ නාට්‍ය මඟින් ලංකාවේ නාට්‍යකලාවේ යම් වෙනසක් සිදුවුනා කියන අදහස ඔබට තියෙනවාද?
ඒ සම්බන්ධයෙන් අදහසක් නෙවේ, සාක්‍ෂි තියෙනවා. ලංකාවේ හිටපු සහ දැනට ජීවත්වන ප‍්‍රධාන පෙළේ උගතුන් මේ සම්බන්ධයෙන් විවිධාකාර ලියවීම් වලින් සාධනීය කාරණා මතුකර තියෙනවා. අනිත් පසින් මේක නරඹපු පිරිසකගේ අත්දැකීම් සහ ඒ අයගේ අදහස් තාමති සමාජයේ තියෙනවා. මේ නිසා මේ නිර්මාණයේන ලබපු අත්දැකීම් හුළගේ ගිහින් නැහැ. මේ නිර්මාණ නැවත් පෙන්වීමට හෝ ඒ පිළිබ`ද කතාබහක් සමාජය තුළ නොවීම නිසා මේ නිර්මාණ මිය යාමේ තත්ත්වකට පත්වී තියෙනවා. අද මමත් ඒ ඛෙදවාචකයට අහුුවුණු නිර්මාණකරුවෙක්.
පාලිත අබේලාල්
Motorbike rider A.D Sampath Udaya Kumara is an upcoming race rider who has lots of potential to do well in Sri Lanka and at the international levels. A past pupil of the Kirinda Puhulvalla Central Collage, Sampath has done motorbike stunts in two films and has taken part in several motor bike races in Sri Lanka.

This 38 years old rider started his racing career in 2010 by participating in Calton motorcycle event in Thissamaharama, Sri Lanka. After that event he has taken part in many track events such as Udavalava race, Fox Hill race, Diyathalava motorcycle event, AMA and Nuwara Eliya race.
His dare devilled attitude for life has made him do motorbike stunts and the experience in doing stunts in one Sinhala film and Indian film has created more interest in getting engaged in track events and other races. At present he is working at the Sri Lankan Port Authority and has been an employee for 11 years. He is a member of the Sri Lankan Port Authority Sport Club and the Club plans to sponsor him for few races in 2018. These days he is busy practicing to do a backward roll stunt for the first time in Sri Lanka.

He hopes to visit USA to watch some motorbike racing events and get trained in USA on flat track or 10 training tracks. He is slowly building a fan base who appreciate and enjoy his extraordinary stunts and the passion he shows on the track. He was also adored by the Sri Lanka motor racing fraternity as a kind hearted and fun loving person.
BY: Nirmali Vandergert
By: Palitha Abelal
කොළඹ සෞන්දරය කලා විශ්වවිද්‍යාලයීය නර්තන හා නාට්‍ය කලා පීඨයේ මුද්‍රා නාට්‍ය හා නර්තන අධ්‍යයන අංශයේ තෙස්පියන් නාට්‍ය සංගමය විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන ‘‘ඇකඩමික් තෙස්පියන් නාට්‍ය උළෙල’’ මේ මස විසිවනදා (20) සිට විසි හයවනදා (26) දක්වා විශ්ව විද්‍යාලයීය පරිශ‍්‍රයේදී පැවැත්වේ. මෙහිදී දිගු නාට්‍ය පහක්, කෙටි නාට්‍ය හයක් මෙන්ම බැලේ දර්ශන දෙකක් සවස 3.30 ට සහ 6.30 ට වේදිකා ගතවීමටය නියමිතය.


වර්තමානය වනවිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඇකඩමික් තෙස්පියන් නාට්‍ය නිෂ්පාදන දිවයිනේ ප්‍රධාන ධාරාවේ නාට්‍ය නිර්මාණ අතර වැදගත් තැනක් හිමිකොටගෙන ඇත. අංකුර කලාකරුවන්ට මනා පිටුවහලක් වන්න වූ ජාතික නාට්‍ය උළෙල හා යෞවන සම්මාන උළෙලයන් හිදී අවසන් වසර කීපය තුළ කෙටි නාට්‍ය අංශයේ හොඳම නිෂ්පාදනය සඳහා වූ සම්මාන හා නිර්දේශයන් ද රාජ්‍ය නාට්‍ය උළෙලේදී දිගු නාට්‍ය, විශිෂ්ඨ නිර්මාණ සඳහා නිර්දේශ වී සම්මාන දිනා ඇත. විශ්වවිද්‍යාලයක් වශයෙන් තම අභිමුඛ පර්යේෂණ කටයුතුවල නියැලෙමින් ලෝක නාට්‍ය කලාවේ සම්භාව්‍ය නිර්මාණ හා විද්‍යාර්ථයින්ගේ ඥාණ ගවේශණය මඟින් නිර්මාණය කරනු ලබන ස්වතන්ත්‍ර නිර්මාණ නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛ ආයතනයක් ලෙස සුවිශේෂී ස්ථානයක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ලබා සිටී. ඒ වෙනුවෙන් ශිල්ප ඥාණනය කරනු ලබන විද්‍යාර්ථින් ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇකඩමික් තෙස්පියන් නාට්‍ය උළෙල සිදුකරණු ලබයි.


20 වනදින මුහුරත් උළෙල මෙන්ම සමාරම්භක උළෙල පැවැතිවෙන අතර, 21 වන දින ධනුෂිකා දිසානායකගේ ‘‘බර්නාඩාගේ සිපිරිගෙය’’ නාට්‍යය, 22 වන දින සවස 3.30ට එච්. එස්. එස්. මධුරංගගේ ‘‘පිනෝකියෝ’’, භානු සුදාරකගේ ‘‘pyar’’, කේ. සී. උක්වත්තගේ උතුරුකුරු දිවයින යන කෙටි නාට්‍ය ත‍්‍රිත්වය සහ එදිනම සවස 6.30 ට මුද්‍රා නාට්‍යයක් වේදිකා ගතවේ. 23 වන දින සවස 6.30ට කසුන් උක්වත්තගේ ‘‘හිරු නොදුටු මිනිස්සු’’ නාට්‍යද, 24 වන දින සවස 3.30ට ‘‘funaral’’, කසුන් තාරකගේ ‘‘future’’ සහ ධනුෂිකා දිසානායකගේ ‘‘ඉන්නෙක් ඇය සහ මම’’ යන කෙටි නාට්‍ය ත‍්‍රිත්වය සහ සවස 6.30 ට ‘‘X- නගරය’’ යන නාට්‍ය වේදිකා ගතවේ. 25 වන දින ආර්.එම්. උෂාන් පෙරේරගේ ‘‘මායාබන්ධන’’ (The Crusibal) සහ 26 වන දින රංග මනුප‍්‍රියගේ ‘‘ප‍්‍රපාතය ළග වනස්පතිය’’ නාට්‍ය වේදිකා ගතවේ.


BY: සංඛ රඹුක්වැල්ල
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කාරණය අද වන විට කෙතරම් සත්‍ය දැයි යලි යලිත් ප්‍රශ්න කළ යුතු මට්ටමට පැමිණ ඇත.ඒ මන්ද යත් එකී අදහස මුසාවක් කරමින් විවිධ ක්ෂේත්‍රයන් තුළ එක් අයෙකු එක හා සමාන ලෙස දස්කම් දක්වන්නේ නම් ඇතැම් විට එය ඔහුගේ හෝ ඇයගේ වාසනාව වන්නට පුළුවන.එසේත් නැතිනම් දක්ෂතාවය මත ගොඩනැගුණු වාසනා ගුණයක් වුවද විය හැක.ඉහත දැක් වූ කුමන ආකාරයට හෝ ඇය ක්ෂේත්‍ර කිහිපයක එක හා සමාන ලෙස දස්කම් දක්වයි.නමින් ඈ ඉෂානී සන්දනායක ය.වෘත්තියෙන් බැංකු නිළධාරිණියක වන ඈ ගායිකාවකි.නිවේදිකාවකි. ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයකින් ම රසික ඔබ අතරට පැමිණෙන ඈ අද බොස්ටන් ලංකා කතා බහ හා එක් වේ.
කොහොමද ඉෂානී. මොනවද අලුත් තොරතුරු ?
හොඳයි,හොඳින් ඉන්නවා. රැකියාවේ වැඩකටයුතු එක්ක සංගීතමය වැඩකටයුතුත් සමබරව කරගෙන යනවා ඉතින්


කියන්නකෝ ඔබ ගැන විස්තර ටිකක් ?
මම දැනට රැකියාව කරන්නේ දෝහා කටාර් වල බැංකුවක.මම ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ වසර අටක පලපුරුද්ද සමගින් තමයි දොහා කටාර් වල බැංකු ක්ෂේත්‍රයේ රැකියාවට එන්නේ.මගේ කුඩා කාලය ගැන කතා කලොත් මම පාසල් යන කාලයේ ඉඳලා තමයි සංගීතයට යොමු වෙන්නේ. පස්සේ මම සංගීතය මාලනී බුලත්සිංහල මහත්මියගෙන් ඉගෙනගන්නවා.උසස් පෙල විභාගයෙන් පස්සේ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවට යොමුවෙන නිසා සංගීතය ඉගෙන ගැනීම සහ සංගීත කටයුතු වල නියැලීම මගෙන් මග හැරෙනවා.රැකියාවේ තියෙන කාර්යබහුල බවත් එක්කම.
ඔබ කොහොමද නැවත ආයෙමත් සංගීත ක්ෂේත්‍රයට යොමුවෙන්නේ ?
ඔව් මම දෙදාස් දොළහේ තමයි කටාර් වලට එන්නේ.කටාර් වලදි රැකියාවේ කටයුතු හවස තුන වෙනකොට ඉවර වෙනවා.දැඩි කාර්යබහුල බවකින් මම මිදෙනවා ඒ නිසා.ඒ එක්කම පුහුණුවීම් පටන්ගෙන නැවතත් සංගීතයට යොමු වෙනවා. එහෙම යොමුවෙන්න තවත් එක හේතුවක් තමයි කටාර් වල ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් සංවිධානය කරන විවිධ ප්‍රසංග වල නිවේදන කටයුතු වලට සහ ගීත ගායනා කටයුතු වලට දායක වෙන්න ලැබීම.ඉතින් මේ හැමදේමකම ප්‍රතිපලයක් විදිහට මම මගේම කියලා ගීත පහක් නිකුත් කිරීම දක්වා ඉස්සරහට එනවා.

ඔබ කෙරුව අලුත් ගීත ගැන කීවොත් ?
ගිය අවුරුද්දේ තමයි මම මගේ මුල්ම ගීත කිහිපය කරන්නේ.ඒ ගීත කිහිපයෙන් එක් ගීතයක් සංගීත වීඩියෝවක් එක්කයි කළේ.ලංකාවේ රූපවාහිනී නාලිකා කිහිපයකම ඒක විකාශනය වුණා.ඒ වගේම මම අදහසක් තිබුණා මම කරන හැම නිර්මාණයක්ම ලංකාවේ සිටින ප්‍රවීණ සහ දක්ෂතම සංගීත අධ්‍යක්ෂකවරුන් හා ගී පද රචකයන් අතින් නිර්මාණය කරගන්නවා කියන එක. ඒ අදහස එක්ක මම මුලින්ම ගීතයක් කරන්න හිටියේ අරුණ ගුණවර්ධන මහත්මයා එක්ක.ඒ ගීතයේ පද රචකයා වුණේ මගේ ආදරණීය සැමියා.ඒ ගීතය කරන්න ටිකක් පමා වුණා.ඒ අතරේ මගේ සැමිය ම පද රචනය කරපු මේ හේතුව කියන ගීතය තමයි මම මුලින්ම නිර්මාණය කරපු ගීතය.එම ගීතයේ සංගීත අධ්‍යක්ෂකවරයා වුණේ දර්ශන වික්‍රමතුන්ග මහත්මයා.ඊට පස්සේ කැලුම් ශ්‍රීමාල් මහත්මයාගේ පද රචනයකට උදාර සමරවීර මහතා සංගීත අධ්‍යක්ෂණය කරපු ඔබට මා මෙන් කියන ගීතය නිර්මාණය කරනවා.ඒක තමයි මගේ පළවෙනි මියුසික් වීඩියෝ එක වෙන්නෙත්.ඊට අමතරව කීර්ති පැස්කුවෙල් මහත්මයා එක්ක යුග ගායනයක් කරන්න මම වාසනාවන්ත වෙනවා.ඒ ගීතයේ පද රචනය කරන්න බන්දුල නානායක්කාරවසම් මහත්මයා.ඒ වගේම එහි සංගීත අධ්‍යක්ෂණය කළේ දර්ශන වික්‍රමතුංග මහත්මයා.ඊට අමතරව නයනසේන වන්නිනායක මහතා ලීව රෝහණ වීරසිංහ මහතා සංගීත අධ්‍යක්ෂණය කරපු ගීත “මේ ගෙවෙන්නේ” කියන ගීතයත් වෙනස් ආරක ගීතයක්.ඊට අමතරව දර්ශන රුවන් දිසානායක මහතා සහ සමන්ත පෙරේරා මහතා සමඟ කළ ගීත කිහිපයකුත් සහ රාජ්‍ය සම්මානලාභී අසංක රුවන් සාගර මහත්මයා ලීව පද රචනයක් ඇතුළුව නව ගීත කිහිපයක් ඉදිරියේදී එළි දක්වන්න නියමිතයි.
මේ දේවල් වලට ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
ඇත්තටම ඉතා විශාල සහයෝගයක් ලැබෙනවා.මගේ ස්වාමියා වන මංජුල සන්දනායක ඉතා දක්ෂ ගී පද රචකයෙක්.කාර්ය බහුලත්වයත් එක්ක ඔහුට ගී පද රචනයේ යෙදෙන්න අවස්ථාවක් නොලැබුණත් ඔහු ඉතා සුන්දර සංකල්පනා ගොඩ නගන්නෙක්.ඉතින් අපි දෙන්නම ගමන් කරන්නේ එකම පාරක නිසා ඒ ගමන හරිම පහසුයි.මේ හැමදේකම ශක්තිය වෙන්නේ ඔහුයි.

ලංකාවට නැවත පැමිණීමේ අදහසකින් ද ඔබ මේ වනවිට පසුවන්නේ ?
ලංකාවට නැවත පැමිණේවි දවසක.ඒත් ඒක ළඟදි වෙයිද කියන්න බැහැ.සමහරවිට තව අවුරුදු දෙක තුනකින් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.ඒත් මම මෙහෙ ඉඳලා කරන කලා වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කරගෙන යනවා.ඊට අමතරව අපි කටාර් වල සංගීත ප්‍රසංග සංවිධානය කරනවා අපිම බිහිකරගත්ත කලා කවයකින්.එකේ නම සිසාරා ආර්ට් සර්කල්.ඉතින් ඒ වගේ වැඩ කටයුතු අපි කොහේ හිටියත් කලාව වෙනුවෙන් ඉටු කරයි.
විශේෂයෙන් ස්තූති කළ යුතු අය ඉන්නවද ?
විශේෂයෙන් ස්තූතිකරන්න ඕන අය බොහෝමයක් ඉන්නවා.මගේ අම්මා,මගේ පාසල ගමිපහ සිරිකුරුස විද්‍යාලය ගුරුවරුන්,මගේ ස්වාමි පුරුෂයා.ඒ වගේම දොහා වල ජානක සමරගුණරත්න,බාචි,ප්‍රවීන්,ගයාන් රුක්ෂාන්,කුමුදු ෆොන්සේකා,පැන්ටලීන් පෙරේරා,මන්ජුල ජයවර්ධන. ඒවගේම ලංකාවේ අරුණ ගුණවර්ධන,කීර්ති පැස්කුවෙල්,අසංක රුවන් සාගර ,තරංගී අතුරුලිය,සුරනිමල ජිනේන්ද්‍රසිංහ,තිසංක හේවාවැල්ලල,දර්ශන වික්‍රමතුංග,උදාර සමරවීර,රයන් උද්දික,යසරත් කමල්සිරි වගේම අබුඩාබි වල නයනසේන වන්නිනායක මහත්මයාවත් ඉතාලියේ හෂාන් ජයවර්ධනවත් මතක් කරන්න ඕන